හොලිවුඩ්වල නහරකාරයෝ | සිළුමිණ

හොලිවුඩ්වල නහරකාරයෝ

බීමතින් රඟපාන්න ආ මාලන්

බියොන්සෙට කැමති නෑ ඒත් සිංදු වලට කැමතියි

හේතු නැතත් කේන්තියන ජූලියා

වහලෙකුගේ චරිතයට  බෑ කී  රසල්

ටොම් කෘෘස් ඇයි මෙච්චර නපුරු

 

ජනප්‍රිය නළු නිළියන් කිව්වම හැමෝම දකින්නේ එයාලගේ නිර්මාණවල ඒයාලා නිරූපණය කරපු චරිත ඔස්සේ. බොහෝ ජනප්‍රිය නළු නිළියන් රඟපාන්නෙම සුදු චරිත. ඉතින් හැබෑ ජිවිතයේදීත් මේ නළු නිළියන් යහපත් පුද්ගලයන් කියලා තමයි වැඩි දෙනා හිතන්නේ. ඒත් ඒ්ක ඒහෙමම වෙන්නේ නැහැ. අනික් හැම දෙනාම වගේම මේ ජනප්‍රිය නළු නිළියන් කියන්නෙත් සාමාන්‍ය මිනිසුන්. ඔවුන් තුළ යහපත් ගතිගුණ වගේම අයහපත් ගතිගුණත් තියෙන්න පුළුවන්.

 

හොලිවුඩ්වල අතිශයින් ජනප්‍රිය නළුනිළියන් අතරින් කිහිප දෙනෙක් රාජකාරිමය මට්ටමමින් කටයුතු කිරීමට ඉතාම අපහසු බවට තොරතුරු අන්තර්ජාලයේ පළ වුණා. ඒ් අනුව නළු නිළියන් සහ තවත් ජනප්‍රිය පුද්ගලයන් 38 දෙනෙක් රාජකාරිමය කටයුතුවලදී ඉතා ඉක්මනින් කෝප ගන්නා, දැඩි නීතිරිති සහිත පුද්ගලයන් බවයි වාර්තා වුණේ.

 

ඒ් අතරින් ඉදිරියෙන්ම හිටියේ ටොම් කෲස්. ටොම් කෲස් කියන්නේ හරිම නීතිකාරයෙක්. ඒ් වගේම ඔහු තමන්ගේ සෞඛ්‍ය ගැන දැඩිව හිතන කෙනෙක්. තමන්ගේ බාහිර පෙනුමට දැඩි අවධානය දෙන කෙනෙක්. ඉතින් මේ ඒකකට හරි බාධා වන විදිහට ඔහුගේ කාර්ය මණ්ඩලය සහ ඔහු සමඟ කටයුතු කරන පුද්ගලයන් හැසිරුණොත් ඔහු ඔවුන්ට බැණ වදින්නේ තැන නොතැන නොබලා කියලයි කියන්නේ. පසුගිය කොවිඩ් වසංගත සමයේදී ඔහු තමන්ගේ අතිශයින් ජනප්‍රිය මිෂන් ඉම්පොසිබල් චිත්‍රපට මාලාවේ 7 වැනි චිත්‍රපටයට රංගනයෙන් දායක වෙමින් හිටියා. එහිදී එම දර්ශන තලයට කොවිඩ් ආරක්ෂණ නීති නිසි පරිදි අනුගමනය කරමින් නොපැමිණි සේවකයකුට ඔහු ඉතා තදින් බැණ වැදී තිබෙනවා. ඔහුගේ ඒ අමානුෂික බැණ වැදීම දුරකථනයකින් වීඩියෝ කළ අයෙක් එය සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා හැරීමට කටයුතු කර තිබෙනවා. එය දුටු බොහෝ දෙනා පවසා ඇත්තේ ‘විශ්වාස කරන්නත් බැහැ.. ටොම් කෲස් එච්චරම නපුරුයිද’ කියලයි.

 

ප්‍රිටි වුමන් චිත්‍රපටයෙන් අතිශයින් ජනප්‍රිය වූ ජුලියා රොබට්ස්ට බොහෝ ‍ෙදනා අමතන්නේ ප්‍රිටී වුමන් යන අනුවර්ත නාමයෙන්. ඉතින් ඇය නමේ හැටියටම සුන්දර කාන්තාවක්. ඒ්ත් ඇයට කේන්ති ගියොත් මකරෙක් පරාදයි කියලයි ඇය සමඟ කටයුතු කළ බොහෝ දෙනා කියන්නේ. ඒ් වගේම ඇයට කේන්ති ගන්න වැඩිය ලොකු හේතු ඕනෙත් නැහැල්ලු.

 

ඩස්ටින් හොෆ්මාන් කියන්නේ දෙවරක් ඔස්කාර් හොඳම නළුවා සම්මාන දිනාගත් දක්ෂයෙකි. ඒත් ඔහුට කේන්ති ගියාම යක්ෂයෙක් කියලා කියනවා. ඒ් වගේම දැඩි නීතිකාරයෙක්ලු. ඔහුට තමන්ගේ සේවකයන් අතින් පොඩිම වරදක් හෝ සිදුවෙනවා බලන්න බැහැලු. තිරයේ ඉතා කරුණාවන්ත හදවත් සහිත මේ නළුවන් සැබෑම නළුවන් කියලා තමයි කියන්න වෙන්නේ.

 

බියොන්සේගේ සින්දුවලට කැමති නැත්තේ කවුද? ඒත් තොරතුරු දන්න වැඩි දෙනා බියොන්සේගේ සින්දුවලට මිසක් බියොන්සේට කැමති නැහැ. ඒ අය කියන්නේ බියොන්සේට හදවතක් නැහැ කියලයි. ඇයගේ ගීත ජනප්‍රිය වුණත් බියොන්සේ නම් ජනප්‍රියත්වයෙන් අඩුයි කියලා තමයි ඇයගේ ආක්‍රෝෂ පරිභව ඇසින් දුටු බොහෝ දෙනා කියන්නේ.

 

රසල් ක්‍රොව්ගේ රංගනයට වශී නොවුණෙ කවුද? ඔහුගේ සිනමා නිර්මාණ සියල්ලම පාහේ ප්‍රේක්ෂකයන් අතිශය ආදරයෙන් වැලඳ ගත්තා. ඒත් රසල් ක්‍රොව් කියන්නේ ඉවසීමක් නැති පුද්ගලයෙක් කියලා තමයි හොලිවුඩයේ ප්‍රසිද්ධ. ඒ් වගේම ඔහු දැඩි මමත්වයෙන් පෙළෙන ලොකු ඔළු කාරයෙක් කියලා හැමෝම කියනවා. ඔහුගේ අතිශයින්ම ජනප්‍රිය වුණු සිනමා පටය තමයි ග්ලැඩියේටර්. ඒ්ත් මුලින්ම ග්ලැඩියේටර් සිනමා පටයේ තිර රචනය රසල් ක්‍රොව්ට දුන්නාම ඔහු කිව්වලු වහලෙකුගේ චරිතයක් නම් ඔහුට නිරූපනය කරන්න බැහැ කියලා.

 

මුළු ලෝකයෙම ආදරයට ලක් වූ සිනමා රජු තමයි මාලන් බ්‍රැන්ඩෝ. ඒත් බ්‍රැන්ඩෝ වෘත්තිමය අවස්ථාවලදිත් කටයුතු කරලා තියෙන්නේ ඔහුට ඕන විදිහටලු. ඇතැම් අවස්ථාවලදී ඔහු දර්ශන තලයට ඇවිත් තියෙන්නේ බීමතින්. මේ ගැන ඔහුට අවවාද කරන්න කාටවත් නොහැකි වී තිබෙනවා.

 

ඉතින් මේ බොහෝ දෙනා තිරයේදී නම් සුන්දර මිනිසුන්. ඇතැම් දෙනා මහා ව්‍යසනයන්ගෙන් ලෝකය බේරා ගත් වීරයන්. ඒත් හැබෑ ජීවිතයේදී ඔවුන් වියරු මිනිසුන්. රිදී තිරයේ මායාව හොඳින් තේරුම් ගන්න මේ කදිම නිදර්ශනයක්.

Comments