සම්මාන පිට සම්මාන දිනූ කෙටි චිත්‍රපටය KOLKHOZ | සිළුමිණ

සම්මාන පිට සම්මාන දිනූ කෙටි චිත්‍රපටය KOLKHOZ

KOLKHOZ තේරුම සමුහ ගොවිපොළ කියන එකයි මෙයින් කතා කරන්නේ 1993 කාලයේ අප මුහුණ දුන් අත්දැකිම්. මම මගේ කෙටි කතාවකට ලියපු දෙයක් තමයි චිත්‍රපටය සඳහා යොදා ගත්තේ. පරාක්‍රම ඒකනායක තමයි මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා.

 

ඔහු විරාජ් කරුණානන්ද. දැනට පදිංචිව සිටින්නේ කැනඩාවේ. කවියකු කෙටිකතාකරුවකු ද වන විරාජ් කරණානන්දගේ විෂය වන්නේ පරිගණක වාග් විද්‍යාව යි. සම්මානනිය අයෙකු වන ඔහු ගැන කතාකරන්නට හේතුව වන්නේ ඔහු විසින් නිෂ්පාදනය කරන ලද KOLKHOZ නම් වු කෙටි චිත්‍රපටය සම්මාන දිනා ගැනීමය.

 

ඉකුත්දා කැනඩාවේ පැවැති ජාත්‍යන්තර චලන චිත්‍ර සම්මාන උලෙළේ දී KOLKHOZ චිත්‍රපටය සඳහා සම්මාන හිමි විය.

ඒ චිත්‍රපටයේ හොඳම තිර රචනයට සහ එහි රඟපෑ නිළිය හොඳම සහාය නිළිය සම්මානයෙන් පිදුම් ලැබූහ. 2021 වසරේදි නිෂ්පාදනය කෙරුණ මෙම චිත්‍රපටයට සිංගප්පුරුවේ පැවැති සම්මාන උලෙළකදී කෙටි චිත්‍රපටයට හිමි සම්මානයද හිමි විය.

මෙ සම්බන්ධයෙන් අදහස් දක්වමින් චිත්‍රපටයේ නිෂ්පාදක විරාජ් පවසන්නේ මෙවැනි කතාවකි.

මේ චිත්‍රපටය මා කළ එක් චිත්‍රපටයක් පමණයි . මම මින් පෙර තවත් කෙටි චිත්‍රපට කිහිපයක්ම කර තිබෙනවා. මින් පෙර මම ආගන්තුකයා, සහ දහඅට වංගුවේ බඩගිනි සටන නමින් චිත්‍රපට දෙකක් කර තිබෙනවා . ඒවාටත් සම්මාන හිමිවුණා. අපේ දේ ලෝකයට ගෙනියන අරමුණින් මම මේවන විට චිත්‍රපට 10 ක් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අප හා කතාබහකරමින් විරාජ් පැවැසුවේ,

මම මුලින්ම සේවය කළේ ජාතික ගුවන්විදුලියේ. මම එහි තාත්ෂණික ශිල්පියෙක් විදිහට සේවය කළා. පසුව මම 2002 වර්ෂයේ ඇමරිකාවට ගියා මගේ උස්ස අධ්‍යාපන කටයුතු සඳහා. මුද්‍රිත මාධ්‍ය ගැන තමයි එහිදි කළේ. නැවත ලංකාවට ආවාට පසු මම කොළම විශ්ව විද්‍යාලයට සම්බන්ධව කටයුතු කළා. ඒ 2014, 2015 කාලයේදී. 2015 දී මම නැවත කැනඩාවට ආවා. 2015 අවුරුද්දේ තමයි “මම ද ප්‍රේමවන්තයෙක්මි“ කෘතියට හොඳම අත්පිටපත ලෙස තේරුනේ. ඒ ගොඩගේ සම්මාන උලෙළේ දී.

ඒ අවුරුද්දෙම රාජ්‍ය සම්මාන උලෙළේ අවසන් වටයටත් පොත නිර්දේශ වුණා. මම දැන් පදිංචිව ඉන්නේ කැනඩාවේ. මගේ විෂය පරිගණක වාග් විද්‍යාව. සිංහල භාෂාව විශ්ව භාෂාවක් ලෙසත් එහි සමහර වචන, නම්, ගම් ආදිය මම හදපුවා තියෙනවා. ඒ වෙනුවෙන් තමයි මට රන්පදක්කමක් හිමිවුණේ. ඒ එක්සත් ජාතීන්ගේ භාෂා වැඩසටහනකින්.

මම කෙටි චිත්‍රපට ගණනාවක්ම මේ වන විට කර තිබෙනවා. අලුත්ම චිත්‍රපටය තමයි KOLKHOZ. KOLKHOZ තේරුම සමුහ ගොවිපොළ කියන එකයි මෙයින් කතා කරන්නේ 1993 කාලයේ අප මුහුණ දුන් අත්දැකිම්. මම මගේ කෙටි කතාවකට ලියපු දෙයක් තමයි චිත්‍රපටය සඳහා යොදා ගත්තේ. පරාක්‍රම ඒකනායක තමයි මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා. මෙහි රඟන රවීනා නිරෝෂණි සේනානායක නිළියටත්, හොඳම තිර රචනය වෙනුවෙන් පරාක්‍රමටත් සම්මාන හිමිවෙනවා.“

විරාජ් මේ දිනවල අලුත් වැඩකට ද යොමුව සිටි. ඒ යූටියුබ් එකක් සඳහා සුවිශේෂි දේ ඇතුළත් “ අපේ දේ“ එක්තැන් කිරීමය. මෙම වැඩ සටහන ඉදිරිපත් කරන්නේ ජනශ්‍රැතිවේදී මහින් කුමාර දළුපොතය.

“ මේ වැඩසටහන විනාඩි 10 ත් 15ත් අතර කෙටි වැඩ සටහන්. පොසොන් උත්සවය වෙනුවෙන් එක වැඩසටහනක් කළා. ලංකාවේ විවිධ දේ විවිධ වටිනාකම් එක් කර කරන මේ වැඩෙන් අපිට අපේ දේ ගැන ලෝකය කියන්නට පුළුවන්කම ලැබෙනවා. මම මින් පෙර කළ කොහු කර්මාන්මාන්තය පිළිබඳ වැඩසටහන.

මෙහි වඩාත් කියැවෙන්නේ ආසියානු සංස්කෘතිය ගැන. මේ චිත්‍රපට නිර්මාණය කරන්නට වියදම් දරන්නේ මම. මට මගේ වෘත්තිය සමඟ මෙවැනි දෑ කිරීම ගැටලුවක් නොවෙයි.

ලෝකේ කොහේ ජීවත් වුණත් මට මගෙ රට ගැන හැඟිමක් තියෙනවා. නිර්මාණකරුවෙක් ලෙස නිර්මාණාත්මක ලෙස අපේ රට ලෝකයට හඳුන්වා දෙන්නයි මම උත්සාහ දරන්නේ. කැනඩාවේ ගම්බද පෙදෙසක අපි ජීවත් වන්නේ. අපේ ජීවිත බොහෝම සරලයි. නිර්මාණාත්මක දේ ගැන හිතන්න , දවසේ කටයුතු කරගන්න වගේම මගේ රැකියාවටත් ඒ ගම්බද ප්‍රදේශය අපට ලොකු සැහැල්ලුවක් ගෙනෙනවා.

Comments