
ටොම් හෑන්ක්ස් කියන්නේ සිනමාව ගැන උනන්දුවක් දක්වන අයගේ ලෝකයේ වීරයෙක්. සැබවින්ම ඔහු අති දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහු රංගනයෙන් දායක වූ සිනමාපට කිහිපයක්ම ඔස්කාර් සම්මානයට පාත්‍ර වූවා. ඒ් විතරක් නෙමෙයි සිනමාව ගැන සැලකිය යුතු දැනුමක් නොමැති අයෙකුට වුණත් ඔහුගේ රංගනය රස විඳෝන්නට හැකියාව තිබෙනවා. ටොම් හෑන්ක්ස්ගේ රංගනය සම්භාව්‍ය තරමටම සරලයි. ඒ් තමයි ඔහුගේ විශේෂත්වය.
උදාහරණයක් විදිහට ෆොරස්ට් ගම්ප් චිත්‍රපටය සැලකුවොත්, නිකම්ම සරල සිනමාපටයක් වහයෙන් එය රස විඳින්නත් පුළුවන්. ඒතනින් ගැඹුරට ගියොත් ඒ් සිනමාපටය අභන්තරයෙන් දෙන ජීවන ද්‍රශ්ඨිය වෙනම රස විඳින්නත් පුළුවන්. කෙනකුට තර්ක කරන්න පුළූවන් එය අධ්‍යක්ෂවරයාගේ දක්ෂතාව කියලා. ඔව්. ඒය ඒහෙම තමයි. ඒ්ත් ඒ් වෙනුවෙන් ටොම් හෑන්ක්ස් ගේ රංගනයත් විශාල වැඩ කොටසකින් දායක වෙලා තියෙනවා.
ඉතින් මේ ලියන්නේ ටොම් හෑන්ක්ස්ගේ අද්විතීය රංගනය ගැන කියන්න නෙමෙයි. පසුගියදා ඔහු සැමරූ 66 වැනි උපන්දිනය ගැන කියන්න. ටොම් හෑන්ක්ස් උපත ලැබුවේ 1956 ජූලි මාසේ 9 වැනිදා. ඒ් ඇමරිකාවේ කැලිෆෝර්නියාවේදි. සිනමා කර්මාන්තයට ප්‍රවිශ්ට වුණාට පස්සේ ටොම් හෑන්ක්ස් කියලා ගැළපෙන විදිහට නම කෙටි කර ගත්තට ඔහුගේ සම්පූර්ණ නම තෝමස් ජෙෆ්රි හෑන්ක්ස්. පසුගිය ජූලි 9වැනිදා ටොම් හෑන්ක්ස්ට සුවිශේෂයි. ඒ් ඔහු ඒ දින තමන්ගේ 66 වැනි උපන් දිනය සැමරූ නිසා. ජීවන ගමනේ 66 වැනි සැතපුම් කණුව කියන්නේ සුවිශේෂී අවස්ථාවක්. විශේෂයෙන්ම සිනමා නළුවෙකුට. ඒ්ත් ටොම් හෑන්ක්ස් කියන චරිතාංග නළුවට නම් වයස ගැටලුවක් නෙමෙයි. ඒ්කට හේතුව ඔහු වයසට ගැළපෙන අන්දමට තමන්ට ලැබෙන චරිත කළමනාකරණය කර ගැනීමට සමත් වූ නිසා.
ඔහුගේ රංගනයෙන් ඔප් නැංවුණු සිනමාපට රාශියක් අතරින් අති සුවිශේෂී සිනමාපට කිහිපයක්ම තියෙනවා. කාස්ට් එවේ ( Cast Away ) කියන්නේ ඒ් අතරින් හොඳම චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේ ඒකම නළුවා ටොම් හෑන්ක්ස් පමණයි. ඔහුගේ සහය නළුවා වන්නේ පා පන්දුවක්. ඉතින් මුළු සිනමාපටය පුරාම පෙනී සිටින මේ අති දක්ෂ ටොම් හෑන්ක්ස් තම රංගනයෙන් ප්‍රේක්ෂාගාරය ආකර්ෂණය කර ගන්නේ ඔහුට ඒක මොහොතකට හෝ ඒ්කාකාරී බවක් දැනෙන්ට ඉඩ නොදෙමින්.
හොඳම චිත්‍රපටය වෙනුවෙන් ඔස්කාර් සම්මානයට පාත්‍ර වුණු ෆොරස්ට් ගම්ප් ( Forrest Gump) සිනමාපටයත් ඒ් වගේම අති විශිෂ්ඨ නිර්මාණයක්. මේ සිනමාපටයේ ඔහු නිරූපනය කරන්නේ මන්ද මානසික තරුණයකුගේ චරිතයක්. නිරෝගී මනසක් සහිත මිනිසුන් වංචාකාර, කපටි, තක්කඩින් ලෙස කටයුතු කරන විට මේ මන්ද මානසික තරුණයා කොතරම් නිර්ව්‍යාජ දැයි ප්‍රෙක්ෂකයන්ට පෙන්වා දෙන්නේ අපටම අප ගැන සිතන්නට අවස්ථාවක් ලබා දෙමින්.
සේවිං ප්‍රයිවට් රයන් කියන්නේ ටොම් හෑන්ක්ස් රංගනයෙන් දායක වූ තවත් අමතක කළ නොහැකිම සිනමාපටයක්.
ඉතින් මේ ආදී වශයෙන් වන සිනමාපට ලොවට තිළිණ කළ ටොම් හෑන්ක්ස් මහා රංගනවේදියෙක් වශයෙන් හැඳින්වූවාට ගැටලුවක් නැහැ. ඉතින් මේ අපූරු මිනිසා තමන්ගේ ජීවිතයේ 66 වැනි කඩඉම සමරලා තියෙන්නේ ඉතාමත් සරල අන්දමින් බවට හොලිවුඩ් පුරයෙන් ලැබෙන වාර්තාවල සඳහන් වෙනවා. ඔහු තමන්ගේම ගායනා සහිත ඩීජේ වාදනයක් සමගින් සුමිතුරන් කිහිප දෙනෙක් පමණක් සහභාගී කරගෙන ඒම සන්ධ්‍යාව ගෙවා දැමූ බව ඒකී වාර්තාවල සඳහන් වූයේ.
ඇතැම් විට මේ අද්විතීය නළුවාගෙන් තවදුරටත් අද්විතීය රංගන දැක ලබාගන්න ලෝක ව්‍යප්ත ඔහුගේ ප්‍රේක්ෂකයන්ට හැකියාව නොලැබෙන්න පුළුවන්. ඔහුගේ වියපත් පෙනුම ඒයට හේතුවක් වන්නටත් පුළුවන්. ඒ් කොහොම වුණත් ටොම් හෑන්ක්ස් විශ්ව සිනමාවේ තමන්ගේ කඩඉම සලකුණු කර අවසන් බවත් නම් කියන්නට පුළුවන්.