‘වැඩිහිටියන්ට පමණක් වූ සිනමා පටවල කලක් රංගනයෙන් දායක වූ ලියානේ යංග් වර්තමානයේ ‘සම්බන්ධතා චිකිත්සා මනෝ උපදේශනය’ වෙනුවෙන් එංගලන්තය තුළ ඉහළ පිළිගැනීමක් සහිත උපදේශිකාවකි. පුද්ගලයකුගේ විවාහය, තවත් අයකු සමඟ පවත්වන ලිංගික ජීවිතය කෙසේ විය යුතු ද? ඒවායේ පවතින ප්‍රශ්න ඇත්නම් ඒවා විසඳා ගන්නේ කෙසේ ද යන්න පිළිබඳ ‘සම්බන්ධතා චිකිත්සාවේදී’ සිදු කෙර්. ඈ අවස්ථා ගණනාවක් ‘ස්කයිප්’ තාක්ෂණය ඔස්සේ හා මුහුණට මුහුණ මුණගැසී ෂේන් වෝන් හා සම්බන්ධ වෙමින් මානසික උපදේශනයේ නියැළුණා ය. වෝන්ගේ මරණයෙන් පසු ඈ ජාත්‍යන්තර මාධ්‍ය වෙත සිය අත්දැකීම් හෙළි කර තිබූ අතර, මේ ඒ ඇසුරෙන් ලියැවෙන ලිපියකි.’
‘ෂේන් වෝන් සිතාගෙන සිටියේ තවත් වසර තිහක් ජීවත් වෙන්නයි. මොකද ඔහු ජීවත් වුණේ සතුටින් නිසා ඉක්මනින් මරණය තමන් සොයාගෙන එනු ඇතැයි ඔහු සිතාගෙන සිටියේ නෑ.’ පසුගිය දා ජාත්‍යන්තර මාධ්‍ය වෙත මෙලෙස කියා තිබුණේ ඔහුගේ පෞද්ගලික මනෝ උපදේශිකාව වශයෙන් කටයුතු කළ කලක් එංගලන්තයේ වැඩිහිටියන්ට පමණක් වූ සිනමාපට කීපයක රංගනයේ නියැළී ඇති ලියානේ යංග් ය. හතළිස් හත් හැවිරිදි වියේ පසුවන ඈ රංගනයෙන් ඉවත්ව පසුව මනෝ උපදේශනය සම්බන්ධයෙන් කටයුතු කරමින් වෘත්තීය සාර්ථකත්වයක් අත්කරගෙන සිටින්නියකි. එහෙයින් ඈ වෝන්ගේ ජීවිතයේ විවිධ මාන-සික ගැටලු සම්බන්ධයෙන් මනෝ විද්‍යාත්මක උපදෙස් ලබා දෙමින් ඔහුගේ පෞද්ගලික උපදේශකවරිය ලෙස කටයුතු කිරීම ඇරඹුවේ 2015 වසරේ සිට බැව් පැවසේ.
මේ ආකාරයෙන් තමන් ඔහු හා පැවැත් වූ මනෝ උපදේශන සැසි වෝන්ගේ චිත්ත ධෛර්යය වැඩීමට ඉවහල් වූ බව ඇය පවසා තිබේ. එහෙයින්ම කාන්තාවන් සමඟ වූ ඇතැම් සම්බන්ධතාවලින් ඉවත්වීමට පසුව ඔහු කටයුතු කළ බව ද ලියානේ යංග් පවසා ඇත. ලීෂ් හර්ලි (56) නමැති රංගන ශිල්පිනිය සමඟ ඔහු පවත්වාගෙන ගිය දීර්ඝ කාලීන සම්බන්ධතාවය සත්‍යයක් බව පවසා ඇති ඈ වෝන්ගේ දැඩි කාන්තා ලෝලිත්වයෙන් මිදීමට උපදේශනය ඉවහල් කරගත් බව හෙළිදරව් කර තිබුණා ය.
‘ඔහුගේ හදිසි අභාවය මා කම්පනය කළා. මොකද ඔහුගේ ජීවිතයේ ඉදිරි සැලසුම් ගැන වෝන් මා සමඟ බොහෝ දේ කතා කර තිබූ නිසා. ඔහු මෙතරම් ඉක්මනින් යන්න ගිය එක ගැන මට සිතාගන්න අපහසුයි.’ ඈ ප්‍රකාශ කළේ එහෙයිනි. ඇය පවසන ආකාරයට ෂේන් වෝන්ට තමන්ගේ ඉදිරි ජීවිතය සම්බන්ධයෙන් පැහැදිලි දැක්මක් හා අවබෝධයක් ගොඩනැඟී තිබියදී මෙලෙස මරණය ඔහු සොයා පැමිණ තිබිණි.
‘ඔහුගේ ජීවිතයේ හැමදෙයක්ම වගේ හොඳින් සිදු වෙමින් තිබුණා. ඔහු ඉදිරි මාස තුනක කාලය හොඳ විවේකයක් ගන්න සැලසුම් කරලා තිබුණේ. ඒ වගේම තමන්ගේ දරුවන් එක්ක, ආදරණීය අය සමඟ කාලය ගත කරන්න සිතාගෙන සිටියා. ඊට බලපෑමක් සිද්ධවෙන ආකාරයේ කිසිම සෞඛ්‍ය ගැටලුවක් තමන්ට තිබෙන බවක් ඔහු මට ඉඟි කරලාවත් තිබුණේ නෑ. ඔහු හිතුවෙම තව අවුරුදු තිහක් ජීවත් වෙන්න පුළුවන් වෙයි කියලයි.
‘අපි සම්බන්ධතා ගැන කතාකළා. ඔහු හිටියේ අලුත් කෙනෙක් ජීවිතයට එකතු කර ගන්න කියන එක මට හැඟුණා. කිසිම වෙලාවක ඔහු තම-න්ගේ අතීතය ගැන සිතුවේ නෑ.
මට මතකයි උපදේශන සැසියකට පස්සේ මම ඔහුගෙන් ප්‍රශ්නයක් ඇසුවා. ඒ තමයි දැන් ඔබට ඔබේ ජීවිතයට සැබැවින්ම අවශ්‍ය මොකක්ද කියලා වැටහෙනවා ද කියලා?’
ඔහු ඒකට උත්තර දුන්නා. ‘ඔව්. මට සැනසිල්ලක් හා සහනයක් දැනෙනවා. ඔහු කිව්වා.
මම හිතන්නේ ඔහුට ඔහුගේ ඉදිරි ජීවිතයෙන් තවත් කරුණු තුනක් ඉටුකරගන්න අවශ්‍ය වුණා. එකක් තමයි වෝන්ට ඔහුගේ දරුවන්ට තවත් සමීප වෙන්න උවමනා වුණා. කවුරුන් සමඟ හෝ සමීපත්වයක් ගොඩනගා ගන්නත් අවශ්‍ය වුණා. තව දුරටත් ක්‍රිකට් ක්‍රීඩාව හා ඉන්න වගේම ක්‍රීඩා කරන්න උවමනා වුණා. ඔහු අනාගතය ගැන උද්යෝගීමත්වයි හිටියේ. ඈ පවසා තිබිණි.
එසේම ඔහු මිය යෑමට දින දහ හතරකට පෙර සිට දියරමය ආහාර ලබාගනිමින් සිය සිරුරේ බර අඩු කර ගැනීමට උත්සාහ කර තිබුණු බව ද පැවසුණේ ය.
‘ඔහු ගොඩාක් මහත විදිහට පේන පින්තූරවලට කැමැති වුණේ නෑ. ඔහුට අවශ්‍ය වුණේ සිරුර කෙට්ටු කර ගන්නයි. ඒ වගේම ඔහු ගැන එළියේ තිබුණු පින්තූරය නැති කරන්නත්
ඔහුගේ හිතේ උවමනාවක් තිබුණා. කොහොම වුණත් අනාගතය ගැන ගොඩාක් වෙනස් විධිහට සැලසුම් කර-ගෙන හිටපු ෂේන් වෝන්ට අකාලයේ ජීවිතයෙන් සමුගැනී-මට සිදුවීම ගැන මට කනගා-ටුයි.’ ඈ පවසා තිබිණි.
‘ඔහු සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට පිවිසෙන්න ගොඩාක් කැමැත්තෙන් හා බලාපොරොත්තුවෙන් සිටියා කියලයි මට කියන්න පුලුවන් වෙන්නේ.’ ලියානේ වැඩිදුරටත් පවසා තිබේ.
එසේම ඇය කියන්නේ ෂේන් වෝන් කාන්තාවන්ට නිරන්තරයෙන් ගෞරවකළ පිරිමියකු බවයි. ‘මම හිතන්නේ නම් බොහොමයක් පිරිමි ඔහුගෙන් ඒ පිළිබඳ ඉගෙන ගන්න ඕනෑ කියලයි.’
ඔහු ලිංගික ඇබ්බැහිවීමක් සම්බන්ධව මගෙන් කිසිවිටකත් උපදෙස් අරගෙන නෑ. ඔහුට අවශ්‍ය වුණේ දීර්ඝ කාලීනව සම්බන්ධතාවක් පවත්වාගෙන යන්න ඔහුට බාධා වුණු කාරණා තේරුම් අරගෙන ජීවිතය වෙනස් කරගන්නයි.’ ලියානේ යංග් පවසන්නීය.
අවසන් වශයෙන් ඈ එසේ සඳහන් කර තිබුණේ දැඩි කාන්තාලෝලියකු වූවද කාන්තා ගෞරවය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලක් දක්වනකු ලෙස ඔහු හැඳින්විය හැකි බව කාන්තාවක් වශයෙන් අදහස් දක්වමිනි.