
විශෝධා
ගිම්හානයේ දිවි ගෙවන තොප
ඊට සරිලන පරිද්දෙන්
කාලය ගෙවිය යුතු වේ
සිසිරයේ දිවි ගෙවන තොප
ඊට සරිලන පරිද්දෙන්
කාලය ගෙවිය යුතු වේ
දිය සිඳුණු මරු කතර මැදින් යන තොප,
ඊට සරිලන පරිද්දෙන්
කළමනා ගත යුතු වේ
කඳු තරණය කරන තොප
ක්ලාන්ත නොවන්නට වග බලා ගත යුතු වේ
තොප නඟන පැමිණිලි ද මැසිවිලි ද
අසා සිටින අය නැති බව ද
තොප හැඳින ගත යුතු වේ
දිවි ගෙවන හැම මොහොතේ