
අද මට විශාල අභිමානයක් දැනෙනවා
මම ආස කළේ වෛද්‍යවරියක් වෙන්න. පොඩි කාලේ මට ගෙදර පොඩි ලැබ් එකක් පවා තිබ්බා. එක එක දේවල් පරීක්ෂණ මට්ටම් කරගෙන ලොකු හීනයක හිටියේ
ලෝකෙන්ම අංක එකේ රටක් වන ජපානයේ නිලවශයෙන් ලියාපදිංචි ප්‍රථම ශ්‍රී ලාංකික නීති නිලධාරිනිය ලෙසින් තේරී පත් වූ කාන්චනි පතිරණ. ලංකා නාමය ඉහළින් ඔසවා තැබීම ගැන ඇයට සුබ පතන ගමන් සිළුමිණ - රසඳුන සොඳුරු කතාබහකට ඇයව සම්බන්ධ කර ගත්තා.
අපි මේ තනතුර ගැන මුලින්ම පැහැදිලි කර ගත්තොත් විස්තර ඇතුව
ඇත්තටම මේ තනතුර ගැන කිව්වොත් මේකට Foreign Attorney කියලා කියන්න පුළුවන්. ජපන් භාෂාවෙන් කියන්නේ Gaikoku bengoshi කියලා. මම ජපානයට ආවේ 2014 දී. මගේ විවාහයෙන් පස්සේ. මොකද ඒ වෙද්දීත් මගේ මහත්තයා ජපානේ වැඩ කරමින් හිටියේ. ජපානයට එන්න කලින් මම බලාපොරොත්තු වුණේ මෙහෙ විශ්ව විද්‍යාලයකට ගිහින් මගේ අනාගතය සැලසුම් කරගන්න පුළුවන් වෙයි කියලා. මෙහෙට ආවට පස්සේ මට තේරුම් ගියා ඒක ගොඩක් ආමාරුයි කියලා. ඒ වෙද්දී කිසිම ජපන් ලෝයර් කෙනෙක් හිටියේ නැහැ. ශ්‍රී ලංකාවේ ලෝයර් කෙනෙක් හිටියා. මම එයාට කතා කරලා බැලුවම එයත් ගෘහණියක් විදියට ගෙදර ඉන්න තත්ත්වයක් තිබ්බේ. ඒ විදියට මෙහෙට ආව අයත් මුකුත් කර ගන්න බැරුව ලංකාවට ගිය තත්ත්වයක් තිබුණෙ. ඒ නිසා කවුරුත් නීති ක්ෂේත්රයෙන් අනාගතය සකස් කරගෙන තිබ්බේ නැහැ. මම ඇවිත් තේරුම් ගත්ත දෙයක් තමයි මෙහෙ අපේ ඉලක්කවලට යනවා නම් මුලින්ම අප කෙරෙහි පිළිගැනීමක් ඇතිකරගෙන තියෙන්න ඕනේ. ඒ කියන්නේ මෙහෙ විශ්වවිද්‍යාලයට ගිහිල්ලා වටිනාකමක් ඇති කර ගන්න ඕනේ.
මගේ මහත්තයා ඉංජිනේරු කෙනෙක් නිසා මම දැක්කේ එයාගේ වටපිටාවේ ඉන්න අය මෙහෙට ඇවිත් ජපන් ඉගෙන ගෙන එයාලගේ වෘත්තීය ගමන හදාගෙන තියෙන විදිය. මට මේ තැනට එන්න මගේ මහත්තයා ගොඩක් උදව් කළා. එයා තමයි මට විශ්වවිද්‍යාල හොයලා දුන්නේ. ඉස්සෙල්ලම අපි ගියේ Yokohama National University එකේ Open Campus එකට. එතැනට ගිහිල්ලා මහාචාර්යවරුන්ට කතා කරන්න පුළුවන්. ඒ විදියට මමත් එතනට ගියාම මට මුණගැහුණා කකේ කියන ප්‍රොෆෙසර් කෙනෙක්. ඔහු තමයි මට Yokohama National University එකට ඇප්ලයි කරන්න උදව් කරේ. මම ගියේ research student කෙනෙක් විදියට PHD එකට. ඒත් අවුරුද්දක් විතර යද්දී boring වුණා. ඔය අතරේ අපිට යන්න ලැබුණා Hitotsubashi University එකට. එතනදී මට බෘස් ආරෝන්ස් කියන ඇමරිකානු ප්‍රොෆෙසර් හමුවෙනවා. එතකොට ඉංග්‍රීසි මාධ්‍යයෙන් නීති සිසුන්ට ඉගෙන ගන්න ක්‍රමවේදයක් තිබ්බේ නැහැ. ඒ නිසා පළවෙනි වතාවට තමයි මම ඇතුළු ළමයි තුන්දෙනෙක්ගෙන් ප්‍රොෆෙසර් පටන් ගත්තේ.
2018 මම කරේ Master of International Business Law. 2018 අප්‍රේල් මාසයේ මම උපාධිය ලබා ගත්තා. ඒ අතර කාලයේ මම පටන් ගත්තා ජොබ් හන්ටින් කියන එක.
මම ජපානයේ ඉගෙන ගන්න ගමන් මම law firm වල වැඩ කරා. අපි Foreign Attorney කෙනෙක් විදියට රෙජිස්ටර් වෙනවා නම් Japan Federation Bar Association එකට මාසිකව ලොකු ගෙවීමක් කරන්න ඕනේ. ඒක තනි කෙනෙක්ට දරන්න අමාරුයි. ඒ නිසා law firm එකකට එකතු වුණාම ඒ අය ගෙවන්නේ. ඒ විදියට මම law firm එකකට එකතු වුණාම මුලින්ම මට තිබ්බේ ශ්‍රී ලංකාව country එකක් විදියට රෙජිස්ටර් කරන්න. මොකද ඒ වෙනකම් රෙජිස්ටර් වෙලා තිබ්බේ නැහැ. ඒකට තමයි ගොඩක් අමාරු වුණේ. අලුත් රටක් රෙජිස්ටර් කරද්දී ඒ රටේ නිතිය ගැන ඒ අය රිසර්ච් කරනවා. ඒකට ගොඩක් හේතු වුණේ අපේ තියෙන්නේ කොමන් ලෝ එක, ජපානයේ තියෙන්නේ සිවිල් ලෝ එක. ඒ නිසා ඒ අය බැලුව ජපානයේ ලෝයර් කෙනෙක්ට ශ්‍රී ලංකාවේ ලෝයර් කෙනෙක් සමාන කරන්න පුළුවන් ද කියලා.
ජපානයේ ලෝයර් කෙනෙක් වෙන්න හරි අමාරුයි. ඒ නිසා ලෝයර්ස් ලා විදියට එළියට එන ප්‍රමාණය හරි අඩුයි. 2020 වෙනකොට Foreign ලෝයර්සලා ඉන්නේ ඉන්නේ 442යි. එකෙන් වැඩිපුරම ඉන්නේ ඇමරිකන් අය. දැනට මම වැඩ කරන kojima law offices එකෙන් මට සෑහෙන උදව් කළා. මේක ප්‍රථම අවස්ථාව නිසා ලොකු ක්‍රමවේදයක් වුණා. කොහොම හරි ministry of justice එකෙන් 2021 දෙසැ 10 වෙනිදා ඒ ගොල්ලෝ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් මගේ ඇප්ලිකේෂන් එක අනුමත කරා, ඊට පස්සේ මගේ ඇප්ලිකේෂන් එක ගියා Japan Federation Bar Association එකට. එ්කෙත් මම දන්න විදියට 15-30ක් වගේ සංඛ්‍යාවක් මේ ඇප්ලිකේෂන් එක චෙක් කරනවා. අන්තිමට 2022 මාර්තු 1 වෙනිදා මට පත්වීම හම්බුණා. එදා ඉදන් මම kojima law offices එකේ Foreign Attorney කෙනෙක් විදියට වැඩ කරනවා.
කවදා හරි නීතිඥවරියක් වෙන්නද ආස කළේ
නීතිඥ ක්ෂේත්රයට එන්න ලොකු හීනයක් තිබ්බේ නැහැ. මම ආස කළේ වෛද්‍යවරියක් වෙන්න. පොඩි කාලේ මට ගෙදර පොඩි ලැබ් එකක් පවා තිබ්බා. එක එක දේවල් පරීක්ෂණ මට්ටම් කරගෙන ලොකු හීනයක හිටියේ. මගේ ලොකු අක්කා විද්‍යාව විෂයයන් කළේ. ඒක සෑහෙන්න අමාරුයි කියලා තේරුම් ගිය නිසා මට ගෙදරින් කිව්වේ ලේසි විෂයයක් තෝරාගෙන විශ්වවිද්‍යාලයට යන්න කියලා. ඒ කාලේ මගේ ඥාති කෙනෙක් ලෝයර් කෙනෙක් වෙලා හිටිය නිසා මට ආශාවක් ඇතිවෙලා මම උසස් පෙළට කලා විෂයයන් තෝරා ගත්තා.
අද ගත කරන වෘත්තීය ජීවිතේ ගැන තෘප්තිමත් ද?
ඇත්තෙන්ම අද මම ගත කරන වෘත්තීය ජීවිතේ ගැන හරි සතුටුයි. මොකද මම තනියෙන් ලබා ගත්ත දේවල්. මගේ මහත්තයා මට උදව් කරා. මෙහෙ තැනක් හදාගෙන ඉන්න අයගෙන් ඇහුවම ඒ අය කිව්වේ ජපානේ අයටත් හරිම අමාරුයි කියලා. හැමෝම මගේ හීන බිඳවැටෙන තැනට තමයි කතා කරේ. නමුත් මම උත්සාහය අතහැරියේ නැහැ. දැන් මම යටතේ ජපන් ජාතිකයන් වැඩ කරනවා. ඇත්තටම මට ලොකු ආත්ම අභිමානයක් දැනෙනවා.