අමාත්‍යාංශය දැනුවත් කිරීමට අවශ්‍ය නෑ | සිළුමිණ

අමාත්‍යාංශය දැනුවත් කිරීමට අවශ්‍ය නෑ

 

රිස්ලි ඉල්යාස්

සභාපති - ශ්‍රී ලංකා රග්බි සම්මේලනය

 

අපේ රග්බි ක්‍රීඩාවේ ප්‍රගමනයට පාකිස්තානයෙන් තල්ලුවක්

 ලංකා රග්බි ඉතිහාසයේ පළමු වරට තානාපති කාර්යාලයක් මෙරට තුළ ක්‍රීඩාවක් නඟා සිටුවීමට මැදිහත්ව නැත. එම පළමු අවස්ථාව පසුගියදා කොළඹදී සිදුවිය. මෙරට පාකිස්තාන් මහ කොමසාරිස් කාර්යාලය හා ශ්‍රී ලංකා රග්බි සම්මේලනය අතර අවබෝධතා ගිවිසුමක් මඟින් ප්‍රාදේශිය මට්ටමින් රග්බි ක්‍රීඩාව නඟා සිටුවීමට මුල්‍ය ආධාර ලබාදීමට මැදිහත්ව සිටීයි.

 

මේ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරිමේ මාධ්‍ය හමුවක් පසුගියදා කොළඹ රාමාඩා රේනේෂන් හෝටලයේ දී පාකිස්තාන් මහ කොමසාරිස් මේජර් ජෙනරාල් උමාර් ෆාරුක් බර්කි ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. එම අවස්ථාවට නියෝජ්‍ය මහ කොමසාරිස් තනිවර් අහ්මඩ් මහතාද එක්ව සිටියේය. එම අවස්ථාවට එක් වු ශ්‍රී ලංකා රග්බි සම්මේලයේ වත්මන් සභාපති රිස්ලි ඉල්යාස් පාකිස්තාන් මහ කොමසාරිස් තුමා ප්‍රධාන පාකිස්තාන රජය මෙරට ප්‍රාදේශිය මට්ටමින් රග්බි ක්‍රීඩාව නගා සිටුවීමට ලබාදුන් මුල්‍ය ප්‍රතිපාදන පිළිබඳ මාධ්‍ය දැනුවත් කරමින් දැක්වු අදහස්ය.

රග්බි නව මඟකට

 

අද අපි මේ සිදුකරන්නේ ඓතිහාසික සිදුවිමක්. ඒ වසර 148 ඉතිහාසයක ශ්‍රී ලංකා රග්බි සම්මේලනය මෙවැනි ගිවිසුමකට එළඹ නෑ. අපි මේ එළඹුනේ මෙරට ක්‍රීඩාවේ අභිවෘද්ධිය තකා රග්බි ක්‍රීඩාව ප්‍රාදේශිය මට්ටමින් නගා සිටුවීමටයි. එම නගා සිටුවීමේ යටිතල පහසුකම් ගොඩනැඟීම වෙනුවෙන් පාකිස්තාන් මහකොමසාරිස් තුමා ප්‍රමුඛ පාකිස්තාන් මහ කොමසාරිස් කාර්යාලය අපට මුල්‍ය ප්‍රදානයක් ලබා දිමේ ගිවිසුමට තමයි අපි අද එළඹුනේ. පාකිස්තාන් රජය මේ පළමු අවස්ථාව නෙමෙයි ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවට අත හිත දුන්නේ. පසුගිය වර්ගවාදි යුද්ධය පැවැති වකවානුවේදී 1996 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන ලෝකයේ බොහෝ රටවල් මෙරට සංචාරය කිරිමට පසුබට වන මොහොතේ පවා පාකිස්තාන් ක්‍රිකට් කණ්ඩායම මෙරට සංචාරය කරමින් ක්‍රීඩාවේ අභිවෘද්ධියට ක්‍රියා කළා. එපමණක් නොවේ පාකිස්තාන් රජය එවකට මෙරට පැවැති යුද්ධ නිමා කිරිමට අවශ්‍ය කරන ආධාර මෙන්ම පාරිභෝගික භාණ්ඩද ලබා දෙමින් විශාල මෙහෙවරක් කළ රටක්. මේ මොහොතේ අප රට තුළ ඇතිව ඇති විනිමය අර්බූදය නිසා රටේ ආර්ථිකය පසුගාමී තත්ත්වයක පවතින මොහොතක ක්‍රීඩාව නගා සිටුවීමට පාකිස්තාන් රජය මැදිහත් විම අගය කළ යුතු වෙනවා.

 

රග්බි ප්‍රාදේශිය මට්ටමින් එසවීමට

 

අද අපිට නෙත් ඉදිරියේ දැක ගත හැකි වුණා. රටක ක්‍රීඩාව කොපමණ දුරකට රටේ ජනතාව වැලඳගෙන සිටිනවාද කියා. තෙල්, ගෑස්, බෙහෙත් හා අනෙකුත් ආර්ථික අපහසුකම් මැද වුණත් සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සමඟ අවසන් වු විස්සයි 20 තරගාවලියේදී 35,000 කට අධික ක්‍රීඩා ලෝලීන් පිරිසක් ශ්‍රී ලංකා කණ්ඩායම දිරිගැන්වීම වෙනුවෙන් ක්‍රීඩාංගණයට පැමිණ සිටින අවස්ථාව. රටක ක්‍රීඩාවට කළ හැකි දේ ඒ තුළින් විද්‍යාමාන වුවා. එවැනි වට පිටාවක පාකිස්තාන් මහ කොමසාරිස් කාර්යාලය වයස අවුරුදු 12 සිට වයස අවුරුදු 19 දක්වා රග්බි ක්‍රීඩාව ප්‍රාදේශිය මට්ටමින් ගොඩනැංවිමට ලබා දුන් මෙම සහයෝගය ඉතාමත් අගය කළ යුතු කාර්යයක් වෙනවා.

මුල්‍ය ප්‍රතිපාදන මට්ටමින් එහාට ගිය මානුෂිය ආධාර වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කිරීමට පාකිස්තාන් මහ කොමසාරිස් කාර්යාල කටයුතු කරමින් සිටිනවා. අධ්‍යාපනය හදාරන දරුදැරියන් වෙනුවෙන් ප්‍රාදේශිය මට්ටමින් පරිගණක ලබාදිමට අනෙකුත් අධ්‍යාපන උපකරණ හා පාරිභෝගික භාණ්ඩද ප්‍රදානයක්ද මෙයට සමගාමීව පාකිස්තානු මහ කොමසාරිස් කාර්යාලය කටයුතු කරමින් සිටිනවා.

ඒ වගේම ලෝකයේ විශාල වශයෙන් නිමා කරන ක්‍රීඩා භාණ්ඩ ප්‍රදානයක්ද කිරිමට මෙරට සිදු කිරිමට පාකිස්තාන් මහ කොමසාරිස් කාර්යාලය කටයුතු කරමින් සිටිනවා. මෙම වැඩ පිළිවෙළේ දෙවන අදියර ලෙස රග්බි සම්මේලනයට රග්බි පන්දු ප්‍රදානයක්ද කිරිමට පාකිස්තාන් මහ කොමසාරිස් කාර්යාලය කටයුතු කරමින් සිටිනවා.

එපමණක් නොවෙයි මම අනෙකුත් තානාපති කාර්යාල වලට මෙන්ම මහ කොමසාරිස් කාර්යාලවලටද ලිඛිතව දැනුම් දි තිබෙනවා මෙරට ක්‍රීඩාව නගා සිටුවිමට අවශ්‍ය කරන මුල්‍ය ප්‍රතිපාදන ලබා ගැනිමට. පාකිස්තාන් මහ කොමසාරිස් කාර්යාලයටද මෙම යෝජනාව ඉදිරිපත් කරලා දැන් සති තුනක් හතරක් පමණ වුණා. ඔවුන් ප්‍රථමයෙන් අපට එම ප්‍රදානය සිදු කළා එය ඉතාමත් අගය කොට සලකනවා.

මෙම මුල්‍ය ප්‍රදානයෙන් දුෂ්කරතාවන්ට මුහුණ පා සිටින ක්‍රීඩකයන්ට සහ ක්‍රීඩා සමාජවලට සහයෝගිතාව දැක්වීමට රග්බි ආයතනය සැලැසුම් කර ඇති අතර ඉදිරි මාස 4ක කාලය තුළ පළාත් සංගම් අටකින් තෝරාගත් දිස්ත්‍රික්ක වල තෝරාගත් කණ්ඩායම් ඇතුළත් සංවර්ධන තරගාවලි හතරක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

 

o රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් එළෙඹෙන මෙම ගිවිසුම පිළිබඳ ක්‍රීඩා අමාත්‍යාංශය දැනුවත්ද?

නෑ. අපිට අමාත්‍යාංශය දැනුවත් කිරිමට අවශ්‍ය නෑ. වසර දෙකක් මෙපිට කිසිඳු මුල්‍ය ප්‍රදානයක් අමාත්‍යාංශය මට්ටමින් අපට ලැබී නෑ. නමුත් අපි මෙරට වාර්ෂිකව සංවිධානය කළ යුතු තරගාවලි වාර්ෂිකව සංවිධානය කළා. මේ සඳහා අපිට අනුග්‍රහය ලබා දුන්නේ පුද්ගලික මුල්‍ය ආයතනයයි. අපි පසුගිය කොවිඩ් වසංගතය හමුවේ අමාත්‍යාංශය ලබා දුන් මාර්ගෝපදේශකත්වය අනුව ක්‍රියා කළාට අපි අමාත්‍යාංශයේ ක්‍රියා පටිපාටියට යටත්ව නෑ. ලෝක රග්බි සම්මේලනය හා ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව යටතේ තමයි අපි ක්‍රීයා කරමින් සිටින්නේ.

 

o රග්බි සම්මේලනයේ තහනම හා බැදුණු වත්මන් ගමන ?

මම මෙම අවස්ථාවේ ඒ පිළිබඳව කරුණු ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වෙන්නේ නෑ. නමුත් අධිකරණය අපිට ලබා දී ඇති නියෝගය මත සිට තමයි අපි දැනට කටයුතු කරමින් යන්නේ. එළෙඹෙන අගෝස්තු මස 27 වැනිදා මහා සභා රැස්වීම කැඳවා නව නිලධාරින් පත් කරගැනීමට නියමිතව තිබෙනවා.

විශ්‍රාමික විනිසුරුවරුන් දෙදෙනෙකුගෙන් හා පරිපාලන නිලධාරියෙකුගෙන් සමන්විත ත්‍රී පුද්ගල ස්වාධින කමිටුවක් පත්කර සභාපති කෙනෙක් තෝරාගෙන තිබෙනවා. නිලවරණය උදෙසා. මේ සියලු දේවල් පිළිබඳ ජාතික ඔලිම්පික් කමිටුව දැනුවත් කර තිබෙනවා. නාම යෝජනා කැඳවපු දිනට නාම යෝජනා ඉදිරිපත් කර තරග කළ හැකියි. නැතුව යම් කිසි වැඩ පිළි‍ෙවළක් ක්‍රියාත්මකව පවතින මොහොතක එම වැඩපිළිවළ කඩාකප්පල් කරමින් ක්‍රීඩාවට බාධා නොකළයුතුයි.

 

o ක්‍රීඩා ඇමැතිවරයෙක් මේ වන විට පත් වීම් ලබා තිබෙනවා. මෙම වැඩපිළිවළ ගැන ඔහු දැනුවත්ද?

අපි එතුමා හමුවීමට වෙලාවක් ඉල්ලා තිබෙනවා. තවම ලැබී නෑ. නමුත් මම සිතනවා. අපගේ මෙම වැඩපිළිවල ගැන නිසි අවබෝධයකින් ඔහු සිටින බවට. එතුමා අපි ගැන හොඳ විශ්වාසයත් ඇති බවට අපිට විශ්වාසයි. මෙවැනි අනුග්‍රාහකයන්ගෙන් අනුග්‍රහකත්ව ලබාගෙන රග්බි ක්‍රීඩාව නගා සිටුවන වැඩසටහනට එතුමාගේද ආශිර්වාදය ලැබෙන බවට. නැවතුණු වාර්ෂික තරගාවලි දැනට තාවකාලිකව නවතා තබා තිබෙනවා.

 

ඡායාරුප - සමන්ත විරසිරි

Comments