මේ දිනවල රටෙහි පවත්නා වාතාවරණයත් සමඟ බොහෝ දෙනා දැඩි පීඩනයකින් හා වෙහෙසකින් පසු වේ. එයත් සමඟ ඔබේ මානසික සෞඛ්‍ය ද එතරම් සුවදායක නොවනු ඇත. මානසික ආතතිය කියන්නෙත් එවැනි ඔබේ එදිනෙදා ජීවිතයේ දී මුහුණ දෙන අත්දැකීමක්. එය වැඩිදුර වර්ධනය වීමට නොදී පාලනය කර ගන්නා ආකාරය වෙතට අද අපගේ වෛද්‍ය සාකච්ඡාව යොමු වේ.
අම්පාර මහ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය සමීර රුවන්පුර මානසික ආතතිය පිළිබඳව විද්‍යාත්මකව කරුණු විවරණය කළේය.
ඕනෑම ජීවියෙක් පාරිසරික වෙනස්කම්වලට දක්වන ප්‍රතිචාරයි. සෑම මිනිසකුම තම එදිනෙදා ජීවිතය තුළ ආතතියට මුහුණ දෙනු ලබයි. පාරිසරික වෙනස්කම්වලට දක්වන ප්‍රතිචාර, එම වෙනස්කම්වලට සාර්ථකව මුහුණ දී ජීවිත අභියෝග ජය ගැනීමට ඉවහල් වේ. එලෙසම දක්වන අසාමාන්‍ය ප්‍රතිචාර හේතුවෙන් එදිනෙදා ජීවිතයේ කටයුතු වලට සෘණාත්මක ලෙස බලපෑමක් ඇති වී ගැටලු වලට මුහුණ දීමට සිදු වේ.
සාමාන්‍ය ප්‍රතිචාර
සාමාන්‍ය ප්‍රචාරයන් චිත්තවේග, මානසික, කායික හා ස්වයං සාධක ලෙස දැක්විය හැකිය.
චිත්තවේග ක්ලමතය (Anxiety) හෝ විෂාදය
මානසික සාකච්ඡා කිරීම, Vertilation of emotions
කායික හා ස්වයං සාධක හදවතේ ගැස්ම වැඩි වීම, දාඩිය දැමීම, හුස්ම ගැනීමේ අපහසුතා ලෙසයි.
මානසික ආතතිය ඇති වීමට බලපාන හේතු ලෙස ආර්ථික ගැටලු, රැකියා ගැටලු, සමීපතයකුගේ මරණය, පවුලේ ඇතිවන ගැටලු, රෝග, විභාග, අන් අය සමඟ පවත්නා සබඳතාවල ගැටලු ආදිය හදුනා ගත හැකිය. කෝට්සෝල් (Cortisol),ඇඩ්රිනලින් (Adrenaline),නොරැඩ්‍රිනලින් (Noadrenaline) වැනි හෝමෝන ඔබ ආතතියෙන් පෙළෙන විට වැඩිපුර ශ්‍රාවය කිරීම නිසා මෙම හෝමෝන රුධිරයට එකතු වේ. එමඟින් මානසික පීඩනය හා අවධානම සමඟින් කටයුතු කිරීමට ඔබේ ශරීරය හැඩ ගැසේ.
මානසික ආතතියේ
රෝග ලක්ෂණ
නොරුස්සන සුළු ස්වභාවය
අමතක වීම
හිසරදය
අනිසි බිය
මනෝභාවයන් පහත වැටීම
සෘණාත්මක සිතුවිලි වැඩි වීම
ශරීරයේ වේදනාව
හුස්ම ගැනීමේ අපහසුතා
කරකැවිල්ල
සිතුවිලි ඒකාග්‍රතාව තුනී වීම
උදරාබාධ ඇතිවීම
වෙනදාට වඩා වැඩි පීඩනයකින් ඔබ මේ දිනවල ඉන්නවා වෙන්න පුළුවන්. ගේදොර ආර්ථිකය ගැටලු, ළමුන්ගේ අධ්‍යාපන අවිනිශ්චිතතාවන්, රැකියා අර්බුධ එකී මෙකී නොයෙක් හේතු නිසා වෙනදාට වඩා වැඩි පීඩනයට පත්වේ. එබැවින් ආතතිය හඳුනාගෙන එය යහපත් ලෙස කළමනාකරණය කර ගතහොත් ගෘහයක ප්‍රධාන මූලය වන කාන්තාව මානසිකව හා කායිකව බිඳවැටී මුළු පවුල් සංස්ථාවම බිඳ වැටීමට ලක් විය හැකිය. එය වළක්වා ගැනීමට හැකිතාක් මෙම ආතතිය යහපත් ලෙස කළමනාකරණය කර ගැනීමට ඔබට සරල ක්‍රම අනුගමනය කළ හැකිය.
මිතුරකු සමඟ කතා කිරීම ( දුරකථනයෙන් හෝ මුණගැසී)
පවුලේ අය දරුවන් නෑදෑයන් සමඟ වැඩිපුර කාලය ගත කිරීම.
ප්‍රිය කරන චිත්‍රපටයක් නැරඹීම, පොතක් කියවීම, සංගීතය රස විදීම
සුරතල් සතුන් සමඟ කාලය ගත කිරීම.
ආතතිය ගෙන දෙන දේවල්වලින් හැකිතාක් දුරස් වීම.(උදා: news බැලීම අවම කිරීම, දේශපාලනය ගැන කතා නොකිරීම)
කය හා මනස ලිහිල් කරන Relaxation ව්‍යායාම්වල යෙදීම (දෙඇස් පියාගෙන සෙමින්, ගැඹුරින්, ක්‍රමවත්ව හුස්ම ගැනීම හා පිට කිරීම - කිහිප වරක් උදේ සවස සිදු කිරීම)
ආතතිය ඉතා වැඩි අවස්ථාවලදී එයින් ක්ෂණිකව මිදීමට Distraction techniques භාවිත කිරීම ( අවධානය වෙනතකට යොමු කිරීම. සියයේ සිට ආපස්සට ගණනය කිරීම වැනි දෑ )
ඉහත ක්‍රම මඟින්ද ඔබගේ
ආතතිය සමනය නොවන්නෙ නම්,
ඒ පිළිබඳ මනෝ වෛද්‍යවරයකුගේ හෝ එවැනි සුදුසුකමක් ඇති පුද්ගලයකු සමඟ කතා කිරීම, උපදෙස් ලබා ගැනීම.
ඖෂධ ප්‍රතිකාර ක්‍රම මඟින් ආතතිය පාලනය කර ගැනීම.(මනෝ වෛද්‍යවරයකුගේ නිර්දේශ ඇතිව)
මානසික සුවතා ඇමතුම් අංකය පැය 24 පුරා 1926 ඇමතීම හෝ විශේෂඥ වෛද්‍යවරයෙකු ඇමතීමට 071 2578578( 9.00 පෙ.ව. - 9.00 ප.ව.) ඔබට හැකියාව ඇත.
නොකළ යුතු දෑ
අධික ලෙස කෝපි පානය , කැෆේන් අධික පාන වර්ග පමණට වඩා ගැනීම, මධ්‍යසාර හා දුම්වැටි පානය නිසා ක්ලමතය (anxiety ) තීවුර වී ආතතිය වැඩි වීම.
තමාගේ ආතතිය පිට කිරීමට අනුන්ට ප්රචණ්ඩ වීම (වාචිකව හෝ ශාරීරිකව)
නිදි මැරීම.
සමාජයෙන් හුදෙකලා වීම.
ප්‍රමාණයට වඩා ආහාර ගැනීම.

උපදෙස් - විශේෂඥ මනෝ වෛද්‍ය සමීර රුවන්පුර (අම්පාර මහ රෝහල)