සංගීත ලෝකයේ දිගු ගම­න­කට මුල පිරූ මහ­ර­ගම U Turn | සිළුමිණ

සංගීත ලෝකයේ දිගු ගම­න­කට මුල පිරූ මහ­ර­ගම U Turn

සංගීතය කියන්නේ විශ්ව භාෂාවක් වගේම සංගීතය රසවිඳින්න වයස් බේදයක් නෑ.

ඕනෑම වයස් සීමාවක කෙනකුට සංගීතමය වින්දනයක් ලබා දෙන අලුත්ම තාලේ ගමනක් යන්නට මුල පිරූ වෙනස්ම විදිහේ සංගීත කණ්ඩායමක් පිළිබඳ තොරතුරක් මේ.

අවුරුද්දක් වගේ කෙටි කාල පරාසයක් තුළ මේ කොල්ලො ටික සංගීත කලාව තුළ අපූරු නිර්මාණ ටිකක් කරලාතියෙනවා.

2016.07.26 වැනිදා TV 1 Roba Eve වැඩසටහන තුළින් මුල්ම අඩිතාලම දාපු මේ සංගීත කණ්ඩායමේ නම‘ මහරගම U Turn ‘කොල්ලො ටිකට අත හිත දීලා අලුතින්ම මේක උපද්දවන්න U Turn කියන නම ලබා දුන්නේ Flash Back සංගීත කණ්ඩායමේ නායක ප්‍රවීණ ගායක රොෂාන් ප්‍රනාන්දු යි. මේ කණ්ඩායමේ සියලුම සම්බන්ධීකරණ කටයුතු සිදුකරන්නේ උදාර වන්නිආරච්චි.

ඒ අතහිත දීම් දිරි ගැන්වීම ඔස්සේ මෙම U Turn සංගීත කණ්ඩායම ඉදිරියටම යමින් වසරක් වැනි කෙටි කාල පරාසයක් තුළ දැවැන්ත ප්‍රසංග ගණනාවකට සහභාගි වෙමින් ජනතාවගේ උණුසුම් පැසසුම් ලබන්නට ඔවුන් වාසනාව උදාකරගත්තා. දැන් මේ මහරගම

U Turn" සංගීත කණ්ඩායමේ ශිල්පීන්ගේ මීළඟ සූදානම සංගීත කණ්ඩායමට

වසරක් පිරෙන සොඳුරු මොහොතේදැවැන්ත වේදිකාවකමත අති දැවැන්ත ශබ්ද රටා උපයෝගි කර ගනිමින් ලංකාවේ දක්ෂ ජනකාන්තගායන ශිල්පීන් ශිල්පිනියන්ගේ සහභාගිත්වයෙන් මහරගම නගරයේ සංවත්සර ප්‍රසංගයක් පවත්වමින් තවත් හැරවුමක් කරා යාමටයි.

සංගීතයේ මෙවැනි සොඳුරු හැරවුමක් කරා ගමන් ගන්නාවූ U Turn නම් වු මේ සංගීත කණ්ඩායමට රසඳුන සුබ පැතුම් එක් කරනවා.

ලීඩ් ගිටාර් - ලහිරු නවීන්, රිදම් ගිටාර් - අමිල ප්‍රසාද්, බේස් ගිටාර් - සුජිත් බුලත්සිංහල

විදුලි ඕගන් - දිනේෂ් ගොඩවත්තගේ, ඩ්‍රම්ස් - හසිඳු මධුසංඛ, ඔක්ටර් ෆෑඩ් -නාත් අමල්,ගායනය - රොෂාන් කොස්තා, ගායනය - කසුන් කෞෂල්, ගායනය - ජේ ප්‍රකාශ්

 

Email: [email protected]

FB: U Turn maharagama

F.P: U Turn Live Band


පංකජනී රංගායතනයේ සිසුවියෝ ශීර්ෂාභරණ පළඳිති

පංකජනී රංගායතනයේ නර්තන ආචාරිනී තනූජා හර්ෂනී පලිහේන ගුරු මහත්මිය යටතේ උඩරට නර්තන කලාව හැදෑරූ හනීෂා, ජයනි,සචිනි, තුර්ෂි, අංජලී, ඕෂධී, කාව්‍යා, ජිනා,යහන්සා සහ දිල්මි යන දියණියන් දසදෙනා පසුගියදා (01 වැනිදා) කොරතොට පුරාණ රජමහා විහාරයේදී පෙරවරු 7.05 ට යෙදුණු සුබ මොහොතින් චාරිත්‍රානුකූලව ශීර්ෂාභරණ පැළඳූහ.


මැණික් නදිය ගලාබසී, රඟසෝබා DVD එළිදකී

එදා පුංචි තිරයේ ජනප්‍රිය වු මැණික් නදිය ගලාබසි, රඟසෝබා ටෙලිනාට්‍ය ටොරානා ඉදිරිපත් කිරීමක් ලෙසින් දැන් වෙළෙඳපොළට නිකුත්කර ඇත. සිරිල් වික්‍රමගේ, රම්‍යා වනිගසේකර, වීණා ජයකොඩි, ජයලත් මනෝරත්න,රන්ජන් රාමනායක මැණික් නදිය ගලාබසිහි චරිත නිරූපණය කරති. මෙය ආනන්ද අබේනායක අධ්‍යක්ෂණයකි.

වසන්ති චතුරානි, රවීන්ද්‍ර රන්දෙණිය, අයිරාංගනී සේරසිංහ, අනුලා කරුණාතිලක, නීටා ප්‍රනාන්දු, ඩග්ලස් රණසිංහ, ප්‍රදීප් සේනානායක, කෞෂල්‍යා ප්‍රනාන්දු ඇතුළු ප්‍රවීණ නළු නිළියන් රැසක් රඟසෝබාහි චරිත නිරූපණය කරති.


ලෝ වැඩ සඟරාව ගී මිහිර සංගීත සංයුක්ත තැටිය එළිදකී

වීදාගම මෛත්‍රී හිමියන් මෙත් සිතින් යුතුව හුදී ජන පහන් සංවේගය පිණිස ලියන ලද අමා පැදි ගඟුල ‘ලෝවැඩ සඟරාව‘ කවි මියුරු සංගීත මුසුව සහිතව නිර්මාණය කළ ‘ලෝවැඩ සඟරාව ගී මිහිර‘ සංයුක්ත තැටිය දැන් නිකුත් වී ඇත. මෙහි ශසිකා නිසංසලා, නෙලූ අධිකාරි යන ප්‍රවීණ ගායිකාවන් දෙදෙනා සමඟ මිහිසර බණ්ඩාර රණසිංහ විසින් කවි ගායනා කර ඇත. කවිවල තේරුම පැහැදිලි කිරීම නිවේදක සම්පත් සල්පිටි කොරාළ සහ නිවේදිකා අනූෂා වෙත්තසිංහ විසින් සිදුකරන අතර විශාරද සිදත් සේමසුන්දර සහ නාලක අංජන කුමාර විසින් සංගීත අධ්‍යක්ෂණය කර ඇත. බුදු දහම පිළිබඳව ලියැවී ඇති ජනප්‍රියම පද්‍ය ග්‍රන්ථය වන ලෝ වැඩ සඟරාව පිළිබඳ බෞද්ධ ජනතාව තුළ පවත්නා භක්තිය තවදුරටත් වැඩිදියුණු කිරීම සහ දහම් පාසල් සිසුන්ගේ සාහිත්‍යමය රසය වැඩිදියුණු කිරීමේ අරමුණෙන් මෙම සංයුක්ත තැටිය මිහිසර බණ්ඩාර ගේ සංකල්පයකට අනුව නිර්මාණය කර ඇත. මිහිසර බණ්ඩාර අංක 163/10 බී,ඉහළ බියන්විල කඩවත ලිපිනයෙන් වැඩි විස්තර දැනගත හැකිය.


ජනසතුසේවා කැරම් ශූරතා දිනූ ලේක්හවුස් කණ්ඩායමට වර්ණ

ශ්‍රී ලංකා ජනසතුසේවා කැරම් සම්මේලනය සංවිධාන කළ වර්ණ රාත්‍රියේදී ලේක්හවුස් කැරම් කණ්ඩායමයට වර්ණ රැසක් හිමිවිය. වසර 2014-15 ජනසතුසේවා කැරම් තරගාවලියේ කණ්ඩායම් අංශයේ ශූරතා සහ අනුශූරතා දිනාගැනීමට ලේක්හවුස් කණ්ඩායම් වලට හැකිවිය. ලේක්හවුස් ක්‍රීඩා සමාජයේ නිලධාරීන් සමග වර්ණ දිනූ කණ්ඩායම : ඉදිරි පෙළ (වමේ සිට) - නිරෝෂ් බටේපොල (ගෘහස්ථ ක්‍රීඩා ලේකම්), තිස්ස කුමාර (ක්‍රීඩා කළමනාකරු), නාමල් පීරිස් (ජ්‍යෙෂ්ඨ උපසභාපති), මෙහෙයුම් අධ්‍යක්ෂ ලක්ෂ්මන් හේවාපන්න (ක්‍රීඩා සභාපති), නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුභාෂ් කරුණාරත්න (ජ්‍යෙෂ්ඨ උප සභාපති), යූ.එස්.ඒ.එම්.වීරසිංහ (භාණ්ඩාගාරික), පසු පෙළ (වමේ සිට) - එච්.පී .පී සූරියකුමාර, අයි.ඩී.බී නයනසිරි, මධුර ප්‍රභාත්. කේ.නිරංජන්, ගන්දික ධර්මබන්දු, තිස්ස ධම්මික, ජී.ජයරත්න


රත්නාවලී ගාල්ලේ දී

රත්නාවලී නාට්‍යය ලබන 11දින පෙ.ව 8.00ට සහ පෙ.ව11ට ගාල්ල හෝල් ඩී ගෝල් ශාලාවේදි රඟ දැක්වීමට කටයුතු යොදා ඇත.

ජනක මුණසිංහ,රජිත හේවාතන්ත්‍රිගේ, නිහාරි වික්‍රමාරච්චි, ශිරානි ද කොස්තා, තරංගා කුමාරි, ලක්ෂානි අමරතුංග,ගංගා පරණවිතාන, සුරංගි කෝසලා, වින්ද්‍යා විමලචන්ද්‍ර, උපමාලි රණතුංග, අනුෂිකා මධුමාලි, ජගත් කුමාර ජයසිංහආරච්චි,චාමින්ද ප්‍රනාන්දු, උපුල් මහානාම, ඇතුළු ප්‍රවීණ රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් සහ ගායනයෙන් දායකවන මෙහි අංග රචනය උපුල් මහානාමගෙනි. රංගාලෝකය උපාලි වීරසිංහගෙනි. වේදිකා පරිපාලනය ධනපාල බෝගොඩ විසිනි. ලලිතා සරච්චන්ද්‍රයන්ගේ කලාත්මක අධ්‍යක්ෂණයකි.


සන්නි අනුරාධපුරේ

පහතරට සම්ප්‍රදායික සන්නි නාට්‍යය මේ මස11 දින පෙ.ව 8.00ට සහ පෙ.ව 11.00ට අනුරාධපුර යොවුන් රඟහලේදි රඟදැක්වීමට හවුස් ඔෆ් ඩ්‍රාමා ආයතනය කටයුතු යොදා ඇත.

පහතරට ගැමි ශාන්ති කර්ම සම්ප්‍රදායේ ඇති වාත සන්නිය, පිත් සන්නිය, දේව සන්නිය, භූත සන්නිය, මරු සන්නිය, ගිනි ජල සන්නිය, කන සන්නිය, දේව සන්නිය,කෝල සන්නිය, අභූත සන්නිය ඇතුළුව දහඅට සන්නිය ශාන්ති කර්ම සම්ප්‍රදාය පලමු වරට ප්‍රසිද්ද වේදිකාවක නාට්‍යානුසාරාංශයෙන් රඟ දැක්වීම මෙහි විශේෂත්වයකි.


සිංහබාහු රටවටා

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ විශිෂ්ටතම නාට්‍ය නිර්මාණය සිංහබාහු මේ මස 05දින පෙ.ව 8.30 සහ පෙ.ව 11.00ට මාවනැල්ල අරුණ ශ්‍රි රඟහලේදීත් 09දින ප.ව 2.30ට සහ ප.ව 6.30ට අම්පාර ඥානප්‍රදීප ශාලාවේදීත්, 11දින පෙ.ව 10.00ට සහ ප.ව2.00ට මහව සයිමන් නවගත්තේගම ශාලාවේදිත් රඟ දැක්වීමට කටයුතු යොදාඇත.


අන්දරේලා හෙට්ටිපොල

ආචාර්ය ජයලත් මනෝරත්නයන්ගේ විශිෂ්ට නාට්‍ය නිර්මාණයක් වන අන්ද‍ෙර්ලා වේදිකා නාට්‍යය මේ මස 07දින පස්වරු 2.30ට සහ 6.30ට හෙට්ටිපොළ නගර ශාලාවේ දී රඟදැක්වේ. 

 

 

Comments