
සූටිං මාටින්‘ නාට්‍යයට හඬකවන කොට මගෙ වයස අවුරදු හතරයි
මීට කලකට ඉහත විකාශය වූ ‘කිසා‘ ටෙලි නාට්‍යයේ බොහෝ දෙනාගේ ආදරය දිනාගත් ‘දොරුක්‘ ගේ චරිතය සහ තවත් චරිත රැසකට තම හඬ දායකත්වය ලබා දුන් දඟකාර කටකාර පුංචි පුතා අද සිළුමිණ හෙටට පිපෙන මල් විශේෂාංගයට එකතු වෙනවා. ඔහු මේ දිනවල විකාශය වන ‘ස්කෝලේ‘ ටෙලි නාට්‍යයේත් රඟපානවා. දක්ෂතාවයක් ගොඩක් ඇති දිනුජ ට තවම වයස අවුරුදු එකොළහයි.
දිනුජගේ තොරතුරු කොහෙද?
මගෙ නම දිනුජ ආර්ය ආකේශ්වර. මගෙ ගෙදර ඉන්නෙ අම්ම, නංගි, ආච්චි සීයා සහ චූටි අම්මා. අපි පදිංචි වෙලා ඉන්නෙ අනුරාධපුර සන්දනම්කුලම.
ඔයා කලා ක්ෂේත්රයට ආවෙ කොහොමද.?
දෙරණ Tv එකේ ගිය ‘හොඳටම පැහිලා‘ කියන වැඩසටහනට මම ඉදිරිපත් වුණා. එතනදී අනුරාධ සිගේරා මාමා තමයි මට අවස්ථාව ලබා දුන්නේ fm දෙරණට සම්බන්ධ වෙන්න. මුලින්ම fm දෙරණෙ ‘පුංචි තරු, වැඩසටහනට නිවේදනයෙන් එකතු වුණා.
හඬ කැවීම් වලට සම්බන්ධ වුණේ කොයි කාලෙද.?
දෙරණට ආවට පස්සෙ මට හඬකැවීම් වලට සම්බන්ධ වෙන්න ඉඩ ලැබුණා. ‘සූටිං මාටින්‘ එකට හඬකවන කොට මගේ වයස අවුරුදු හතරයි.
ඊට පස්සෙ ඔයා හඬ කැවීම් කරපු අවස්ථාවන් මතක් කළොත්.?
මැජික් ළමයි, කිසා, My giraffe, ඩ්රැකියුලා 2/3 සහ ළමා කාටූන් කීපයකටත් රූපවාහිනී වෙෙළඳ දැන්වීම් රැසකටත් දායක වුණා.
වැඩිපුරම කැමති රඟපාන්නද හඬ කැවීම් වලටද.?
රඟපාන්න තමයි මම ගොඩක් ම කැමති.
කැමැත්තෙන් රඟපාපු නිර්මාණ මොනවද.?
මුලින්ම රඟපෑවෙ ප්‍රභාත් රෝෂන් මාමා අධ්‍යක්ෂණය කරපු හිරු එකේ විකාශය වුණ ‘හතේ කල්ලිය‘ නාට්‍යයේ. එතකොට මං ඉගෙනගත්තෙ එක වසරෙ. ඊට පස්සෙ ඩිලන් විජය වික්‍රමආරච්චි මාමගෙ ‘බ්‍රෝ‘, සුජීව ප්‍රියාල් මාමගෙ ‘ඉන්ටනැෂනල්‘ කියන ටෙලි නාට්‍ය වල රංගපෑවා. මම රඟපාන ‘ඉස්කෝලේ‘ ටෙලි නාට්‍යය මේ දවස්වල විකාශය වෙනවා.
පාසලේ ගුරුවරු සහ යාළුවො ඒව බලල කියන්නෙ මොනවද.?
ගොඩක් ගුරුවරු මාව අගය කරනවා. යාළුවෝ පන්තියෙදි මාව වටකරගෙන විස්තර අහනවා. එයාල ගොඩක් ආසයි මම රඟපාන නිසා.
ඔයා කැමතිම නළුව කවුද.?
ශාරුක් ඛාන්ට මං ගොඩක් ආසයි. මං කැමතියි දවසක ඔහු වගේ රඟපාන්න.
වැඩිපුර කැමති හින්දි චිත්‍රපට බලන්න ද?
හින්දි, දෙමළ හොල්මන් චිත්‍රපට වලට තමයි මම වැඩිපුර කැමති. ඒ වගේ චරිතයක් රඟපාන්න ලැබෙනව නම් ගොඩක් ආසයි.
පාසලේ ඔයා කැමතිම විෂය මොකක්ද.?
මං කැමතිම විෂය ගණිතය. මට ගණිතය ලේසියි. ශිෂ්‍යත්වය නිසා මේ දවස් වල ගොඩක් පාඩම් කරනවා.
ඔයා ලොකු වුණාම කවුරු වෙන්නද කැමති.?
මම කැමතියි ගගනගාමියෙක් වෙන්න. ඒ වගේම නාසා ආයතනයට යන්න හිතේ ලොකු ආසාවක් තියෙනවා.
ඔයාගෙ ගමනට උදව් කරපු අය මතක් කරමුද..?
විශේෂයෙන් මතක් කරන්න ඕන මගෙ හැකියාවෙන් මුලින්ම අත දුන්න දෙරණ ආයතනයේ ලක්සිරි වික්‍රමගේ සර් ඇතුළු කාර්ය මණ්ඩලය, සිරසෙ අනුර ජයන්ත මාමා ඇතුළු හැමෝම. ඉස්කෝලේ ඩ්‍රාම එකේ අධ්‍යක්ෂක දිලූක ප්‍රසාද් මාමා සහ කණ්ඩායමට ගොඩක් ස්තූතියි. මගෙ අම්ම ඇතුළු පවුලෙ හැමෝමත්, අපේ ඉස්කෝලේ විදුහල්පතිතුමා සහ පන්තිභාර ගුරුතුමිය ප්‍රියංගා දුලානී ටීචර් ඇතුළු ගුරුවරුන්වත් මේ දක්වා ආපු ගමන් මගේ වචනෙකින් හරි ශක්තියක්, ආශිර්වාදයක් වුණ සියලූම දෙනාව ආදරයෙන් සහ ගෞරවයෙන් මතක් කරනවා.