
කිරිබත්ගොඩ විහාරමහාදේවි බාලිකා විද්‍යාලයේ උසස් පෙළ කලා අංශයේ ශිෂ්‍යාවක වූ අනුදි නිසල්යා වීරසිංහගේ -නිසල්යා '18- කුළුදුල් ජායාරූප ප්‍රදර්ශනය 5 වැනිදා කොළඹ 7 හෝර්ටන් පෙදෙසේ ජේ. ඒ. ඩී. පෙරේරා කලාගාරයේ දී ඇරඹුණු අතර (07) අද දක්වා පැවැත්වේ. පළමු දින ප්‍රධාන ආරාධිතයා ලෙස ප්‍රවීණ නිවේදක හේම නලින් කරුණාරත්න මහතා, කිරිබත්ගොඩ විහාරමහාදේවි බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය ඇතුළු පිරිසක් අතින් ප්‍රදර්ශනය විවෘත විණි. සෑම දිනක ම පෙරවරු 9. 30 සිට පස්වරු 7.00 දක්වා එය විවෘතය. අනුදි නිසල්යා වීරසිංහ මීට පෙර ජායාරූප තරග කිහිපයකින් ම ජයග්‍රහණ ලබා සිටී.
වෙසක් උළෙල නිමිත්තෙන් යශෝදරා
බෞද්ධ සාහිත්‍යාගත සිද්ධාර්ථ යශෝධරා පූජනීය ප්‍රේම වෘතාන්තය වු මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ බිම්බා දේවී හෙවත් යශෝධරා චිත්‍රපටය වෙසක් උළෙල නිමිත්තෙන් අප්‍රේල් 26වැනිදා සිට දිවයින පුරා ඊ.ඒ.පී සිනමාහල්වල තිරගතවෙයි.
සරසවි සිනේරු වෙනුවෙන් එච්. ඩී ෙප්‍ර්මසිරි නිෂ්පාදන කරන මේ චිත්‍රපටයේ සම නිෂ්පාදනය කුමුදුනී ඩයස් හපුතන්න්‍රි , චන්ද්‍ර හපුතන්ත්‍රිය. පල්ලවී සුභාෂ්, ඒ චෞද්රි යන භාරතීය නළු නිළි යුවළ සමග දිනෙත්ද සිල්වා , කමල් දේශප්‍රිය, අජිත් වීරසිංහ, සංගීතා තදානි, ශම්මු කසුන්, නෙත්සුක මුළුතැන්රාළ, තුමිඳු දොඩංතැන්න, උදාරි පෙරේරා, හේෂාන් මනුල, විල්සන් ගුණරත්න, රුචී ලක්මාලි සෙසු චරිත රඟපාති.
මේ චිත්‍රපටයේ ගේය කාව්‍ය රචනය, සංවාද රචනය, තිර රචනය සම්මානනිත මහාචාර්ය සුනිල් ආරියරත්නගෙනි. චන්න දේශප්‍රිය, කැමරා අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටයේ සංස්කරණය රුක්මල් නිරෝෂ්ගෙනි. විමල් දේශප්‍රිය සහාය අධ්‍යක්ෂවරයාය,ආචාර්ය රෝහණ වීරසිංහ සංගීත අධ්‍යක්ෂවරයාය. ගායනා හඳුන්වාදෙන ඩිලාන් කරුණාරත්න, අසංක ධනංජය ලියනාරච්චි, ඉනෝකා අහංගම සමග ආචාර්ය විශාරද නන්දා මාලනීගෙනි. නර්තන අධ්‍යක්ෂණය චන්දන වික්‍රමසිංහ,නිෂ්පාදන සැලසුම්කරණය මනෝහරි හේවාවසම්, ප්‍රියන්ත දිසානායක වේශ නිරූපණය කළ මේ චිත්‍රපටයේ වස්ත්‍රාභරණ නිර්මාණය තිළිණ හෙට්ටිගමගේගෙනි. නිෂ්පාදන සම්බන්ධීකරණය ඒ.ඩී රන්ජිත් කුමාර සහ නිමල් විජේසිරිගෙනි.
මහරගම රඟසොබා ප්‍රසංගයෙන්...
මහරගම ප්‍රාදේශීය කලා කරුවන්ගේ සංස්කෘතික බල මණ්ඩලය සංවිධානය කරන ලද ‘මහරගම රඟ සොබා‘ ප්‍රසංගය මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංධ්වනි ශාලාවේදී පැවැත්විණි. මහරගම දිස්ත්‍රික්කයේ සියලුම කලාකරුවන් හා කලායතන සිසු සිසුවියන් රංගන ශිල්පීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු මෙම ප්‍රසංගයේදී රංගන ශිල්පිනී සඳසීලී ප්‍රනාන්දු මහත්මිය 70 දශකයේ රුක්මණී දේවිය මෙන් ඉදිරිපත් කළ රංගනය කාගේත් සිත්ගත් අංගයක් විය.
එම රංගනය වෙනුවෙන් සඳසීලී කලාකාරිනිය ඇගයීමේ සහතික පත්‍රය ලබාගත් අවස්ථාව සහ ඇය රංගනය ඉදිරිපත් කළ අවස්ථාවයි මේ.
ආත්ම දෙකක පෙම්වතිය ඔබේ නිවසට එයි
පුනරුප්පත්තිය තේමා කොටගත් අතිශය ජනප්‍රිය හින්දි චිත්‍රපටය මධුමති පෙන්වා දැනට වසර 57ක් ඉකුත්ව තිබේ. ඉන් ඇසුණු මියුරු ගීත මෙන්ම හදවත සසල කරවන කතා පුවත තවමත් අප මතකයෙන් ගිලිහී නොමැත. බිමල් රෝයි අධ්‍යක්ෂණයකළ මධුමතී චිත්‍රපටයට සංගීතය සැපයූවේ ෂලීල් චෞදිරි විසිනි. වෛජන්තිමාලා, දිලීප් කුමාර්, ප්‍රාන් , ජොනි වොකර්, ජයන්ත් රඟපෑ එම චිත්‍රපටයට සිංහල හඬ කැවූ සංඛ්‍යාන තැටි ආත්ම දෙකක පෙම්වතිය නමින් දැන් නිකුත්ව ඇත. ඩබ්ලිව්. ජයසේන ද අල්විස් (ජයනන්ද) වෙනුවෙන් මෙහි දෙබස් පරිවර්තක හා සිංහල හඬ කැවීමේ අධ්‍යක්ෂවරයා රූපසේන සිල්වාය. ඔහු ප්‍රවීණ සිනමා ලේඛකයකු හා ග්‍රන්ථ කතුවරයෙකි. විමසීම් 0112-347468
ඡායාරූප හා චිත්‍ර ප්‍රදර්ශනය අදත්
මහජන බැංකුවේ සේවයේ නියතු ඩබ්ලිව්. එම් අමල් දර්ශන විසින් පවත්වනු ලබන“ Silent“ ඡායාරූප හා චිත්‍ර ප්‍රදර්ශනය පසුගිය 05 වැනිදා කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ දෘශ්‍ය කලාපීඨයේ ජේ. ඩී. ඒ පෙරේරා ශාලාවේදී ආරම්භ කළ අතර එය අදත් ( 07) පැවැත් වේ. නිශ්ශබ්දතාවය තුළින් පරිසරයේ අලංකාරය රස විදිය හැක යන්න තේමා කරගනිමින් දර්ශන මහතා පවත්වනු ලබන ප්‍රථම ඡායාරූප හා චිත්‍ර ප්‍රදර්ශනය ද මෙය වේ.