
අපේ රටේ වේදිකාව, රූපවාහිනිය, සිනමාව යන කලා මාධ්‍යයන්හි එකකට එකක් නොදෙවැනි චරිත නිරූපණය කළ ප්‍රවීණතම රංගන ශිල්පිනියක් ලෙස අයිරාංගනී සේරසිංහ හැඳින්විය හැකිය. අපේ කලා කෙෂ්ත්‍රයේ පිනට පහළ වු මේ අද්විතීය කලාකාරිනිය පසුගියදා සිය 90 වැනි උපන්දිනය සැමරුවේ කලා ලෝකයේ එදාමෙදා තුර බැබලෙන තරු රැසක් පිරිවරාගෙනයි. නවලෝක රෝහලේ පළමු මහලේ පිහිටි ප්‍රේක්ෂක ශ්‍රවනාගාරයේදී මේ උත්සවය ජයටම සැමරුවා. ඒ සඳහා සිනෙස්ටාර් පදනම මුලිකත්වය ගෙන තිබුණා. දැනටත් විවිධ චරිතාංගනයේ යෙදෙන ප්‍රවීණ කලාකාරිනියට රසඳුන අපගෙන් සුබ පැතුම්.