![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2022/03/25/30.jpg?itok=VOCWZhzR)
‘මම වෘත්තීය ටෙනිස් ක්‍රීඩාවෙන් සමුගන්නවා.‘ ඈ එහෙම කිව්වේ ටෙනිස් ලෝකය පමණක් නොවෙයි සමස්ත ක්‍රීඩා ලෝකයම කම්පනය කරමිනුයි.
ඒක ඒතරම් කම්පිත ප්‍රවෘත්තියක් වෙන්නේ කොහොම ද? එහෙම වෙන්නේ ඇය වර්තමාන ලෝකයේ අංක එකේ ටෙනිස් ක්‍රීඩිකාව නිසයි. ඈ තමයි ඔස්ට්‍රේලියාවේ ඈෂ්ලි බාර්ටි.
ඈ වයසට ගිහින් ක්‍රීඩාවෙන් සමුගන්නවා නම් කමක් නෑ. තවම අවුරුදු 25 ක් ඒ කියන්නේ තාරුණ්‍යයේ නාඹර යුගයේ (අපේ සංස්කෘතියට අනුව) ඉන්න ඈ මෙහෙම සමුගන්නේ ඇයි කියන එක කාටත් ප්‍රශ්නයක්. ඇ පසුගිය දා තමන්ගේ තීරණ සිය ට්විටර් අඩවියටයි කියලා තිබුණේ.
සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙන ඇතැම් ප්රවෘත්ති සියයට සියයක් පිළිගන්න අසීරු නිසා බාර්ටි ගේ තීරණය ඉදිරියේ දි වෙනස් වෙන්නත් ඉඩ නැතැයි කියන්න බෑ. (ක්‍රීඩාවේ උද්වේගය පැත්තෙන් බලද්දී එහෙම වුණොත් හොඳයි.) ඒත් ඒක අනාගතයේ විසඳෙන කාරණයක්.
‘මම යන්නේ තවත් සිහිනයක් ලුහුබඳින්න.‘ බාර්ටි කියනවා. සාමාන්‍යයෙන් ඈ අමුතුම ජාතියේ කෙල්ලක්. වරක් ටෙනිස් ක්‍රීඩාවෙන් ගොඩාක් දුර ගමනක් යමින් සිටියදී ඉන් තාවකාලිකව සමුගත්තා. ඒ තීරණයත් ටක්කෙටම සාර්ථක කරගත් ඈ ඔස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් කණ්ඩායමත් නියෝජනය කළා. ඒකයි බාර්ටි කියන්නේ යථාවාදී තථාකාරී කෙල්ලක් ඒ කියන්නේ කටමැත දොඩවන්නේ නැතිව කරන දේ කියන කියන දේ කරන ශක්තියක් ඇති කෙල්ලක් යැයි කිවිය හැකි වන්නේ. සමහරවිට ඒකට ඇගේ ජාන සම්මිශ්රිත ජන්මයම හේතුවෙනවා ඇති.
ඇයි එහෙම කියන්නේ?
ඇගේ පියා ඔස්ට්‍රේලියානු ආදි වාසි පවුලකින් පැවත එන්නෙක්. ඒ ඔහුගේ මිත්තණිය එම පෙළපතට අයත්වන නිසා. බාර්ට් ගේ මව එංගලන්තයෙන් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූවකුගේ දියණියක්. ඒ නිසා ඇයට එංගලන්තයෙන් එන ඉංගිරිසි ජානත්, ඔස්ට්‍රේලියාවෙන් එන ආදි වාසී ජානත් යන ජාන දෙවර්ගයම සම්මිශ්‍රණය වෙලා තිබෙනවා. (මිශ්‍ර විවාහයන්ගෙන් උපදින දරුවන් වඩා බුද්ධිමත් හා නිරෝගීයි කියලා පිළිගැනීමක් තිබෙනවා.) ඒ නිසා වෙන්න ඇති බාර්ටි මෙච්චර දක්ෂ.
ඈ පුංචි කාලේ දැල් පන්දු ක්‍රීඩා කළේ අක්කලා දෙන්නා එක්කයි. ඒත් අක්කලා එක්ක හැරෙන්නත් බැරි නිසා ඇය දැල්පන්දුව අතහැරලා ටෙනිස් ක්‍රීඩාවට එක්වුණා. ඇගේ පුංචි කාලේ පුහුණුකරු කියන්නේ කුඩා කාලයේ සිටම බාර්ටි ටෙනිස් ක්‍රීඩාව තුළින් තමන්ගේ ගමන ප්‍රකට කළා කියලයි. ‘ඇගේ ඇස හා අත අතර සම්බන්ධය ඉතාම විශිෂ්ටයි,කාර්යක්ෂමයි.‘ පුහුණුකරු පවසා තිබුණේ එහෙමයි.
පුංචි කාලේ ඈ පාසල් ගොස් ගෙදර ආ සැණින් කළේ ගෙදර බිත්තිය එක්ක තරගයට ටෙනිස් ගහපු එකයි. ‘මම අනිවාර්යයෙන් පැයක් බිත්තිය එක්ක ටෙනිස් ක්‍රීඩා කළා. බිත්තියේ වැදිලා පොලා පනින ටෙනිස් පන්දුව එන එන පැතිවලට පැන පැන මම ටෙනිස් ගැහුවා.‘ ඈ පස්සෙ කාලෙක බාල සන්ධියේ ටෙනිස් ගනුදෙනුව ගැන කියලා තිබුණේ එහෙමයි.
හරි ඇය මෙහෙම පටන් ගත්තු ටෙනිස් ක්‍රීඩාවෙන් ක්‍රම ක්‍රමයෙන් ලෝකයේ අංක එකට ගියා. ඒ ගමන අතරේ සියලු ටෙනිස් පිටි මත (මැටි, තණ, දැඩි මතුපිටක් සහිත පිටි) තරගාවලි ජයග්‍රහණය කරන්නත් ඇයට හැකි වුණා.
‘මට මේ සමුගැනීමේ ප්‍රවෘත්තිය ඔබ සමඟ බෙදාගන්නේ කොහොමද කියන එක තේරෙන්නෙ නෑ.‘ බාර්ටි පසුගිය බදාදා කියා තිබුණා.
‘ක්‍රීඩාව නිසා මම මට ලැබුණු සෑම දෙයකටම ස්තුතිවන්ත වෙනවා. ක්‍රීඩාව මට බොහෝදේ දුන්නා. මටම කියලා අභිමානයක් දුන්නා.‘
‘මගේ මේ ගමනට සුළුවෙන් හෝ උපකාරයක් කළ සෑම දෙනාටම ස්තුතියි. මට ඒක ජීවිත කාලයටම අපූරු මතකයක් වේවි.‘ ඈ පවසා තිබුණා.
වාර්ටිගේ සමුගැනීමේ තිරණය සම්බන්ධයෙන් කාන්තා ටෙනිස් සංගමයේ සභාපති ස්ටීව් සිමොන් කියා තිබුණේ, ‘ඈ විශිෂ්ට ශූරියක්, ඇය ක්‍රිඩාවට අහිමිවීම අසීමිත පාඩුවක්.‘ යනුවෙනුයි.
ඇත්තටම කියනාව නම් බාර්ටි කියන්නේ සමස්ත ඔස්ට්‍රේලියා බාල, තරුණ, මහළු සැමට එකසේ බලපෑ ක්‍රීඩිකාවකට. ඇය නිසා එරට දරුවන්ගෙන් සියයට තිහක් අලුතින් ටෙනිස් ක්‍රීඩාව වෙත පිවිසී තිබුණා. ඉන් වැඩි ප්‍රතිශතයක් ඔස්ට්‍රේලියානු ආදිවාසී දැරියන්.
‘ඒ ගැන ඇත්තටම ආඩම්බරයි. දරුවන් ක්‍රීඩාවට යොමුකරන්න පුංචි හෝ දායකත්වයක් දෙන්න මට පුළුවන් වුණු එක ගැන වගේම ඔවුන්ට ඔවුන්ගේ සිහින හඹාගෙන යන්න බලපෑමක් වෙන්න හැකිවීම පිළිබඳ මට තියෙන්නේ අභිමානයක්.‘ බාර්ටි කියකවා.
ඈහෙට නව බලාපොරොත්තුවක් සමඟ යළි මතුවේවි. අපි එහෙම කියන්නේ ඇය එවැනි ක්‍රීඩිකාවක් නිසා. ‘මම යන්නේ තවත් සිහිනයක් ලුහුබඳින්න.‘ ඒ ඈ සිය සමුගැනීම ප්‍රකාශ කරමින් කියා තිබුණු බව අපට අමතක කළ නොහැකි නිසයි.