සිනමා ලෝලීන්ගේ සිහින කුමරා ෂාරුක් ඛාන් | සිළුමිණ

සිනමා ලෝලීන්ගේ සිහින කුමරා ෂාරුක් ඛාන්

 

 

 

 

බොලිවුඩ් සිනමාවේ රජු ලෙස විරුදාවලි ලබා සිටින ෂාරුක් ඛාන් පසුගියදා තම රංගන ජීවිතයේ 30වැනි වසර සම්පූර්ණ කළේය. ඒ් වෙනුවෙන් ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු පවසා සිටියේ තමා සමඟ මේ දක්වා ඒකසේ රැඳී සිටි තම ප්‍රේක්ෂකයන්ට තුති පුදන බවයි.

 

ෂාරුක් ඛාන් ඉන්දියාවේ මුම්බායි නගරයේ ක්‍රියාත්මක හින්දි සිනමාවට නළුවකු ලෙස ප්‍රවිෂ්ට වූයේ 1992 වසරේදීය. ඒ් වන විට ඔහුගේ වයස අවුරුදු 27කි. ඒහෙත් 1988 සිට ඔහු හින්දි සිනමා ක්ෂේත්‍රයට නොයෙක් අයුරින් දායක වී තිබේ. ඒහෙත් ඔහු තම සිනමා සම්ප්‍රාප්තිය වශයෙන් සලකන්නේ 1992 වසරයි. ඒ් අනුව 2022 වසර තම සිනමා සම්ප්‍රාප්තියේ 30 වැනි වසර වශයෙන් ඔහු ප්‍රකාශයට පත් කර තිබේ.

ඔහු රංගනයෙන් දායක වූ ප්‍රථම හින්දි සිනමා පටය වූ ‘දීවානා’ තිරගත වී ඇත්තේ 1992 වසරේදීය. එම සිනමා පටය අතිශයින් ජනප්‍රිය වූ අතර ඒතැන් සිට ඔහු රංගනයෙන් දායක වූ බොහෝ සිනමාපටවලදී ඔහුට හිමි වූයේ දුෂ්ටයාගේ චරිතය වීම විශේෂයකි. ‘බාසිගර් - 1993, අන්ජාම් 1994’ යන සිනමා පටවලදී ඔහු දුෂ්ට චරිතය රඟපෑවද හින්දි සිනමා ප්‍රේක්ෂකයන් පමණක් නොව ඉන්දියාවෙන් බැහැර සෙසු රටවල හින්දි සිනමා ලෝලීන්ද ෂාරුක් ඛාන්ගේ රංගනයට ආශක්ත වූහ. ඒබැවින්ම ඔහුට 1996 වසරේදී දිල්වාලේ දුල්හනියා ලේ ජායෙන්ගේ සිනමා පටයේ ප්‍රධාන චරිතය හිමි විය. මේ චිත්‍රපටය ෂාරුක් ඛාන්ව ඉහළටම ඔසවා තැබූ අතර ඔහුට අසමාන ජනප්‍රියාත්වයක්ද උරුම කර දීමට සමත් විය. ඒතැන් සිට හින්දි සිනමා අධ්‍යක්ෂවරු ෂාරුක් ඛාන් තම සිනමා පටවලට දායක කර ගැනීමට පොර කෑ අතර ජනප්‍රියත්වය කොරතම් විශාල වුවද ෂාරුක් ඛාන් ඉතා නිහතමානී ලෙස ප්‍රේක්ෂකයන් සමඟ කටයුතු කිරීමට සමත් වූයේය.

1965 උපත ලද මේ කඩවසම් නළුවා මේ වන විට 57 වැනි වියේ පසු වුවද තවමත් තිරයේ පෙම්වතාගේ චරිතය නිරූපණය කිරීමට සමත්ය. ඒයද ලෝක වාර්තාවක් වනු නිසැකය. මන්දයත් හොලිවුඩ් සිනමාවේ කෙතරම් ජනප්‍රිය නළුවකු වුවද සොබාදහමේ නීතියට ඒකඟවූ නමුත් ෂාරුක් ඛාන් තවමත් කෙසේ හෝ තම තරුණ පෙනුම ආරක්ෂා කර ගැනීමට සමත්ව සිටින නිසාවෙනි.

ඒමෙන්ම කොතරම් ජනප්‍රිය පුද්ගලයෙක් වුවද, කොතරම් කාන්තා ආකර්ෂණයට ලක් වුවද තම කීර්ති නාමයට හානි කර නොගැනීමට සමත් වීමද මේ අසහාය නළුවා සතු වූ තවත් දක්ෂතාවක් ලෙස හඳුන්වා දිය හැකිය. 1991 වසරේදී ඔහු විවාහ වූයේ ඔහුගේ පාසල් ප්‍රේමය වූ ගෞරි චිබ්බර් සමඟිනි. අද වන විට දරු තිදෙනෙකුගේ පියෙකු වන ෂාරුක් කොතරම් කාර්ය බහුල වුවද තම පවුලට කෙසේ හෝ මුල්තැන දීමට සමත් වූ ආදර්ශමත් පුද්ගලයෙකි.

ඒමෙන්ම වරද දුටු තැන එය හෙළා දැකීමට තරම් පෞර්ෂවත් වූ මේ මිනිසා ඉන්දියාවේ කාන්තාවන් අධික ලෙස දූෂණය වීම හෙළා දකිමින් වරක් ප්‍රකාශ කර සිටියේ තමන් ඉන්දියානුවකු වීම පිළිබඳව ලැජ්ජාවට පත්වන බවයි.

පසුගියදා තම රංගන ජීවිතයේ 30 වැනි වසර සම්පූර්ණ කරමින් සමරු සටහන් ට්වීටර් ඔස්සේ ඒක් කළ ෂාරුක් ඛාන් පවසා සිටියේ තමා ලත් විශේෂම වත්කම තම ප්‍රේක්ෂකයන් බවයි.

‘වසර තිහක්... හරියටම අද ඊයේ වගේ.. මම මුම්බායිවලට ආවේ ඒක පාරක් උත්සාහ කරන්න. චිත්‍රපට ඒකක්... දෙකක්.. උපරිම දහයක්.. අසාර්ථක වුණොත් ආපහු යන්න බලාගෙන. ගිහින් රැකියාවක් සොයා ගන්න. මම මගේ අධ්‍යාපන කටයුතු අවසන් කළා. ඒ් ආර්ථික විද්‍යාව සහ ජනසන්නිවේදනය යන විෂයන්ගෙන්. මම හිතුවෙම මට ජනමාධ්‍යවල මොකක් හරි රැකියාවක් හොයා ගන්න පුළුවන් වෙයි කියලා. නැත්නම් මට චිත්‍රපටවල ආලෝකකරණ ශිල්පියෙක් නැත්නම් පසුතල ශබ්ද පරිපාලකයෙක් විදිහට හරි .... ‘

ඔහු තම ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ ඒම ඉහත වදන් සටහන් කර තිබුණේ තම සිනමාවේ 30වැනි වසර සම්පුර්ණ කිරීම පිළිබඳ සටහනක් තබමිනි.

‘සිනමාවට මම හැමදාම ආදරය කළා. ඒ්ත් මම කවදාවත් හිතුවේ නැහැ මට නළුවෙක් වෙන්න පුළුවන් වෙයි කියලා. මම හිතුවෙම අවුරුද්දක් විතර ඉඳලා වෙන රැකියාවක් හොයා ගන්න වෙයි කියලා. දැන් මම මගේ සිනමා ජීවිතයේ 30 වැනි වසර සම්පූර්ණ කරනවා. ඒ් වගේම මට ඕනේ අවුරුදු 106දිත් මේ විදිහටම වෘත්තිය ජීවිතය පවත්වා ගන්න..’

මෙලෙස සඳහන් කර ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ තමා ඉතාමත් ලැජ්ජාශීලී පුද්ගලයකු වන බැවින් තමාට සාර්ථකව රඟපෑමට හැකි ‌වේ යැයි තමා කිසිදා විශ්වාස නොකළ බවයි. ඒහෙත් තමා අද ඒ සියල්ල ජය ගත් අන්දම සම්බන්ධව තමාම පුදුමයට පත්ව සිටින බවයි.

 

 

Comments