
ජගත් සමන්ත කියන්නේ මොරටුව කොරලවැල්ලේ කලාකරුවන්ගෙන් පිරි භූමියක උපන් තරුණයෙක්. කුඩා කාලයේ ඉඳලා විවිධ කලා හැකියාවන් තිබුණත් ඔහුට ඊට එහා ගිය ආර්ථික ප්රශ්න නිසා කලාවට වඩා ජීවිතය ගොඩගන්න සිදුවෙනවා. හැබැයි මොන ප්රශ්නේ ආවත් ඔහු කලාව අත්හරින්නෙත් නැහැ.
ඒ සඳහා ඔහු සමාජ වෙබ් අඩවිය එහෙම නැත්නම් තමන්ගේ ෆේස්බුක් එක හරහා නිර්මාණ කරණයේ නියැලෙනවා. එහෙම දිගින් දිගට නිර්මාණ කරද්දි තමයි දිනේෂ් තමන්ගේ මුහුණු පොතේ මිතුරෙක් බවට පත්වෙන්නේ.
ඒ දෙන්නගේ මිතුරුකම වසර දෙකකටත් වඩා ගියත් කවදාවත් දැකලවත් නැහැ. නමුත් හැමදාම මේ දෙන්නා මුහුණු පොතේ යාළුවෝ විදියට කලාව, නව නිර්මාණ ගැන කතා කරනවා.පල්ලියේ ගීතිකා ගැන කතා වෙනවා. මෙහෙම කාලය ගතවෙද්දි දවසක් දිනේෂ් සමන්තගෙන් ඉල්ලීමක් කරනවා නත්තලට ගීතයක් ලියල දෙන්න කියලා.
මේ වෙන කොට සමන්තගේ මෑණියන් මිය ගිහින් මාස යක් නැහැ. සමන්ත ඉන්නේ ඒ මනසත් එක්ක, ඒ නිසා සමන්ත මීට කලින් තමන් සේනානායක වෙරලියැද්ද මහත්තය වෙනුවෙන් රචනා කළ ‘හා හා නත්තල්- ආසිරි නත්තල්‘ ගීතය රචනා කරද්දි ලියපු වෙනත් ගීත කිහිපයක් යවනවා. ඉන් එක ගීතයක් දිනේෂ් තෝර ගත්තත් කැමැත්තෙන් නෙවෙයි කියන එක සමන්තට තේරෙනවා.
ඒ නිසාම සමන්ත තමන්ගේ සාප්පුවේ කැෂියර් එකේ වාඩි වෙලා ඉන්න ගමන් පදවැල් ටික ගැට ගසලා දිනේෂ්ට යවනවා. පද ටික යවලා කෙටි වෙලාවයි ගත වෙන්නේ, දිනේෂ් ලියලා එවනවා බිළිදෙක් ලෝකය කළඹන්නේ“මම ළගදිම හමුවන්න එනවා කියලා.එතකොට මට හිතුණා දිනේෂ් සිංදුවක් කරන්න හදනවා ඇති කියලා.ඒත් දිනේෂ් ගීත ගායනා කරනවා කියලවත් මම දැනගෙන හිටියේ නැහැ.
අද වෙන කොට මේ ගීතය යූ ටියුබ්වල ගියත් මේ ගීතය ගායනා කරන “දිනේෂ්, මම, මියුසික් කරපු ෂමල් ගයාන් කවදාවත් මුණ ගැසිලත් නැහැ.ඒ නිසා මේ නත්තලේදිවත් අපිට ඒ වාසනාව උදා වේවි කියලා බලාගෙන ඉන්නවා“.
තරුකැට විසිරුණු රෑ අහසේ
අමුතුම තරුවකි පායන්නේ
ලොව නිදිගත් නිසසල යාමේ
ඉපදුනි දෙව් පුත් බෙත්ලෙහෙමේ
මිහිරි ගීත ගයනිය සුර සේනා
ගුවනේ රැව්දේ ඒ ගී නාදේ //
මිහිමත රජ මන්දිර යති පුපුරා
බිළිදෙක් ලෝකය කළඹන්නේ //
ගොපලුන් එතුමන් දැක වැද වැටෙනා
මරිමව් උකුලේ හිනැහෙන්නේ
යමු අපි යමු අපි පාර අසලා
කවදද ජේසුව දැකගන්නේ.
ගායනය-දිනේෂ් රත්නසේකර
පද රචනය-ජගත් සමන්ත
සංගීත සංයෝජනය-ෂමල් ගයාන්