
අධ්‍යක්ෂවරයාගේ අපූරු රියැදුරා
සාමාන්‍යයෙන් කලාකරුවන් එක් වූ විට එතැන සොඳුරු රස සාගරයක් බවට පත්වෙනවා. මේ අතරතුර විවිධ අය මුහණ පෑ විවිධ සිදුවීම් ,රසකතා කරලියට එන්න ගත වෙන්නේ ඉතා සුළු කාලයක්. එලෙස පසුගිය දවසක මේ ආකාරයේ හමුවක දී ප්‍රවීණ අධ්‍යක්ෂවරයෙක් මුහුණ දුන්නු අපූරු සිදුවීමක් අපිටත් දැන ගන්නට ලැබුණා. ඒ තමයි උදයකාන්ත වර්ණසූරිය.
ඔහු සිංහල සිනමාවේ සිටින ප්‍රවීණතම සම්මානනීය අධ්‍යක්ෂවරයෙක්.කතාවෙ හැටියට නම් උදයකාන්ත ඔහුගේ ගම් පළාත වෙන බද්දේගම පැත්තෙන් ආධුනික තරුණයෙක් තමන්ගේ රියැදුරා වශයෙන් බදවාගෙන තිබෙනවා.
චිත්‍රපටයක දෙබස් කැවීමට දළුගම සරසවි චිත්‍රාගාරයට උදයකාන්ත මේ තරුණයත් එක්ක වාහනයේ ගිහින් ඒ කටයුතු නිම කරලා නිවෙසට එන්න පිටත් වන විට උදයකාන්තට හොඳටම නිදිමතයි. ඉතින් නින්දෙන් වගේ රියැදුරු තරුණයාට ඔතනින් වමට හරවන්න.
ඉන්පස්සේ දකුණට හරවන්න කියමින් අඩ නින්දේ විධි විධාන දෙමින් උදයකාන්තත් ඉදිරි අසුනේ සිට නින්දට වැටිලා. කොහොම හරි ඉතින් සෑහෙන දුරක් වාහනේ යනකොට උදයකාන්තට වාද්දුව හරියෙදි ඇහැරිලා. නුගේගොඩ නිවෙසට යන්න පිටත් වුණු ඔහුට තරු පෙනුණාලු. රියැදුරාගෙන් අහලාඇයි මේ කොහෙද මේ යන්නෙ කියලා. එවිට රියැදුරාගෙන් අපූරු උත්තරයක් උදයකාන්තට ලැබිලා.
'ඇයි සර්! සර්මනෙ මම හරවන්න ඕන තැන් අහද්දී කිව්වේ වමට හරවන්න දකුණට හරවන්න කියලා. ඉතින් සර් කියන හැටියට මම හිතුවේ සර් ගමේ (බද්දේගම) යනවා කියලයි. මොනව කරන්නද නින්දයාමේ ප්‍රතිපලනෙ කියලා උදයකාන්ත හතහදාගෙන නැවතත් වාහනේ හරවගෙන නුගේගොඩ එන්න පිටත් වුණාලු.
දු පුතුන් වෙනුවෙන් සුනිල්
සුනිල් ටී ප්‍රනාන්දු කිව්වම අටුවා ටිකා අවශ්‍ය නැහැ. මෙරට සිනමාවේ අනාගතය වෙනුවෙන් ඇපකැප වී කටයුතු කරන ප්‍රවීණතම නිෂ්පාදකවරයෙක්. පසුගිය දවසක සුනිල් ටී.ගේ 66 වන සිනමා නිර්මාණය සිනමා ශාලා 66 ක ප්‍රදර්ශන කටයුතු ඇරැඹුවා.
'ඒතමයි හීන හොයන සමනල්ලු'ළමා චිත්‍රපටය. මේ චිත්‍රපටය ගැන සුනිල් පවසන්නේ මෙවැන්නක්.'ළමා චිත්‍රපට නිර්මාණය කෙරෙහි මගේ අවධානය වඩාත්යොමු වුණේ මගේ පුතා රිකීගේ අභාවයෙන් පසුවයි.
මා නිෂ්පාදනය කළ ළමා චිත්‍රපට 'දෝණි', 'දරුවනේ', 'හෝ ගානා පොකුණ'වගේම 'හීන හොයන සමනල්ලු'ත් රිකී වෙනුවෙන් නිෂ්පාදනය කළේ. හීන හොයන සමනල්ලු මගේ 66 වන සිනමා නිෂ්පාදනය. මම ඉදිරියේ දී චිත්‍රපට හත්තෑවකට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්නට බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම හැම විටම තරුණ සිනමා නිර්මාණකරුවන් වෙනුවෙන් අත්වැලක් වෙමින් සිංහල සිනමාව වෙනුවෙන් වටිනා මෙහෙවරක් කිරීමයි මගේ ප්‍රාර්ථනය. විශේෂයෙන්ම දු පුතුන් වෙනුවෙන් හොඳ ළමා චිත්‍රපට නිර්මාණය කිරීමත් මගේ බලාපොරොත්තුවක්.
අනුරාධාගෙන් අලුත්ම ගී දෙකක්
අනුරාධා පෙරේරා කිව්වම ඇයව කවුරුත් හොඳින් හඳුනනවා.පරම්පරාවෙන් පරම්පරාවට කලාව උරුම කරගන්නට වාසනාවන්ත වූ ඇය මේ වන විට ජීවත් වන්නේ කැනඩාවේ. කෙටි නිවාඩුවක් වෙනුවෙන් ඇය නැවතත් ලංකාවට පැමිණ සිටින බව අපිට දැන ගන්නට ලැබුණා.
එනිසා අනුරාධාගේ නවතම කලා තොරතුරු විමසා බලන්නට අපි කටයුතු කළා.' ලංකාවට ඇවිත් දැන් මාසයක් පමණ වෙනවා. මේ දවස්වල අපිට වැකේෂන්. හැම වසරකම ලංකාවට එන්න අමතක කරන්නේ නැහැ.
මෙවර මගේ රසිකයන් වෙනුවෙන් නවතම ගීත දෙකක් මට ගායනා කරන්න පුළුවන් වුණා. සැනසුමක් නම් ඔබට මුනිවත...මක් කරන්නද හඬ හඬා... මේ ගීතය රචනා කළේ චාමික පෙරේරා. සංගීතවත් කළේ නාලක අංජන කුමාර. මේ ගීත ළඟදීම යූ ටියුබ් සහ නාළිකා ඔස්සේ රසිකයනට දැක ගන්නට ලැබේවි.ඒ වගේම රූපවාහිනී වැඩසටහන් කිහිපයකටමත් දායක වුණා.
කැනඩාවේ දී මම රූපවාහිනී නිවේදිකාවක් ලෙසත් කටයුතු කළා. නමුත් කාර්යබහුල බවත් එක්ක ඒ දේවල් තරමක් දුරස් වෙලා. ඉදිරියේ දී මගේ පියා ෂෙල්ටන් පෙරේරා වගේම සහෝදරයා සතිෂ් පෙරේරාගේ ගීත ඉදිරියට ගෙන යන්න බලාපොරොත්තු වෙනවා. දුරු රටක හිටියත් ලංකාවේ කලාව වෙනුවෙන් කළ හැකි හැම දේම මම ඉටු කරනවා.
ප්‍රගීත් වැඩ ගොඩක
ප්‍රගීත් විජේසූරිය මේ දවස්වල කා අතරත් ජනප්‍රිය චරිතයක්. නිදහස් මාධ්‍යවේදියෙකු, පාඨමාලා අධ්‍යක්ෂවරයෙක්, හඬකැවීමේ ශිල්පියෙක් ලෙස විවිධ භූමිකා ඔහු රඟදක්වනවා.'ප්‍රේම දඩයම ' ටෙලි මාලාවේ 'රිතික්' වෙනුවෙන් හඬකැවූ නිසාම ප්‍රගීත් ගැන කවුරුත් කතාබහ කළා. ඒ වගේම මේ දවස්වල ප්‍රගීත්ගේ 'Talk studio' මාධ්‍ය ආයතනයේ පාඨමාලා සමඟ ඔහු කාර්ය බහුල වෙලා. කොහොම වුණත් ප්‍රගීත්ගේ නවතම කලා කටයුතු ගැන අපි විමසා බැලුවා.
'මේ දවස්වල මගේ මූලික අවධානය මගේ මාධ්‍ය ආයතනයේ දෙවැනි පාඨමාලාව වෙනුවෙන් යොමු කොට තිබෙන්නේ විද්යුත් මාධ්‍යවල අයට වගේම පාසලේ මාධ්‍ය විෂයට ඇල්මක් දක්වන අයට මේ පාඨමාලා වඩාත් ප්‍රයෝජනවත්.මේ පාඨමාලා මෙහෙය වන්නේ මාධ්‍ය ක්ෂේත්‍රයේ අත්දැකීම් බහුල මාධ්‍යවේදීන් හා ප්‍රවීණයන්.
මේ අතරතුරම මගේ මාධ්‍ය වැඩකටයුතුත් සමබරව කරගෙන යනවා. පාඨකයින්ගෙන් වගේම මගේ රසිකයන්ගෙනුත් හොඳ ප්‍රතිචාරයක් මට ලැබෙනවා. එය මා සමාජයට කරගෙන යන මෙහෙවර ඉදිරියටත් කරගෙන යන්න මට ලැබෙන ශක්තියක්.
රෝද හතරෙම හුළං බැහැලා
මේ දවස්වල රටවටා චිත්‍රපට ශාලාවල තිරගත වන ජනප්‍රිය චිත්‍රපටයක් තමයි 'පුංචි අපිත් බය නෑ දැන්' චිත්‍රපටය.මේ චිත්‍රපටය නිෂ්පාදනය කළේ ප්‍රිය ජනක ගමගේ .මෙහි ප්‍රදර්ශන කටයුතු වෙනුවෙන් එහි අධ්‍යක්ෂවරයා, නිෂ්පාදකවරයා වගේම එහි රඟපාන නළුනිළියනුත් රටවටේ යනවා.
මේ සුන්දර චිත්‍රපටයේ ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් ඔවුන් පසුගිය දවසක ලංකාවේ එක්තරා පළාතකට ගිහිල්ලා . කොහොම හරි චිත්‍රපටයේ නිෂ්පාදක මේ චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් කොතරම් මහන්සි වුණා ද කිව්වොත් වාහනේ ඒ අවට පාරවල්වලම දුවලා වාහනයේ රෝද හතරෙම හුළං ගිහින්. ඇත්තටම වර්තමාන සිනමාවේ ප්‍රගමනය උදෙසා මේ විදිහට වෙහෙසෙන නිෂ්පාදකවරු අගය කළ යුතුයි නේද කියලා අපිට හිතුණා.