
- හැමෝම වගේ මමත් කැමති හේමාල් රණසිංහ අයියාට
- කලාව සහ රැකියාව එකට කරන්න අමාරු නිසා රස්සාවෙන් ඉවත් වුණා
ඕනෙම ක්ෂේත්‍රයක පවතින්න නම් අලුත් අය ආ යුතුමයි. අද රසඳුන මේ සොඳුරු කතාබහ රංගනයෙන් බොහෝදුරක් යන්නට සිහින මවන නවක රංගන ශිල්පිනියක් සමඟ. ඇය නමින් දිනුකි අතපත්තු. දුරුතු ක්‍රියේෂන් වෙනුවෙන් නිර්මාණය වන තරංග දිසානායකගේ පළමු අධ්‍යක්ෂණයක් වන හිච්චිහි ප්‍රධාන චරිතය රඟන්නේ ඇයයි.
කවදා හරි කලාවට සම්බන්ධ වෙන්න ආසාවක් ද තිබ්බේ?
නැහැ. මම ආස කළේ ගුවන් සේවිකාවක් වෙන්න. නමුත් මට ගෙදරින් එයට අවස්ථාව ලැබුණේ නැහැ.
එකතොට ඔබ නිළියක් වුණේ?
මම පාසල් යන කාලේ ටිකක් ලැජ්ජාශීලි චරිතයක්. ඒ නිසා පාසැල් යන කාලේ කිසිම දෙයකට ඉදිරිපත් වෙලා නැහැ.
2019දී චන්දිමාල් සහ ඉන්දුමාලා පැවැත්වූ අවුරුදු කුමාරි තරගයෙන් මම දෙවැනි ස්ථානය ලබා ගත්තා. එතැනින් පස්සේ තමයි කලාවට සම්බන්ධ වෙන්නේ.
ගුවන් සේවිකාවක් වෙන්න අකමැති වුණත් කලාවට සම්බන්ධ වෙන්න ගෙදරින් අවසරය ලැබුණද?
රඟපානවට නම් ගෙදරින් අකමැත්තක් තිබුණේ නැහැ. මම හැමදේකටම අම්මා එක්ක තමයි යන්නේ. අදටත් මම ෂූටින් යන්නේ මගේ අම්මා එක්ක. ඒ නිසා අප්පච්චි අවස්ථාව දුන්නා.
මුලින්ම සම්බන්ධ වුණු නිර්මාණය මොකක් ද?
මුලින්ම සම්බන්ධ වුණේ දෙවැනි ඉනිමට. දෙවෙනි ඉනිම නාට්‍යෙය් පොඩි කොටස් කිහිපයකට හිටියේ. මට හිතෙන්නේ නම් ඒක ප්‍රේක්ෂකයින් දන්නෙත් නැති තරම් කියලා.
දිනුකි නිරූපණ ක්ෂේත්‍රයටත් සම්බන්ධයි නේද?
මේ කාලයේ ගොඩක්ම සම්බන්ධ නිරූපණ ක්ෂේත්‍රයට. ඒ වගේම මම ක්ෂේත්‍රයට ආව මුල් කාලේ ගොඩක්ම කළේ වෙෙළඳ දැන්වීම්. මේ වන විට මම වෙළෙඳ දැන්වීම් විසිකෙට වඩා සම්බන්ධ වෙලා තියෙනවා. අද වෙද්දී නම් ෆැෂන් මොඩ්ලින් පැත්තෙන් ක්ලෝතින් බෑන්ඩ් එක්ක වැඩ කරනවා.
මේ වන විට ඔබට ප්‍රධාන චරිතයක් නිරුපණය කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා නේද?
තරංග දිසානායකගේ පළමු අධ්‍යක්ෂණය වන “හිච්චි“ ටෙලි නාට්‍යයේ අරුන්‍යා ගේ චරිතය මට ලැබුණා. මෙහි පිටපත ලියන්නේ අරුණ ජයවර්ධන සහ ගයනි අසිංසලා පියදිගම. ඒ නිෂ්පාදනය කරන්නේ දුරුතු ක්‍රියේශන්ස් ආයතනය.
කොහොමද ඒ අවස්ථාව ලැබෙන්නේ?
මුලින්ම මට ඒ ගැන කිව්වේ මිලින්ද මඩුගල්ල අයියා. අලුත් නාට්‍යයක් පටන් ගන්න යනවා එකේ චරිතයකට කෙනෙක් හොයනවා ඒකට මගේ කන්ටැක් නම්බර් එක දෙන්නම් කියලා ඔහු තමයි මගෙ නොම්බරය දීලා තිබ්බේ. ඊට පස්සේ අරුණ අයියයි තරංග අයියයි මට කතා කරලා ස්ක්‍රීන් ටෙස්ට් එකට එන්න කිව්වා. පළවෙනි දවසේ පරීක්ෂණයට එකසිය ගාණක් හිටියා. එකෙන් තෝරලා දෙවැනි එකට 20 - 25ක් විතර හිටියා. ඒකෙනුත් තේරිලා තමයි මට අවස්ථාව ලැබුණේ.
ලොකේෂන් එකේදී කොහොමද ලැබුණු අත්දැකීම?
පළවෙනි දවසේ නම් පුදුම බයකින් හිටියේ. කොහොමද වැඩේ වෙන්නේ කියලා දන්නෙත් නැති නිසා. මගේ යාළුවට ඉන්නේ ධනංජි තාරුකා අක්කා. එයාවත් ආදරෙන් මතක් කරන්න ඕනේ. එයා හැම තිස්සෙම මට කියන දෙයක් තමයි බය වෙන්න එපා මම ඉන්නවනේ කියලා. ඒ වගේම තරංග අයියා, රවී අයියා, දිනේෂ් අයියා ඒ හැමෝම මට ගොඩක් උදව් කරනවා. නාට්‍යයට අනුව නම් මිලින්ද අයියා ඉන්නේ මගේ දුෂ්ටයාට. ඒ කොහොම වුණත් දෙබස් කියන විදිය පවා මට කියා දීලා ලොකු සහයෝගයක් ලබා දෙනවා චරිතය සාර්ථකව කර ගන්න. මේ නාට්‍යයේ මගේ තාත්තට ඉන්නේ ශ්‍රියන්ත මෙන්ඩිස් . කොතරම් ප්‍රවීණයකු වුණත් ඔහු ඉතා හොඳින් නවක අපිට ලොකු සහයෝගයක් දෙනවා. මුල්ම දවසේ නම් ඔළුවේ තිබ්බේ පාඩම් කර ගත්ත දෙබස කොහොම හරි අමතක වෙන්න කලින් කියවගන්න ඕනේ කියන එක විතරයි. පළවෙනි දවසට වඩා දවසින් දවස මම චරිතයට සාධාරණයක් කරනවා කියන එක මට දැනෙනවා.
තව ආරාධනා ලැබිලා තියෙනවද?
“හිච්චි“ නාට්‍යයට කලින් ආරධනා කිහිපයක් ආවා. නමුත් මම රැකියාවක් කරමින් කලාව කරපු නිසා සහ අම්මත් මා එක්ක යන්න ඕනෙම නිසා ඒ දේවල්වලට සම්බන්ධ වෙන්න අවස්ථාව නැතුව ගියා.
දැන් රැකියාව කරන්නේ නැද්ද?
නැහැ. මම ඉගෙන ගත්තේ HR පැත්ත නිසා HR Executive කෙනෙක් විදියට රැකියාව කළේ. නිතරම නිවාඩු ගන්න බැරි නිසා කලාව සහ රැකියාව කරගෙන යන්න පොඩ්ඩක් අපහසුයි. ඒ නිසා රැකියාවෙන් ඉවත් වුණා.
දිගටම රඟපාන්න ද කැමත්තෙන් ඉන්නේ?
ඔව්. මම වැඩිදුරටත් HR පැත්තෙන් ඉගෙනීම් කටයුතු කරගෙන යනවා. ඒ අතරතුර නිරූපණ කටයුතු සහ රංගන කටයුතු කරගෙන යන්න තමයි මගේ ආසාව.
ඔබ වේදිකාවේ අත්දැකීම් ලබන්න කැමැත්තක් නැද්ද?
කැමැත්තක් තියෙනවා. අවස්ථා කිහිපයක දී ඇරයුම් ලැබුණත් ඒවා ඉදිරියට ගියේ නැහැ.
ජිවිතේ දී ආදරේට දීලා තියෙන්නේ කොයි වගේ ඉඩක් ද
ආදරේට ලොකු ඉඩක් දීලා තියෙනවා.
දිනුකි කියන්නේ මොන වගේ චරිතයක් ද?
මම ටිකක් නපුරුයි ඉක්මණින් කේන්ති එනවා. හැබැයි පොඩි දේටත් අඬන කෙනෙක්. මට ඉක්මණට දුක හිතෙනවා. සමහර නාට්‍යය සහ ගීතවල රූප රචනා බලලත් මම අඬනවා. ඒ නිසා ටිකක් නපුරුයි ඉක්මණින් කේන්ති එන සංවේදී කෙනෙක් කිව්වොත් හරි.
ක්ෂේත්‍රයේ කැමතිම නළුවා සහ නිළිය කවුද?
කැමතිම නළුවා නම් ඉතින් හැමෝම වගේ මමත් කැමති හේමාල් රණසිංහ අයියාට. කැමතිම නිළිය මේ කාලේ නම් දුශේනි මියුරංගි.
ඒ අයව සැබවින් හමුවෙලා තියෙනවද?
අනේ නැහැ. තවම ඒ දෙන්නම මට හම්බෙලා නැහැ. ආසාවෙන් ඉන්නවා හම්බෙලා සෙල්ෆි එකක් ගන්න. ඒකත් සතුටක්.
අනාගත බලාපොරොත්තු මොනාද?
මේ මගේ රංගනයේ පටන් ගැන්ම විතරයි. සාර්ථකව කලාවෙන් ඉදිරියට යන්න තමයි මගෙ බලාපොරොත්තුව.