
මම මට ගැළපෙන විලාසිතා කරන කෙනෙක්
වැඩිදුර අධ්‍යාපනයට ටික කාලයකට රට යන්න ඉඩ තියෙනවා
නෙතු කියන්නේ කලාවේ දිගු ගමනක් යන්න ආසාවෙන් මේ කලා ක්ෂේත්රයට එකතු වුණු අලුත් මුහුණක්. රංගනයට එන්න කලින් ඇය පෙම් බඳින්නේ වයලීනයට. වයලීනයට පෙම් බැඳී නෙතු කලාවට ආ ගමන් මග ගැන රසදුනට කිව්වේ මෙහෙම.
පවුලේ විස්තර - අම්මා. තාත්තා. මල්ලි. අම්මා හෙදියක් විදෙස් ගතව සේවය කරන්නේ. තාත්තා ආමි ඔෆිසර් කෙනෙක්.
පාසල - මම පාසල් දෙකකට ගියා. දේවි බාලිකා විද්‍යාලයට සහ රෝයල් ඉන්ස්ටියුට් එකට.
මේ වෙද්දී අධ්‍යාපන කටයුතු අවසන්ද?
නැහැ. මම මේ වෙද්දී මානව කළමනාකරණ ඩිග්රි එකක් කරනවා. එහි අවසන් අවුරුද්දේ ඉන්නේ.
පාසල් කාලෙත් කලාවට සම්බන්ධද?
පාසල් කාලයේ දී මම කළේ සංගීතය. සංගීත පැත්තෙන් වයලීන වාදනය අංශයෙන් විශාරද වෙනකම් ඉගෙන ගෙන තියෙනවා.
කොහොමද රංගන කලාවට සම්බන්ධ වෙන්නේ
මම මහේන්ද්‍ර පෙරේරා රංගනවේදියා ගාව ඉගෙන ගත්තා. ඒ ඉගෙන ගන්න කාලේ රුක්මල් නිරෝෂ් එයාගේ නිර්මාණයකට වයලීනය වාදනය කරන්න පුළුවන් කෙනෙක් සර්ගෙන් ඉල්ලලා තිබ්බා. එතකොට මහේන්ද්‍ර සර් තමයි මාව යොමු කරන්නේ ඒ නාට්‍යයට. ඒක තමයි මගේ පළමු ටෙලි නිර්මාණය "තත්සරණි". මහේන්ද්‍ර පෙරේරා සර් නිසා තමයි මම කලාවට යොමු වුණේ.
එතැනින් පස්සේ දිගටම රඟපානවද?
නැහැ. එතැනින් පස්සේ මම අවුරුදු දෙකක් විතර නිර්මාණ බාර ගත්තේ නැහැ. මගේ උපාධිය සම්පූර්ණ කළා.
මේ වෙද්දී කලා නිර්මාණ කීයක් කරලා තියෙනවද?
නිර්මාණ හතරක් කරලා තියෙනවා. ඉන් තුනකම ප්‍රධාන චරිත.
මේ කාලයේ විකාශය වන නිර්මාණය
Blackpool ටෙලි ඩ්‍රාමා එක VTV හි විකාශය වෙනවා. සමන් කුමාර ලියනගේ ගේ සහ ස්වාධීන රූපවාහිනී එකේ ටෙලි නිර්මාණයක් මේ දිනවල රූපගත කරමින් ඉන්නවා.
Blackpool හි ඔබේ චරිතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
අමායා කියන ප්‍රධාන චරිතය මම කරන්නේ. ඒ වෙනුවෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මගේ තාත්තට ඉන්නේ චන්දික නානායක්කාර.
කොහොමද ප්‍රවීණ අයගෙන් ලැබුණු සහයෝගය
ඒ අය එක්ක වැඩ කරන්න හරි පහසුයි. අපි නවක අය කියලා වෙනසක් කරන්නේ නැහැ. ඒ නිසා හොඳ සහයෝගයක් ලබා දෙනවා.
ගෙදරින් කලාවට එන්න ලැබුණු සහයෝගය කොහොමද?
මුලදී අම්මා තාත්තා දැඩිව විරුද්ධ වුණා. ඒ අයට ඕනේ වුණේ මම උපාධිය සම්පූර්ණ කරලා ලංකාවෙන් පිට රැකියාවක් කරනවා දකින්න. එහෙමත් නැත්නම් සංගීතය පැත්තෙන් දෙයක් කරනවා දකින්න. මහේන්ද්‍ර සර් කියලා තේරුම් කරලා දුන්නා. එතකොට පොඩ්ඩක් ෂේප් වුණා. පස්සේ නිර්මාණයක් දෙකක් දකිද්දී අම්මා පුදුම සහයෝගයක් ලබා දෙනවා. තාත්තාත් දැන් මට සහයෝගය ලබා දෙනවා.
රංගනයට ආ නිසා වයලීනය මග හැරුණද?
ඇත්තටම ඔව්. ඒ ටෙලි නිර්මාණයෙන් පස්සේ වයලීනය අල්ලන්නවත් බැරි වුණා.
ඒ ගැන දුකක් නැද්ද?
අම්මා නම් බනිනවා. වයලීනය මඟ හැරීම ගැන දුකක් තියෙනවා. නමුත් දැන් මම සංගීතයට වගේම රංගනයට ගොඩක් ආදරේ කරන්න පටන් අරන් තියෙනවා.
රංගන කටයුතු දිගටම කරගෙන යන්න ද අදහස තියෙන්නේ
මම කැමතියි දිගටම කරගෙන යන්න. ඒත් වැඩිදුර අධ්‍යාපනයට ටික කාලයකට රට යන්න ඉඩ තියෙනවා.
ලැබෙන ආරධනා ගැන තෘප්තිමත්ද?
ඔව්. මොකද මම මට ලැබෙන හැම ආරාධනාවක් ම බාර ගන්නේ නැහැ. මම මුලින්ම පිටපත ඉල්ලගෙන මට ලැබෙන චරිතය ගැන බලලා තමයි මම බාරගන්නේ. ඒ නිසා තෝරා බේරාගෙන යන ගමනක් කිව්වොත් හරි.
වැඩ කරන්න කැමති අධ්යක්ෂවරු ඉන්නවද?
මම මේ වෙනකම් වැඩ කරලා තියෙන්නේ රුක්මල් නිරෝෂ්, සුපුන් රත්නායක, සමන් කුමාර ලියනගේ, කැලුම් උඩුවාවල කියන අධ්යක්ෂවරු හතරදෙනාගේ නිර්මාණ වල වැඩ කරලා තියෙනවා. මම ආසාවෙන් ඉන්නවා සිවගුරුනාදන් සර්ගේ නිර්මාණයකට දායක වෙන්න. ඒ වගේම ආශාවරී චිත්‍රපටය බැලුවට පස්සේ තේජා ඉද්දමල්ගොඩ සර් එක්කත් වැඩ කරන්න ලොකු ආසාවක් ඇති වුණා.
සිනමාවට ඇරයුම් ලැබිලා තියෙනවද?
තවම මට සිනමාවට ආරාධනා ලැබිලා නැහැ.
මේ වෙද්දී ආදරවන්තියක් ද?
නැහැ
ක්ෂේත්රයේ කෙනෙක්ගෙන් යෝජනාවක් ආවොත්
මම හිතන්නේ නැහැ මම කැමති වෙයි කියලා.
මොන වගේ කෙනෙක් ද හොයන්නේ
අවංක මාව තේරුම් ගන්න කෙනෙක්, මගේ මේ කලා ක්ෂේත්රය ගැන අවබෝධයෙන් තේරුම් ගන්න පුළුවන් කෙනෙක්. බොරු කරන්නේ නැත්නම් එච්චරයි.
විලාසිතා වලට ද මුල් තැන දෙන්නේ
මම මට ගැළපෙන විලාසිතා කරන කෙනෙක්.
මල්ලි කලාවට සම්බන්ධ වෙන්න ආස නැද්ද?
නැහැ. එයත් මේ අවුරුද්දේ උපාධිය සම්පූර්ණ කරලා රට යන්න ඉන්නේ.
අනාගත බලාපොරොත්තු මොනවද?
මම මේ ක්ෂේත්රයට ගොඩක් කැමතියි. ආදරෙයි. මගේ දැන් බලාපොරොත්තුව මේ ක්ෂේත්රයේ රැඳිලා ඉන්න එක. මොකද ආවා වගේ නෙවෙයි රැඳිලා ඉන්න අමාරුයි. දවසින් දවස අලුත් අය එනවා දක්ෂ අය එනවා. තමන් තමන් ට අභියෝගයක් වෙන්න ඕනේ. ඒ නිසා ක්ෂේත්රයේ රැඳිලා ඉන්න ගමන් අධ්‍යාපන කටයුතු හොඳින් කර ගන්න එකත් මගේ අරමුණක්.