රයිගම් ටෙලිස් 2022 රූපවාහිනි කලා මංගල්‍යය මාර්තු මස 25 වැනිදා | සිළුමිණ

රයිගම් ටෙලිස් 2022 රූපවාහිනි කලා මංගල්‍යය මාර්තු මස 25 වැනිදා

 

19 වන රයිගම් ටෙලි සම්මාන - 2022 සම්මාන රාත්‍රිය එළැඹෙන මාර්තු 25වන දින Shangri-La (ෂැන්ග්‍රි-ලා) හෝටල් පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් අන්දමින් සිදු කිරීමට නියමිතයි. එදින සම්මානිත වන අයගේ නම් ප්‍රකාශයට පත් කිරීම සඳහා පවත්වනු ලබන රයිගම් ටෙලි සම්මාන 2022 - නිර්දේශිත නාම ප්‍රකාශයට පත් කිරීමේ සන්ධ්‍යාව පසුගිය 24 වනදා වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ.

 

ඔස්කා වැනි ජාත්‍යන්තර තලයේ සම්මාන උලෙළවල ආභාසයන් දේශීය සම්මාන උලෙළ සඳහා ද යොදා ගනිමින් අවසාන සම්මාන රාත්‍රියේදී සම්මාන සඳහා නිර්දේශිත නාමයන් කලින් ප්‍රකාශ කිරීමේ උලෙළක් ප්‍රථම වරට හඳුන්වා දෙන ලද්දේ 2013 වසරේදී රයිගම් ටෙලීස් විසිනි.

යම් කලා නිර්මාණයක් හෝ හැකියාවක් ඇගයීම ගුණාත්මක තීන්දුවක් වන අතර සමහර විටකදී නිර්දේශිතයන් තිදෙනාම එක හා සමාන දක්‍ෂයන් විය හැකිය. සම්ප්‍රදායික සම්මාන උලෙළවලදී සිදුවන්නේ එක් තැනැත්තෙක් පමණක් සම්මානය ලැබීමත් අනෙක් දෙදෙනාගේ දක්ෂතා නම් සඳහන් කිරීමකට පමණක් සීමා වීමයි.

නමුත් රයිගම් ටෙලීස් මෙම තත්ත්වය වෙනස් කරමින් සියලු නිර්දේශලාභීන් විශේෂිත උලෙළකට කැඳවා ඔවුන්ගේ හැකියාවන් ඇගයීමට නිර්දේශිත නාම උත්කර්ෂණ උළෙල හඳුන්වා දෙන ලදි. මෙහිදී සෑම නිර්දේශිතයෙකු සඳහාම එක් වර්ෂයක් සඳහා බලපාන රුපියල් මිලියනයක ජීවිත රක්ෂණයක් සහ රුපියල් ලක්ෂයක් වටිනා වෛද්‍ය රක්‍ෂණයක් සමඟ ඔවුන්ගේ හැකියාව අගය කරමින් වටිනා සහතිකයක්ද නිකුත් කරනු ලැබිණ.

රයිගම් ටෙලීස් - දේශීය සම්මාන උලෙළ සංස්කෘතියට නවාංග හඳුන්වා දෙමින් පුරෝගාමී මෙහෙවරක නියැළී සිටීම විශේෂයෙන් පැසසිය යුතු අංගයකි. මෙවර රයිගම් ටෙලි සම්මාන 2022 - නිර්දේශිත නාම සන්ධ්‍යාවේ දී තවත් අලුත් කර්තව්‍යකට මුල පුරන්නට විය. ඒ “රයිගම් ටෙලීස් යුතුකම“ යි.

අද මහා යෝධයෙක්ව සිටින කෙනෙක්ට වුව දිනෙක තව කෙනෙකුගේ පිළිසරණක් අවැසි විය හැකිය. එය එසේ නොවන බව කිසිවෙකුටත් කිව නොහැක. සිතේ ගතේ හයිය තිබුණා නම් 2022 - නිර්දේශිත නාම උත්කර්ෂණ සන්ධ්‍යාවට ජැක්සන් ඇන්තනි සහ නාලන් මෙන්ඩිස් ද සිටිනු ඇති බව උත්සව සභාව අමතමින් රයිගම් සමූහ සමාගමේ ජ්‍යේෂ්ඨ අධ්‍යක්ෂ ගණක අමරසිංහ කියා සිටියේය. ඒ නිසා රටක් පිනවූ කලාකරුවන් වෙනුවෙන් මින් එහාට ඉටුවිය යුතු යුතුකමක් ඇති බව රයිගම් සමූහ ව්‍යාපාරය වටහා ගැනීමත් සමඟ මෙම “රයිගම් ටෙලීස් යුතුකම“ ආරම්භ කරන්නට වූ බවද ගණක අමරසිංහ සිහිපත් කරන්නට විය. ඒ තුළින් වියපත් වීම හෝ ගිලන්වීම නිසා අසරණ වන කලාකරුවන් වෙනුවෙන් ශක්තියක් වීම මූලික අරමුණයි.

විශිෂ්ට රූපවාහිනී මාධ්‍ය කලාවක් උදෙසා උරදෙන ශිල්පීන්ගේ හා මාධ්‍යය ආයතනයන් හි දායකත්වය ඇගයීමට ලක්කර සම්මාන පුද දීම තුළින්, ප්‍රේක්ෂක ජන සමූහයා වඩාත් ඉහළ රස වින්දන මට්ටමක් වෙත ළඟා කරවිය හැකි ආනන්දයෙන් හා ප්‍රඥාවෙන් පිරි, වඩාත් විශිෂ්ට නිර්මාණ බිහිකරන්නට දිරි දීම හා යුගයේ වඩාත් ප්‍රබල සන්නිවේදකයා වූ රූපවාහිනී මාධ්‍යයේ අනාගතය භාර ගැනීමට සිටින දෙවැනි පරම්පරාවේ ශිල්පීන්ට ඔවුන් ගමන් කළ යුතු දිශාව දැක්වෙන ප්‍රදීපයක් දැල්වීම උදෙසා රයිගම් ටෙලීස් සම්මාන උලෙළ වාර්ෂිකව පැවැත්වේ.

දිවයිනේ ප්‍රසිද්ධ පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදන සමාගමක් වන රයිගම් සමූහ සමාගම විසින් 2005 වර්ෂයේදී හඳුන්වා දුන් රයිගම් ටෙලීස් උලෙළ මේ වන විට දිවයිනේ ප්‍රමුඛතම මෙන්ම වඩාත් ආකර්ෂණීයම සම්මාන උලෙළ ලෙස අඛණ්ඩව වර්ෂ 18ක් ඉතා සාර්ථකව පවත්වා ඇත. මෙවර මෙම සම්මාන උලෙළ පැවැත්වෙන්නේ අඛණ්ඩව 19 වන වරටයි. මෙවර සම්මානිත කාණ්ඩ වන්නේ ප්‍රණාම සම්මාන, ටෙලි නාට්‍ය විශිෂ්ටතා සම්මාන, රූපවාහිනී මාධ්‍ය විශිෂ්ටතා සම්මාන, ජූරියේ ඇගයීම් සම්මාන, ජනප්‍රිය සම්මාන. වඩාත් ජනගත සම්මාන සහ වසරේ නාලිකාවට හිමි සම්මානයි.

මෙවර විනිශ්චය ලබා දෙන්නේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වූ බුද්ධදාස ගලප්පත්තිගේ සභාපතිත්වයෙන් පත් වූ සාමාජිකයින් නව දෙනෙකුගෙන් යුක්ත විනිශ්චය මණ්ඩලයකිනි. ඒ අනුව විනිසුරු මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් වන්නේ සම්මානිත මහාචාර්ය රෝහිණි පරණවිතාන, සමන් වික්‍රමාරච්චි, ආචාර්ය හංසමාලා රිටිගහපොළ, අරුණ ගුණරත්න, රංග දසනායක, ජයනාත් ගුණවර්ධන, අබ්දුල් හමීඩ් සහ චම්මින්ද වෙලගෙදර යන අයයි.

වඩාත් ජනගත සම්මාන කුලකය යටතේ වඩාත් ජනගත රූපවාහිනී වැඩසටහන, ප්‍රවෘත්ති විකාශය සහ ටෙලි නාට්‍යය විද්‍යාත්මක පදනමකට තෝරා, ඇගයීම සඳහා සම්මාන කුලකයක් පළමු වරට හඳුන්වා දෙන්නේ රයිගම් ටෙලීස් සම්මාන උලෙළයි.

ජනප්‍රිය සම්මාන කුලකය සඳහා කෙටි පණිවිඩ (SMS) ඔස්සේ ලබාගන්නා ප්‍රේක්ෂක මනාප ගණන් ගැනීමේ ක්‍රමවේදය අභිභවා ජනතාව අතර වඩාත් ආකර්ශනීය වූ රූපවාහිනී වැඩසටහන් සොයා ස්වාධීන සංඛ්‍යාන විද්‍යාත්මක සමීක්ෂණයක් ඔස්සේ ජනතාව සොයා යාම මඟින් ප්‍රශස්ත විනිශ්චයක් ලබාගැනීම මෙහි ක්‍රමවේදයයි. මෙම භාරදුර එමෙන්ම අභියෝගාත්මක ක්‍රියාන්විතය සඳහා මඟ පෙන්වීම සහ නායකත්වය ලබා දෙන්නේ ලංකාවේ සිටින ජාත්‍යන්තර කීර්තියට පත් ප්‍රජාවිද්‍යා වේදය පිළිබඳ විද්වතකු හා පර්යේෂකයකු වන සම්මානිත මහාචාර්ය ලක්ෂමන් දිසානායක මහතායි.

මෙවර රයිගම් ටෙලීස් සම්මාන සන්ධ්‍යාවේදී 2022 වසර සඳහා අදියර හතකදී ජූරියේ සම්මාන ඇතුළු සම්මාන හැටක ප්‍රමාණයක් ප්‍රදානය කිරීමට නියමිතයි. එසේ සම්මාන ප්‍රදානය කෙරෙන අනුපිළිවෙළ වන්නේ,

මාධ්‍ය විශිෂ්ටතා සම්මාන - නිර්දේශිත නාම

 

වසරේ විශිෂ්ටතම රූපවාහිනී ක්‍රීඩා වැඩසටහන

දිනන ළමයි - සාරංග පතිරණ / ලහිරු දුෂ්මන්ත - හිරු ටීවී

Yoker - ධනුෂ්ක ප්‍රියදර්ශන - ස්වර්ණවාහිනී

ITN Sports World - උදිත ධනංජය තේනුවර - ස්වාධින රූපවාහිනී

 

වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන

Back to School - අමල් දර්ශන - හිරු ටීවී

ITN Samrt Mind - ලක්ෂ්මන් මත්තුමගල / ඩෙනිෂා හර්ෂනී විතාරණ - ස්වාධීන රූපවාහිනිය

5 Million Money Drop - කාංචනි පල්ලේපිටිය / තාරක හෙට්ටිආරච්චි - සිරස ටීවී

වසරේ විශිෂ්ටතම රූපවාහිනී වාර්තා වැඩසටහන

මල් කැකුළු ඉකිබිඳිද්දී - නාමල් ප්‍රසන්න - ජාතික රූපවාහිනිය

වස්ගමු විස්මය - රන්ධික හෙට්ටිආරච්චි - සිරස ටීවී

Ms. Traveler - තමාෂා තත්සරණි ජයසූරිය - ජාතික රූපවාහිනිය

 

වසරේ විශිෂ්ටතම රූපවාහිනී පුවත් විශේෂාංගය

අද දෙරණ උකුස්සා (වකුගඩු ජාවාරම) - දිනේන්ද්‍ර රන්සිරි - ටීවී දෙරණ

හිරු CIA (ගල්කිස්ස බියවැද්දු මැර කල්ලිය) තුෂාර පීරිස් - හිරු ටීවී

මවට පිහිට වූ පොලීසියට උපහාර පසුවිපරම -සිසිකැලුම් දහම්ප්‍රිය බාලගේ - ස්වර්ණවාහිනී

උහන තිස්සපුර විද්‍යාලීය වොලිබෝල් කණ්ඩායම - සුරේශි ගුණසේකර / බුද්ධික ගම්ලත් - ජාතික රූපවාහිනිය

 

වසරේ විශිෂ්ටතම සංගීත වැඩසටහන

ස්පර්ශ - චින්තක ගම්ලත් - ටීවී දෙරණ

සජ්ඣායනා - විරාජ් ජයමාන්න / ධනේෂ් උපුල් - සිරස ටීවී

මා නොවන මම - චින්තක ගම්ලත් - ටීවී දෙරණ

 

වසරේ විශිෂ්ටතම සඟරාමය වැඩසටහන

Fashion - ධම්මිකා විතානගේ ඩේවිඩ් - ජාතික රූපවාහිනිය

ගැජට් මේනියා - ජනිත හේවාබටගේ - ස්වාධින රූපවාහිනිය

මේක පුදුම ලෝකයක් - හිරු ප්‍රවෘත්ති හා කාලින සිදුවීම් අංශය - හිරු ටීවී

 

වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක (සිංහල)

මධුනිකා කරපුටුගල - ස්වාධීන රූපවාහිනිය

ශ්‍රීමනි යාපා - ටීවී දෙරණ

ජනනි කොළමුන්න - හිරු ටීවී

ලක්ෂිකා නවෝධනි ප්‍රනාන්දු - සියත ටීවී

 

වසරේ විශිෂ්ටතම රූපවාහිනී සම්ප්‍රවේශක (සිංහල)

ඉන්ද්‍රසිරි සුරවීර - ස්වාධීන රූපවාහිනිය

නිරංජනී ශම්මුගරාජා - ජාතික රූපවාහිනිය

කැලුම් ශ්‍රීමාල් - ටීවී දෙරණ

 

වසරේ නිර්මාණාත්මක රූපවාහිනී රියැලටි වැඩසටහන

දෙරණ 60 Plus (Season iv) විමුක්ති රොද්‍රිගෝ / චමින්ද තෙන්නකෝන් - ටීවී දෙරණ

දෙරණ Startup - කේ. සී සාරංග - ටීවී දෙරණ

The Voice Sri Lanka - සමිත් රංගික බස්නායක / වරුණ කරුණාරත්න - සිරස ටීවී

 

වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති විකාශය

ස්වාධින රූපවාහිනී පුවත් - ස්වාධින රූපවාහිනිය

අද දෙරණ News - ටීවී දෙරණ

සිරස News 1st - සිරස ටීවී

හිරු News - හිරු ටීවී

ටෙලි නාට්‍ය විශිෂ්ටතා සම්මාන - 

නිර්දේශිත නාම

 

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය අංග රචනය

නාරද තොටගමුව - මාණික්කාවත - ස්වාධින රූපවාහිනිය

ප්‍රියන්ත එස් වන්නිනායක - අඳුන්ගිර - ස්වාධින රූපවාහිනිය

වසන්ත පුර්ණවංශ - පීතෘ - ස්වර්ණවාහිනී

 

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය කලා අධ්‍යක්ෂණය

පියතිස්ස අකුරම්බොඩ - මාණික්කාවත - ස්වාධින රූපවාහිනිය

හසින්ත වැල්ලවාය - අඳුන්ගිර - ස්වාධින රූපවාහිනිය

ධම්මික හේවාදුවත්ත - Once Upon a Time in Colombo - ස්වර්ණවාහිනී

 

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය කැමරාකරණය

තුසිත අනුරාධ - මාණික්කාවත - ස්වාධින රූපවාහිනිය

තිසර තුල්වාන් - පීතෘ - ස්වර්ණවාහිනී

චින්තක සෝමකිර්ති - Once Upon a Time in Colombo - ස්වරණවාහිනී

 

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ශබ්ද නිර්මාණකරණය

අසංග තත්සර හේරත් - මාණික්කාවත - ස්වාධින රූපවාහිනිය

එස්. රාජේන්ද්‍රන් - පීතෘ - ස්වර්ණවාහිනී

චාමර සමරතුංග - Once Upon a Time in Colombo - ස්වරණවාහිනී

 

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සංස්කරණය

ඩිලාන් විජය වික්‍රමකිර්ති - Once Upon a Time in Colombo - ස්වර්ණවාහිනී

ජගත් වීරතුංග - පීතෘ - ස්වර්ණවාහිනී

දයාන් තිත්ගල්ල / නුවන් සිංහාධිපති

තුම්පනේ - ජාතික රූපවාහිනිය

 

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්ෂණය

සතිස් සුරේන්ද්‍ර ඒකනායක අඳුන්ගිර - ස්වාධින රූපවාහිනිය

නදීක වැලිගොඩපොල - පීතෘ - ස්වර්ණවාහිනී

සාදර බණ්ඩාර - මෙට්රෝ සිහින - ස්වාධින රූපවාහිනිය

 

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත රචනය

වසන්ත කුමාර කොබවක (සෙත් කවියක් සේ...) - පිච්චමල සුවඳයි - ස්වාධින රූපවාහිනිය

තුෂානි බුළුමුල්ල (හිතේ දුරින් ඔබ රඳනා...) - වීදුරු මල් - ස්වාධින රූපවාහිනිය

සුපුන් රත්නායක (ජොලියට නොව අපි...) - තුම්පනේ - ජාතික රූපවාහිනිය

 

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත ගායකයා

රනිල් මුදුන්කොටුව (ගමන මුල තිබේ නිමාව...) මාණික්කාවත - ස්වාධින රූපවාහිනිය

දුමාල් වර්ණකුල - (සෙත්කවියක් සේ...)

පිච්චමල සුවඳයි - ස්වාධින රූපවාහිනිය

බාචි සුසාන් - (අම්මා අප්පා සිම්බා..)

Once Upon a Time in Colombo - ස්වර්ණවාහිනී

 

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත ගායිකාව

අභිෂේකා විමලවීර (ගමන මුල තිබේ නිමාව...) මාණික්කාවත - ස්වාධින රූපවාහිනිය

ශෂිකා නිසංසලා (සෙත් කවියක් සේ...) පිච්චමල සුවඳයි - ස්වාධින රූපවාහිනිය

නිලක්ෂි හැලපිටිය (අප්පච්චියෝ...) පානාමංකඩ - ස්වරණවාහිනී

 

වසරේ නැඟී එන ටෙලි නාට්‍ය නළුවා

සහන් හේවාදේව ( විහාන්) Once Upon a Time in Colombo - ස්වර්ණවාහිනී

පාලිත අබේරත්න (පැට්ටා) Once Upon a Time in Colombo - ස්වර්ණවාහිනී

කුමුදිත ගුණවර්ධන (ආකාෂ්) ඇස් - ස්වරණවාහිනී

 

වසරේ නැඟී එන ටෙලි නාට්‍ය නිළිය

චතු රාජපක්ෂ - (බන්ධනා/ ලක්මි) - බන්ධනා - ස්වරණවාහිනී

කාවින්ද්‍යා දුල්ෂානි - (ප්‍රශිනා) විසේකාර හාදුවක් - සියත ටීවී

නිවර්තනා මධුවන්ති (ප්‍රසාදි) ලෝකා - ස්වාධින රූපවාහිනිය

 

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සහාය නළුවා

කෝරලගේ සමන් ( විමලේ අයියා) - තුම්පනේ - ජාතික රූපවාහිනිය

වසන්ත මොරගොඩ (උපාලි) පිතෘ - ස්වර්ණවාහිනී

මයුර පෙරේරා (කෝඳුරුහාමි) - මාණික්කාවත - ස්වාධින රූපවාහිනිය

 

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සහාය නිළිය

නයෝමි තක්ෂිලා (පත්මා) - අඳුන්ගිර - ස්වාධින රූපවාහිනිය

මිෂෙල් දිල්හාරා - (නව්‍යා) - ලෝකා - ස්වාධින රූපවාහිනිය

දිල්හානි ඒකනායක (අනුලා) - Once Upon a Time in Colombo - ස්වර්ණවාහිනී

නිරෝෂා තලගල - (පුෂ්පා) - ලෝකා - ස්වාධීන රූපවාහිනිය

 

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය තිර රචනය

සුපුන් රත්නායක - තුම්පනේ - ජාතික රූපවාහිනිය

නාමල් ජයසිංහ - පිතෘ - ස්වරණවාහිනී

චාලක රණසුරිය / නිලන්ත පෙරේරා / නිලූ බණ්ඩාර - Once Upon a Time in Colombo - ස්වර්ණවාහිනී

 

වසරේ විශිෂ්ටතම ඒකාංගික ටෙලි චිත්‍රපටය

හීන බන්ධන - අතුල පීරිස් - ටීවී දෙරණ

පවුල - ඉරුෂ ද සිල්වා - හිරු ටීවී

කේත - අමල් තරංග රොද්‍රිගෝ - සිරස ටීවී

 

වසරේ විශිෂ්ටතම ඒකාංගික ටෙලි නාට්‍යය (විනාඩි 55ට අඩු)

උඩු සුළඟ - ඉරුෂ ද සිල්වා - හිරු ටීවී

එයාටත් අවුරුදු නේ - ප්‍රියන්ත ප්‍රනාන්දු - ජාතික රූපවාහිනිය

දේවී - ප්‍රභාත් දුශ්‍යන්ත - ස්වාධින රූපවාහිනිය

 

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍යය නළුවා

ප්‍රියන්ත සිරිකුමාර - (ලලිත්) - පීතෘ - ස්වර්ණවාහිනී

ජගත් චමිල (කෙටිහාමි) - මාණික්කාවත - ස්වාධීන රූපවාහිනිය

මධුර ප්‍රභාෂ්වර (විකුම්සිරි) - තුම්පනේ - ජාතික රූපවාහිනිය

 

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍යය නිළිය

උමාලි තිලකරත්න - (ගෞරි) - පීතෘ - ස්වර්ණවාහිනී

උමා අසේනි (පිච්චි) - මාණික්කාවත - ස්වාධීන රූපවාහිනිය

වොල්ගා කල්පනී (ගුණාදරි) - මාණික්කාවත - ස්වාධීන රූපවාහිනිය

දමිතා අබේරත්න (කොයින් මැණිකේ) - අඳුන්ගිර - ස්වාධීන රූපවාහිනිය

 

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය

සුදත් රෝහණ - මාණික්කාවත - ස්වාධීන රූපවාහිනිය

සුපුන් රත්නායක - තුම්පනේ - ජාතික රූපවාහිනිය

ආනන්ද අබේනායක - පීතෘ - ස්වර්ණවාහිනී

චමිල් පතිරණ - Once Upon a Time in Colombo - ස්වර්ණවාහිනී

 

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍යය (ප්‍රාසාංගික)

පීතෘ - ෆාහිම් මාවුජුඩ් - ස්වර්ණවාහිනී

මාණික්කාවත - ෆාහිම් මාවුජුඩ් - ස්වාධීන රූපවාහිනිය

Once Upon a Time in Colombo - සහරා ග්ලෝබල් - ස්වර්ණවාහිනී

 

ජනප්‍රිය සම්මාන සඳහා මනාප ප්‍රකාශ කිරීමත් නිර්දේශිත නාම ප්‍රකාශයට පත් කරන රාත්‍රියේ පටන් විවෘත විය. එය වඩාත් පහසු කිරීම සඳහාත් උලෙළ පිළිබඳ යාවත්කාලීන තොරතුරු නොපමාව නිකුත් කිරීම සඳහාත්, Raigam Tele’es නමින් ජංගම දුරකතන යෙදවුමක් (Mobile App) ද ක්‍රියාත්මක වේ.

පසුගිය වසර 12 මුළුල්ලේ සේම මෙවර සම්මාන උලෙළේ සම හවුල්කාරීත්වය දරන්නේ සම්පත් බැංකුවයි. නිර්දේශිත නාම උත්කර්ෂණ උලෙළේ පූර්ණ අනුග්‍රාහකත්වය දරන්නේ එස් එල් ටී මොබිටෙල් වන අතර උලෙළේ තාක්‍ෂණ සහය ඉමැජින් එන්ටර්ටේන්මන්ට් වෙතිනි. නිර්දේශලාභීන් සඳහා රක්ෂණ ආවරණ තිළිණ කරන්නේ අලියාන්ස් රක්‍ෂණ සමාගමයි. එමෙන්ම මෙම නිර්දේශිත උලෙළ සඳහා සැලෝන් නයනා, ස්ට්‍රෝන් ඇන්ඩ් ස්ට්‍රින් සහ ආර්යා ප්ලස් ද ඔවුන්ගේ දායකත්වය ලබා දී තිබුණි.

 

ඡායාරූප - නිශ්ශංක විජේරත්න

දේවා ජයවර්ධන 

 

Comments