
ගගන තලයම දෙදරවාමහ මේඝ පුපුරා ඉරා වඩින්නට අද ඇයි පමා අනුරක්ති මා රාවණා //
ඔබගේ මා ස්නේ හා මන්දොදරියයි ඇයද ඉන්නේ...කාලයයි මේ...කාලයයි රාවණා....
මේ ගීතය ඇසූ ඔබට මට වැටහෙන කරුණ වෙන්නේ මෙය කාලයට උචිත වඩාත් අර්ථවත් ගීතයක් බව. මෙය ලියන්නේ ඕස්ට්‍රේලියාවේ වෙසෙන දොශන්ත්රී චමින්දී රණතුංග. සිළුමිණ රසඳුන මේ කතාබහ ගීතයේ නිර්මාණ පසුබිම ගැනයි.දොශන්ත්රී චමින්දී ගැන කෙටියෙන් හඳුන්වා දීමක් සමඟම අපි මේ කතාවට මුල පිරුවා.
මම දැන් ජීවත් වෙන්නේ ඕස්ට්‍රේලියාවේ ඇඩ්ලේඩ් නුවර. මම කැලණිය විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන විශේෂවේදී උපාධිය ලබපු කෙනෙක්. ලංකාවේ ඉන්න කාලේ මාධ්‍ය ක්ෂේත්රයට සම්බන්ධ වෙලා හිටියේ. ඒ එක්කම මානුෂිය ක්‍රියාකාරකම් කරන සංවිධාන වල නියැළිලා හිටියා. අන්තිමටම මම ලංකාවෙන් එන කොට සේවය කළේ BT Options කියන ආයතනයේ ව්‍යාපාර පරිපාලන කර්තෘවරියක් විදියට. මම ගොඩක් ලියන්න කැමති කෙනෙක්. මම ලියන බොහොමයක් ආත්මීයයි. ඒ දේවල් නිර්මාණ විදියට එළියට එන්නේ නැහැ. මම 1999 වර්ෂයේ හොඳම යෞවන ලේඛිකාව විදියට සම්මාන ගත්ත කෙනෙක්. ඒ නිසා ලිවිම මට අලුත් දෙයක් නෙවෙයි.
රාවණ ගීතය තමන් රචනා කරන්න හේතුව ඇය කිව්වේ මෙලෙසණි
මීට පෙරත් මම ගීත කිහිපයක්ම ලියලා තියෙනවා. ඒත් මට මේ රාවණ ගීතය හරිම ආත්මීයයි. මගේ ජිවිතේ මා අතින් ලියැවුණු වැදගත්ම ලියවිල්ල රාවණා. මින් එහා මේ වගේ ගීතයක් ලියවෙයි ද කියලා මම දන්නේ නැහැ. මෙය 2019 වර්ෂයේ දෙසැම්බර් මාසේ මම ලිව්වේ. මම හුඟක් අධ්‍යාත්මික බලය විශ්වාස කරන ඒ වගේම මම භාවනා කරන කෙනෙක්. දවසේ කොයි තරම් කාර්යබහුල වුණත් දිනපතා කාලය වෙන්කරගෙන යම් යම් දේවල් මෙනෙහි කරන කෙනෙක්. ඉතින් ඔය ගීතය ලියවුණු දවසත් මට ජීවිතේ කවදාවත් අමතක නොවන දවසක්. එදා මම භාවනාවේ ඉන්න වෙලාවේ මේ වචන ටික හැඟීමක් විදියට මට ආවා. මම දැඩිව විශ්වාස කරන දෙයක් තමයි මගේ හිත ඇතුළෙ ආධ්‍යාත්මිකව තිබුණු දෙයක් එළියට ආවා කියන එක.
අපේ හිත ඇතුළෙන්ම නිරායාසයෙන්ම එනවා දේවල් කරගෙන යන්න යුතුකම් ඉෂ්ට කරන්න අවශ්‍ය ශක්තිය, ධෛර්යය, බලය. මම හිතනවා මේ ගීතය තුළ ඒ සියල්ල අඩංගුයි. මා අතින් මේ ලියවුණු ගීතය මටත් විශ්මයජනකයි. ඒ වචනවල තියෙන ශක්තිය මේ ගීතයට ලැබෙන ප්‍රතිචාරවලින් මට දැනෙනවා. මම මගේ මුළු ආත්මයෙන්ම විශ්වාස කරන රාවණට නැවත වඩින්න කියලා ආරාධනා කරපු මේ ගීතය ලියවුණේ ඔය විදියට.
ඒ වගේම පද පෙළක් ගීතයක් වෙන්න එයට අනිවාර්යෙන්ම සංගීතය සහ ගායනය මුසු වෙන්න ඕනේ, ඒ අපුර්වත්වය මේ ගීතයට එකතු කරගත් අයුරුත් අපි කතා බහ කළා
මගේ වපසරිය තුළ බොහෝ දෙනෙක් ගැන හිත හිත මම හොයලා බැලුවා. නමුත් මට එක පාරටම අදහසක් ආවා මේක සංගීතවත් කරන්න හේෂාන් ගමගේ සමඟ කතා කරන්න ඕනේ කියලා. මම ඔහුට මේ පද පෙළ යැව්වා. ඔහු මට කිව්ව දේ පුදුමයි. මොකද ඔහු කිව්වෙත් ඔහුත් රාවණ විශ්වාස කරන කෙනෙක්, මේ විදියටමයි ඔහු රාවණ විශ්වාස කරන්නේ කියලා. එතකොට අපි එකම පරිච්ඡේදයක ඉන්නේ කියන එක අපි අවබෝධ කර ගත්තා.
මට මුල ඉඳන්ම තිබ්බ අදහසක් තමයි මේ ගීතය නිර්මාණය වෙන්න ඕනේ එකම මතකය ඉන්න අය සමඟ කියන එක. ඒ නිසා මට මෙතැනදී ලොකු ශක්තියක් ආවා හේෂාන්ගේ විශ්වාසය ගැන. ඔහුගේ සංගීතය ගැන කියන්න අවශ්‍ය නැහැ; ඔහු අරුමැසි සංගීතඥයෙක්. ඔහු තමයි මට මේ ගීය ගායනා කරන දමිත්‍රා ගැන කිව්වේ. දමිත්‍රා කියන්නේ සංගීතය ගැන උපාධියක් තියෙන කෙනෙක්.
ඔබට මතක ඇති අවුරුදු නවයෙදි නාසා ජයගත් “මේඝ මහිම විජේවර්ධන ” ඔහු තමයි ඇමරිකාවේ නාසා ආයතනයේ ළාබාළතම සාමාජිකයා වුණේ. දැන් මේඝට වයස අවුරුදු 12යි. මේඝ තමයි මෙහි රූප රචනාව කරන්නේ
ඔව් කියන්න සතුටුයි; මේඝ විජේවර්ධන කියන්නේ මගේ පුතා. මේඝ මේ ගීතයට ගැළපෙන පරිදි අර්ථාන්විතව මේඝගෙ ආත්මයට දැනෙන දේ ප්‍රතිනිර්මාණය කරලා තියෙනවා.
මම මේ සංකල්පයට ආදරය කරන ගරු කරන කෙනෙක් සංගීතය මුසු කළ - හේෂාන් ගමගේ
ඇත්තටම මම වාසනාවන්තයි මෙවැනි ගීතයක් සංගීතවත් කරන්න ලැබීම. ගීතයේ සාර්ථකත්වය විදියට මම දකින්නේ ඒ පද පෙළේ තියෙන සංකල්පය. මන්දෝදරී අපිට ගොඩක් සමීප ඉතිහාසගත චරිතයක්. ඒ චරිතය වරින් විවිධ නිර්මාණ ඔස්සේ වර්ණනා වෙලා තියෙනවා. හැබැයි මේ ගීතය තුළ වර්ණනා වූ විදිය විශේෂයි. ඉතින් මට දොශන්ත්රී කතා කරද්දී මම දන්නේ නැහැ මේ මේඝ පුතාගේ අම්මා බව. මම තවත් සන්තෝෂ වුණා ඒ දේ දැන ගන්න ලැබීම සමඟ. මේ ලියවුණු පද පෙළට වෙනස්ම සංගීතයක් මුසු කරන්න මට අවශ්‍ය වුණා. මම හිතනවා මම සාර්ථකව එය කළා කියලා. මම පෞද්ගලිකව කැමතිම ගීතයක්. මේ සංකල්පයට ආදරය කරන ගරු කරන කෙනෙක්. ඒ එක්කම විශේෂයෙන්ම මේඝ ගැන කියන්න ඕනේ මේඝ පුතාගේ වයසත් එක්ක ඔහු මේ ගීතයට එක් කර තිබෙන විෂුවල් එක විශිෂ්ටයි.
මේ ගීතය ගැන වචනයෙන් කියලා නිම කරන්න බැහැ ගීතය ගායනය කරන - දමිත්‍රා හසිනි
මේ ගීතයට මගේ කටහඬ එක කරන්න ලැබීම මා ලැබූ භාග්‍යයක් විදියටයි මම දකින්නේ. මේ ගීතය ගැන වචනයෙන් කියලා නිම කරන්න බැහැ. ඒ තරම්ම විශේෂයි. මේ ගීතය ගයන්න මම කැමති වුණේ මෙහි පදමාලාව සහ සංගීතය එක හා සමානව ඉතා අති විශිෂ්ට ලෙස නිර්මාණය කර තිබීම. මුලින්ම මම බය වුණා මගේ කටහඬින් මේ ගීතයට සාධාරණයක් කරන්න පුළුවන්ද කියලා. ඒ තරම් මට අභියෝගාත්මක ගීතයක් වුණා. ඒ නිසා මම මෙය ස්තුතිවන්ත වෙන්න අවස්ථාවක් කර ගන්නවා පද රචනා කළ දොශන්ත්රී චමින්දීට සහ සංගීතවත් කළ හේශාන් ගමගේට මට මේ අවස්ථාව ලබා දුන්නට. විශේෂත්වය තමයි මේ මගේ මුල්ම ගීතය.
අන්තරජාලයේ සැරිසරන ඔබට අප ආරාධනා කරනවා අරාජික වෙමින් පවත්නා ලොව ගළවාගැනීම සඳහා මහා රාවණයන්ට කෙරෙන ආරාධනාව සපිරි මේ අපූර්වත්වය පිරි ගීතය රසවිඳින ලෙස.