
මේ දිනවල හැමෝම කතා බහ කරන නාට්‍ය දෙකක් තමයි නාඩගම්කාරයෝ සහ පාරදිගේ. මේ ටෙලි නාට්‍ය දෙකෙහිම නිෂ්පාදකවරයා වන්නේ චාමර සමරවික්‍රම. ප්‍රේක්ෂක ආදරය වැඩියෙන් දිනාගත් ටෙලි නාට්‍ය ගණනාවක් සඳහා දායකත්වය ලබා දුන් චාමර මෙවර අප සමඟ කතාවට එක්වුණා. තිස්සමහාරාම, දෙබරවැව ජනාධිපති විද්‍යාලයෙන් සහ මාතර රාහුල විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු කලාව සමඟ බැදෙන්නේ පාසල් වියේ සිටමය.
පාසල් කාලේ අධ්‍යාපනයටද, කලාවට ද වැඩි නැඹුරුවක් තිබුණෙ.?
පාසල් කාලේ අධ්‍යාපනය වැඩි නැඹුරුවක් තිබුණෙ නැහැ. මට මතකයි උසස් පෙළ කරන කාලෙ මං හැදෑරුවෙ ගණිතය විෂය ධාරාව වුණාට කලා කටයුතු බොහෝමයකට සම්බන්ධ වුණා. ගුරුවරු කිව්වා ඔයාට ගණිතය නෙමෙයි කලාව තමයි ගැලපෙන්නෙ කියලා. කලා අංශයට ගියොත් ඔයාට කවද හරි ඒ තුනක් අරගෙන හොඳ තැනකට යන්න පුළුවන් ගණිතය විෂය කළොත් නම් S තුනක්වත් ඔයාට ගන්න ලැබෙන්නෑ කියලත් ගුරුවරයෙක් කිව්වා. මම නාට්‍ය වල රඟපෑවා. කලා සංගම් වල සංවිධාන වැඩ කටයුතු රාශියක් කළා. සාමාන්‍ය පෙළ වනතුරු සංගීතය හදාරන ගමන් පාසල් සංගීත කණ්ඩායමේ සක්‍රීය ලෙස වැඩ කළා.
උසස් පෙළින් පස්සෙ මොකද උණේ.?
මම ගණිතය අංශයෙන් උසස් පෙළ හදාරලා විභාගයෙන් පස්සේ බැංකුවක රැකියාවක් කළා. එහෙම වැඩ කරනකොට බැංකුවෙ වැඩ වලට කොළඹ ආවා. ඒ කාලේ මට රඟපාන උණක් තිබ්බ. ඒ නිසා කලා කටයුතු වලටත් වැඩිපුර නැඹුරු වුණා. සුජිත් පරණවිතානගේ ‘සුදු ගින්දර‘ නාට්‍යයේ සුළු චරිතයක් රඟාපාන්න ලැබුණා. ඒ පොලිස් නිලධාරියෙක් විදියට. එතැන නිෂ්පාදන කළමනාකරු ඉවත් වීම නිසා වැඩ කරන්න කෙනෙක් නැතුව ඒ කාර්‍යයත් මට පැවරුණා. එතැනින් තමයි මේ ගමන පටන් ගත්තෙ. ඊට පස්සේ නාට්‍ය දෙක තුනක නිෂ්පාදන කළමනාකරුවෙක් විදියට වැඩ කළා. ඉන් පසුව රේඛීය නිෂ්පාදකවරයෙක් සහ නිෂ්පාදකවරයෙක් වුණා.
ඔබ නිෂ්පාදනය කරපු නාට්‍ය මොනවද ?
මේ වන විට විකාශය වන නාඩගම්කාරයෝ සහ පාරදිගේ නාට්‍යයට අමතරව හාරකෝටිය, කෝටිපතියෝ, අමුතු රසිකයා, දූවිලි අහස,සිල්ලර සමනල්ලූ, රාජයෝගය, බොහීමියානුවා, කළු අරලිය, අඟුරු සිත්තම් 2, මුතු පලස, හංස පිහාටු ආදි වශයෙන් නාට්‍ය ගණනාවක් නිෂ්පාදනය කරලා තියෙනවා. ඒ අතරින් කිහිපයක්ම සම්මාන උළෙල වල ඇගැයීමට පාත්‍ර වුණා.
සාමාන්‍යයෙන් කතාවක් තියෙනවා ටෙලි නාට්‍ය රැදිලා තියෙන්නේ මුදලාලිලා වගේ නිෂ්පාදකවරු අතේ කියලා. ඒ ගැන ඔබ මොකද කියන්නේ...?
එහෙම කොටසක් ඉන්නත් ඇති. ඒත් වර්තමානයේදී එහෙම නැහැ. දැන් නාට්‍ය ලොකු ලාබයක් තියාගෙන කරන්න බැහැ. පහුගිය කාලේ සල්ලි තියෙන අය මේකට මැදිහත් වෙලා වාණිජ අරමුණු මත නාට්‍ය කළා. හැබැයි දැන් ඇත්තටම කලාවට ආදරය කරන නාට්‍යයට ආදරය කරන අය තමයි නිෂ්පාදකයෝ බවට පත්වෙලා ඉන්නේ. සියයට අනූවක් විතර අධ්‍යක්ෂකවරු නළු නිළියන් විදියට මේ ක්ෂේත්‍රයේම හිටපු සහ වැඩ කරන අය තමයි දැන් නිෂ්පාදකවරු ලෙස කටයුතු කරන්නේ.
ස්වර්ණවාහිනිය සමඟ ගනුදෙනුව පටන්ගත්තේ කොයි කාලෙද.?
2011 වර්ෂයේ සිටු මැඳුර ටෙලි නාට්‍යය නිෂ්පාදනය කරමින් තමයි මම ස්වර්ණවාහිනීයත් එක්ක වැඩ කරන්න පටන් ගත්තෙ. ඊට පස්සෙ මම නිෂ්පාදනය කරපු ටෙලි නාට්‍ය ගණනාවක් ස්වර්ණවාහිනී නාලිකාවෙ විකාශය වුණා.
නාලිකාවල ප්‍රධානීන් නිර්මාණකරුවන්ට නාට්‍යය සම්බන්ධයෙන් බළපෑම් එල්ල කරනව කියන කතාවේ ඇත්ත මොකක්ද?
ඒක මෙහෙම කියන්නම්කො මම. එක් එක්කෙනා පෞද්ගලිකව ප්‍රියතාවයක් තියෙන නිර්මාණ තියෙනවනේ. ඉතින් අපි නිෂ්පාදනයක් කරනකොට ඊට කලින් පිටපත බලනවා. හැම චැනල් එකකම ඉන්නවා ප්‍රේක්ෂක කොටසක්. ඔවුන් ඉල්ලන්නේ මොනවද ඔවුන්ගේ වැඩි නැඹුරුවක් තියෙන්නේ මොනවටද කියන අදහස නාලිකාවේ අයට තියෙනවා. ඔවුන් බලන්නේ තමන්ගේ ප්‍රේක්ෂකයන්ට උපරිම හොඳ දේ දෙන්න. ඔවුන් අපත් එක්ක සාකච්ඡා කරනවා මොකක්ද කරන්න ඕන නිර්මාණය කියලා. නාඩගම්කාරයෝ කරනකොට රංගන සිල්වා අපිත් එක්ක කතා කළා. අධ්‍යක්ෂකවරයා, නිෂ්පාදකවරයා පිටපත් රචකයා සහ නාලිකාවේ කීප දෙනෙක්ගෙ අදහස් මත තමයි නිර්මාණයේ රටාව තීරණය වෙන්නෙ. උදාහරණයක් විදියට ගිරිරාජ් කෞෂල්‍ය කලින් වෙනත් චරිතයකට යෝජනා වෙලා තිබුණෙ. අපි සාකච්ඡා කරල තමයි ඒක වෙනස් කළේ.
ප්‍රකාශ් සිවගුරුනාදන් සහ සද්ධා මංගල සූරියබණ්ඩාර සමඟ ඔබේ සම්බන්ධය කොහොමද.?
මමයි සද්ධා අයියයි ශිවා අයියයි අවුරුදු දහයක් විතර ඉඳල එකට වැඩ කරන්නේ. නාඩගම්කාරයෝ පිටපත ගැන සද්ධා අයිය මට කිව්වේ අපි අග්නි පියාපත් නාට්‍ය කරන කාලේ. සද්ධා අයියගෙ පිටපතකට වඩාත් සාර්ථකව අධ්‍යක්ෂණයෙන් දායක වෙන්න පුළුවන් ශිවා අයියට. ඔහු ඉතාම දක්ෂ අධ්‍යක්ෂකවරයෙක්. ඒක මම අත්දැකීමෙන් දන්නවා. අපි තුන්දෙනාම අපේ නිර්මාණ වලට ආදරෙයි. ඒ නිර්මාණය රැකගන්න අපි අනෙකුත් ශිල්පීන් සමඟ එකතු වෙලා මහන්සි වෙනවා.
චරිත තෝරා ගන්නෙ කොහොමද.?
අපි හැමවෙලේම බලන්නෙ ඒ චරිතයට සාධාරණයක් කරන්න පුළුවන් ගැළපෙනම කෙනාව සම්බන්ධ කරගන්න. මම ප්‍රේක්ෂකයෙක් විදියට ටෙලි නාට්‍ය බලනකොට අලුත් මූණු දකින්න කැමතියි.
අපි අලුත් නිෂ්පාදන කරන කොට බලන්නේ අලුත් මුහුණු සහ පරණ මුහුණු දෙකම එකතු කරල හොඳ දෙයක් එළියට දෙන්න. අපිට ඕන නම් හිතවත් අයව දාලා නිර්මාණයක් කරන්න පුළුවන්. හැබැයි මම හැමවෙලේම බලන්නේ ඒ චරිතෙට ගැළපෙන කෙනාව පාවිච්චි කරන්න.
ටෙලි නාට්‍ය කලාවේ අනාගතය කොහොම වේවිද.?
මම ඉදිරියේදී නව නිර්මාණ කීපයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒක එහෙම වුණත් රටේ තත්ත්වයත් එක්ක අපිට කියන්න බෑ හෙට මොනවා වෙයි ද කියලා.
පවුලේ තොරතුරු මතක් කළොත්..?
මමයි මගෙ බිරිඳයි පුතාල දෙන්න එක්ක කොට්ටාව ප්‍රදේශයේ ජීවත් වෙන්නේ. මගෙ පවුලේ අයගෙන් මට හොඳ සහයෝගයක් මෙන්ම නිදහසක් ලැබෙනවා නිර්මාණ කටයුතු වල නියැලෙන්නට.