
66%ක විදුලි ගාස්තු ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය ලැබුණු බැවින් අද (16) සිට විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කරයි
විදුලි බිල පියවා ගැනීමට නොහැකිව සිටින පිරිස් සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණයකට එළැඹීමට නියමිත බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ආරංචි මාර්ග පවසයි
ඊයේ(15) සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු සියයට 66 කින් ඉහළ නැංවීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව අනුමැතිය ලබා දී තිබුණි
මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක විදුලි බිල වැඩි කිරීමට අකමැති වූවද මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයින් තිදෙනාගේ එකඟතාවය මත මෙම තීරණයට එළඹ ඇත
මෙම යෝජනාවට අනුව ලංකා විදුලිබල මණ්ඩලයට අමතර රුපියල් බිලියන 287ක ආදායමක් උපයා ගැනීම අපේක්ෂා කෙරෙන බවයි වාර්තා වෙයි