සිනා කතා | සිළුමිණ

සිනා කතා

එපා වුණේ නැද්ද?

‘මිස්ටර් චන්ද්‍රසිරි, ගිය සුමානෙ ඔයා කතරගම මළ ගෙදරකට උදේ ගිහිල්ලා, එදා රෑම ආපහු ගෙදර ආවයි කිව්වා නේද? ඒ ගියෙ පුතාගෙ කාරෙකින් ද?’ කොටිකාවත්ත හන්දියේදී හමුවූ රණසිංහ, චන්ද්‍රසිරිගෙන් විමසුවේය.

‘නෑ... නෑ අපි ගියේ පිටකොටුවෙන් පිටත්වෙලා හයිවේ එකේ යන බස් එකක. ආපහු ආවෙත් ඒ බස් එකකින් තමයි. අපි එක දවසින් ඔය තරම් දුරක් ගිහින් එදා ම රෑ 9.30 වෙනකොට පිටකොටුවටත් ආවා.’ චන්ද්‍රසිරි කීවේ ය.

‘ඔච්චර දුරක් එකම දවසෙ යන කොට, එනකොට එපා වුණේ නැද්ද?’ රණසිංහ ඇසුවේ තරමක කුහුලකිනි.

‘එපාවුණා. හැබැයි ඒ කතරගම ඉඳලා කොළඹ එද්දි නෙමෙයි, පිටකොටුවේ ඉඳලා කොටිකාවත්තට එද්දි.’ චන්ද්‍රසිරි කීවේ ය.

එහෙම වුණේ කොහොමද?

සිංහල අවුරුදු නිවාඩුවෙන් පසු නැවතත් කාර්යාලය විවෘත කළ දින වීරකෝන් අපිත් සමඟ කාර්යාලයීය අවන්හලේ දිවා ආහාරය ගනිමින් සිටියදී මෙසේ කීවේ ය.

‘මම නං මෙදා සැරේ සිංහල අවුරුද්ද බොහොම නිදහසේ සැමරුවා.’

‘ඒ කොහොමද ඇයි මෙදා අවුරුදු දවසෙ උඹේ පවුල ගෙදර හිටියේ නැද්ද?’ අජිත් ඇසුවේ පපඩම් කෑල්ලක් හපමිනි.

එහෙම වෙන්නෙ කොහොමද?

‘ඔය දුර ඉඳලා එන බස්වල එල්ලිලා ඉක්මණට යන්ඩ ගිහින් ඒවා බැරිවෙලාවත් ඉස්ටේසම ළඟ නැවැත්තුවේ නැත්තං අපි කොටුවෙන් බැහැලා ආපහු එනකොට කෝච්චිය ගිහින් තියෙන්ඩ බැරි නැහැ.’ ඈත එන බස්රථයකට අත දිගුකළ මනෝජ් දෙස බලා තිලක් කීවේ ය.

‘උඹ පැහෙන්නෙ නැතුව වරෙංකො. කොටුව ඉස්ටේසම ළඟ උද්ඝෝෂණයක් නැති දවසක් උඹ මට කියපං පුළුවන් නං. උද්ඝෝෂණ කාරයෝ පාර වහ ගත්ත ම බස් ඩ්‍රැයිවර්ලට කොහොමත් තමන්ගේ වාහන නවත්තන්ඩම වෙනවා. එතකොට අපිට පුළුවන් ලේසියෙන් ම ඉස්ටේසම ළඟින් බහින්ඩ.’ මනෝජ් කීවේ ජයග්‍රාහී උද්දාම‍යකිනි.

මෙහෙටත් බෝ වුණොත්...?

‘ඔයා මොකද අනේ ඔය ටියුෂන් පන්තිවල උගන්වන ගුරුවරුන්ගේ වයස ගැන හොයන්නෙ? අපි හොයලා බලන්ඩ ඕන ඒගොල්ලෝ තමන්ට භාර විෂය උගන්වන්න කොයිතරම් දක්ෂ ද කියල නේද?’ ඉන්ද්‍රානි ටියුෂන් පන්තියේ සිට බස්නැවතුම්පොළ බලා යමින් සිටියදී පුෂ්පා දෙස බලා කීවා ය.

‘ඔයා මේ බණ කතා කරනවද? ඇයි ඔයා දැක්කෙ නැද්ද, මේ ඊයෙ පෙරේදා ප්‍රංශෙට අලුතින් පත්වුණු ජනාධිපතිවරයා? එයා බැඳලා තියෙන්නෙ එයා වගෙ දෙගුණයක් වයස එයාට උගන්වපු ගුරුවරියක්ලුනෙ. ඔය පුරුද්ද මෙහෙටත් බෝ ව‍ුණොත් එහෙම...!’ පුෂ්පා කීවේ වික්ෂිප්ත වෙමිනි.

තුනක් හරිනෙ

‘මොකක්ද බං මේකෙ තේරුම, මුළු නාට්‍යයෙදි ම උඹට කියන්ඩ තියෙන්නෙ දෙබස් 8 ක් විතරයි. දැන් බලපං මේ ෂෝ එකේදි උඹ ඒ දෙබස් ටිකත් කිව්වේ වරද්දලනෙ. උඹට ඔය ටිකවත් හරියට කියා ගන්ඩ බැරිද?’ නාට්‍ය දර්ශනය අවසානයේ තිරය වැසීමෙන් අනතුරුව නාට්‍යයෙහි අධ්‍යක්ෂවරයා වූ සම‍රකෝන් එහි කුඩා භූමිකාවක් රඟපෑ අබේනායකගෙන් ඇසුවේ තරමක කලකිරීමක් පෙන්වමිනි.

‘මගෙ අතින් දෙබස් 5 ක්ම වැරැදුණු බව ඇත්ත. ඒක මම පිළිගන්නවා. ඒත් මම දෙබස් තුනක් ම හරියට කිව්වනෙ.’ අබේනායක නිදහසට කරුණු දක්වමින් කීවේ ය.

කොතැනත් ඔහොම තමයි

‘බලන්ඩකො අනේ මේ ෆොටෝ එක. දියවන්නාවේ අවුරුදු උත්සවයේදි මන්ත්‍රීවරු දෙන්නෙක් ම එකම පුටුවට පොරකාලා පුටුවත් පෙරළාගෙන වුණු ජංජාලයක්නෙ මේකෙ දාලා තියෙන්නෙ.’ සාලයේ පුටුවකට බරදී කලා පුවත්පතක් කියවමින් සිටි බිරිඳ තම සැමියා දෙස බලා කීවේ සිනාසෙමිනි.

‘ඕක අරුමයක් යැ හාමිනේ. ඔය ගොල්ලෝ අවුරුදු උත්සවයෙදී විතරක් නෙමෙයි නිතර ම පාර්ලිමේන්තුවෙදිත් පුටු පෙරළාගෙන දඟලනවනෙ.’ චන්ද්‍රසිරි කීවේ කට කොනකින් සිනාසෙමිනි. 

Comments