‘වාර්තා පිහිටුවීම සාමාන්‍යය ය. ලෝක වාර්තා පිහිටුවීම ඒ අතරින් තරමක් අසාමාන්‍යය. එය තවත් අතිවිශේෂ එකක් වනුයේ ඒ පිහිටවූ වාර්තාව දසක ගණනක් නොබිඳී පවතින විටය. මේ එසේ නොබිඳී ඇති වාර්තාවක් ගැන තොරතුරුය.’
ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල පළමු පෙළ තරග වල දී මෙතෙක් ඉනිමක කඩුලු 10 දවාලීමේ වාර්තාව සිය වතාවකට ආසන්නව වාර්තා වී ඇතත් ටෙස්ට් තරග වල දී ඉනිමක කඩුලු 10 ක් දවාලීමේ වාර්තාව සනිටුහන්ව ඇත්තේ තුන්වතාවක් පමණි. ඒ ජිම් ලේකර් (එංගලන්තය) 1956 දී අනිල් කුම්බ්ලේ (ඉන්දියාව) 1999 දී සහ අජාස් පටෙල් (නවසීලන්තය) 2022 දී යන දඟ පන්දු යවන්නන් තිදෙනා ය.
කෙසේ වෙතත් පළමු පෙළ එක් දින තරග වල දී ඉනිමක කඩුලු 10 ක් දවාලීමේ වාර්තාව මෙතෙක් සටහන්ව ඇත්තේ එක් අවස්ථාවක් පමණි. අවුරුදු 40 ක් අමරණීයාව පවතින මෙම වාර්තාව ශ්‍රී ලංකීක පන්දු යවන්නෙකු විසින් පිහිටුවා තිබීම අපට ආඩම්බරයකි.
නමින් ඔහු ලක්ෂමන් ඇලෝසියස් ය. කොළඹ සාන්ත ජෝසොප් විදුහලින් බිහිව ලක්ෂමන් මෙරට අන්තර් සමාජීය මට්ටමින් ක්‍රීඩා කළේ ටැමිල් යුනියන් කණ්ඩායමට ය. 1982 කොළඹ පී.සාරා පිටියේ පැවති එක් දින තරගයක දී ලක්ෂමන් කැටමරාන්ස් පිළට එරෙහිව ලකුණු 36 කට කඩුලු 10 ක් දවාලීය. (36/10) ලක්ෂමන් මේ ලෝක වාර්තාව තැබුවේ නිලකුණු පන්දුවාරයක් ද ඇතුළත්ව පන්දුවාර 9.5 ක් යවමිනි. මේ අනුව ලොව පළමු පෙළ එක් දින තරගයක දී ඉනිමක කඩුලු 10 ක් දවාලු අදටත් එකම පන්දු යවන්නා ඔහුය.
ලක්ෂ්මන්ගේ වාර්තාව ඇතුලත් වූ 1982 තරගයේ කෙටි ලකුණු පුවරුව මෙලෙසිනි.
ටැමිල් යුනියන් ලකුණු 247 /8 වේන් ජෑන්ස් 107, ඈෂ්ලි ද සිල්වා 65
කැටමරාන්ස් ලකුණු 74 (30.5) ලක්ෂමන් ඇලෝසියස් 36/10
ක්‍රිස්ටෝපර් රණසිංහ