![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2022/03/11/4-4.jpg?itok=EJjzdxsl)
රන්දීර් පදනයේ සභාපති රන්දීර් රුද්‍රිගු විසින් ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ වත්මන් සභාපති ආර්.එම්. බණ්ඩාර මහතා වෙත අනුග්‍රාහකත්වය ලබාදෙමින් කායවර්ධන සම්මේලනයේ සෙසු නිලධාරීහුද මෙහි වෙති. ඡායාරුපය - රංජිත් අසංක
ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන 73 වැනි මිස්ටර් ශ්‍රී ලංකා 2021 ජාතික තරගාවලිය මාර්තු 19 වැනි දා වැලිසර නවලෝක ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙයි. කණිෂ්ඨ හා ප්‍රවිණ යන තරග කාණ්ඩ දෙක යටතේ කාන්තා හා පිරිමි තරග පැවැත්විමට කටයුතු කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනය විසින් සංවිධානය කර ඇති අතර කිලෝ ග්‍රැම් 60/65/70/75/80/85/හා 85 ට වැඩි කාණ්ඩ යටතේ කාන්තා ෆ්‍රීසික්, පිරිමි ෆ්‍රීසික් හා පිරිමි කැලැසික් විවෘත යන කාණ්ඩයන්ගෙන් තරග පැවැත් විමට නියමිතය.
ජයග්‍රහකයා වෙනුවෙන් මුදලින් 200,000 ක්ද දෙවැන්නා වෙනුවෙන් මුදලින් 150,000ක්ද තෙවැන්නා වෙනුවෙන් මුදලින් 100,000 ක් හා කුසලාන පිරිනැමේ.
“ටයිටල්“ තරගයට සුදුසුකම් ලබන සියලුම ක්‍රීඩකයන් වෙනුවෙන් මුදලින් රුපියල් 5000 බැගින් ද සියළු බර පන්ති ජයග්‍රහකයන් වෙනුවෙන් වටිනා කුසලාන හා සහතිකපත් සම්මේලනය මගින් පිරිනැමිමට නියමිතය.