ආදර සම්බන්ධයකදී නොකළ යුතු දේවල් | සිළුමිණ

ආදර සම්බන්ධයකදී නොකළ යුතු දේවල්

 

ආදර සම්බන්ඳතාවක් සාර්ථකව ජීවිත කාලය පුරාවට රැක ගැනීම සියලු දෙනාගේ බලාපොරොත්තුවයි. දැනටමත් ඔබගේ සම්බන්ධාතාවද අස්ථාවර වී ඇත්නම් ඔබත් පහත සඳහන් වැරදිවලින් එකක් හෝ සිදු කර ඇති බව නොඅනුමානය.

1. ඔබ කවුද යන්න අමතක කිරීම

බොහෝ සම්බන්ධතා වලදී, මිනිසුන්ට තමා ව අහිමි වේ. ඔවුන් අනෙකාගේ රුචි අරුචිකම්, විනෝදාංශ ආදිය තමන්ගේ කර ගනී. ඔබ පුද්ගලයකු සමඟ කෙතරම් ප්‍රේමයෙන් සිටියත්, ඔබ සැමවිටම ඔබම විය යුතු අතර ඔබේ ස්වාධීනත්වය අගය කළ යුතුය. අනෙකා කැමති දේ අගය කරමින් රසවිඳිනවා මෙන් ම තමාගේ කැමති දේ කිරීමට ද වේලාව වෙන්කර ගන්න.

2. මිතුරන් අමතක කිරීම

ඔබගේ පෙම්වතා/පෙම්වතිය හමුවීමට පෙර දී ඔබ ඔබගේ දුක සැප බෙදා ගත්තේ මිතුරන් සමඟය. අහම්බෙන් හෝ ඔහු/ඇය අතහැර ගියහොත් ඔබට ශක්තියක් වන්නේද මිතුරන් බව මතක තබා ගන්න. එබැවින් ඔබගේ ජීවිතයේ ප්‍රධාන ඉඩ පෙම්වතාට/පෙම්වතියට ලබා දුන්න ද, මිතුරන් ගැනද නිරතුරු ව සොයා බලමින් ඔවුන්ට ද අවශ්‍ය විට උදවු උපකාර කරන්න.

3. අනෙක් අය සමඟ පෙම්වතා/පෙම්වතිය සංසන්දනය කිරීම

ඔබගේ කලින් පෙම්වතා/පෙම්වතිය හෝ ඔබේ මිතුරන්්ගේ පෙම්වතා/ පෙම්වතිය සමඟ, රූපයෙන් හෝ ගුණාංග වලින් ඔබේ පෙම්වතා /පෙම්වතිය කිසිවිට සංසන්දනය නොකරන්න. එයට හේතුව කිසිම අයෙක් සර්ව සම්පූර්ණ නොවේ. ඔවුන් සතු ඇතැම් හොඳ ගුණාංග ඔබේ පෙම්වතා/පෙම්වතිය සතුව නොතිබීමට ඉඩ ඇත.නමුත් මෙය ඔබගේ තෝරාගැනීම බවත් ඔවුන් සතු නොවන බොහෝ දේ ඔබේ පෙම්වතා/පෙම්වතිය සතු බැවින් ඔබ මෙම තෝරාගැනීම සිදුකළ බවත් සිහි තබා ගන්න.

4. ඔබේ කාර්යබහුලත්වය නිසා ඔවුන් අමතක කිරීම

ප්‍රේම සබඳතාවකදී තම විරුද්ධ ලිංගිකයාගේ අවධානය සියලු දෙනා ම බලාපොරොත්තු වේ. ඔබ අධ්‍යාපනය, රැකියාව වැනි කුමන සාධාරණ හේතුවක් නිසා කාර්යබහුල වුව ද ,තම පෙම්වතා/පෙම්වතියට කෙටි පණිවිඩයක් හෝ යවා සොයා බැලීම ඔබේ යුතුකමයි.

5. ඔවුන්ගේ ගැටලුවලට සවන් නොදීම

කෙතරම් කුඩා ගැටලුවක් වුවද විමසිල්ලෙන් සවන් දී ඔබට හැකි අයුරින් ඔවුන් සැනසීමට වග බලා ගන්න. එසේ නොමැති වුවහොත් එම කුඩා ගැටලුව නිසා ඔබට විශාල ගැටලු රැසකට මුහුණ දීමට සිදුවනු නොඅනුමානය.

6. ඔවුන් වෙනස් කිරීමට තැත් කිරීම

කිසිවිටකත් සම්බන්ඳතාවයක් ආරම්භ කළ පසු සහකරුවා වෙනස් කිරීමට උත්සහ නොකරන්න. සහකරුවෙකු තෝරා ගැනීමේදී ඔහු/ඇය පිළිබඳ හොඳ අවබෝධයක් අවශ්‍ය වන්නේ මේ නිසාය. තමාගේ අනන්‍යතාවය රැක ගැනීම මෙන් ම අනෙකාගේ අනන්‍යතාවයට ගරු කිරීම ප්‍රේම සබඳතාවයක් රැක ගැනීමට ඉතා වැදගත් ය.

7. අතීතයේ සිදු වූ වැරදි සිහිකිරීම

සම්බන්ධතාවයකදී, ඔබ අවධානය යොමු කළ යුත්තේ වර්තමානය කෙරෙහි පමණි. සටනක් කෙතරම් කුරිරු වුවත්, ඔබ කිසි විටෙකත් අතීතයෙන් සිදුවීමක් කරා ගෙන නොයා යුතුය. ඔබේ පෙම්වතා ඔබට වංචා කළා නම්, ඔබේ පෙම්වතිය ඔබට රිදවන යමක් කර ඇත්නම්, එය නැවත ආයුධයක් ලෙස භාවිතාකිරීමට ඔබට අයිතියක් නැත. ඔබ යම් දෙයකට සමාව දී ඔබ දෙදෙනාම ඉදිරියට යාමට තීරණය කළහොත්, එයින් අදහස් වන්නේ එය නැවත කිසිවිටකත් සිහි නොකරන බවයි.

 

(අන්තර්ජාලය ඇසුරිනි)

Comments