
‘මානව සමාජය තුළ ක්රීඩාව බිහිවුණේ පළමුව එකිනෙකාගේ ශක්තිය ප්රකට කිරීමට ය. එසේ ශක්තිය ප්රකාශ කිරීම මගින් පළමුව තම සහකාරිය ලබා ගැනීම ආදිය, ආහාර කොටස දිනා ගැනීම, සෙසු ජන කණ්ඩායම් අතර නායකත්වය හිමිකර
ගැනීම ආදි නොයෙක් හේතුන් තිබෙන්නට ඇත. එකල එය ක්රීඩාවක් ලෙස නොහැ-ඳින්වූවද පසුකාලීනව එය යම් විධිමත් නීති රීතිවලට අනුව යමින් වඩාත් විනයානුකූල භාවයකට පැමිණියේ ය. එහෙත් යළි එම විනයානුකූල භාවය ඉක්මවා මානව සමාජය තුළ ආකර්ශනය වැඩි කරලීම වෙනුවෙන් විවිධ ම්ලේච්ඡ ලක්ෂණ ඇතුළත් කරමින් ක්රීඩාව පවත්වාගෙන යාමට ගන්නා උත්සාහයන් එමට ය. මේ එවන් කතාවකි.’
රුසියානුවෝ අපූරු බොක්සිං තරගයක් සංවිධානය කරමින් තිබේ. ඒ තරග රටාව වනුයේ සුපුරුදු බොක්සිං වළල්ල වෙනුවට අලුත් වේදිකාවක් ඊට එක්කර ගැනීම ය. තරගය පැවැත්වෙන්නේ ‘ටෙලිෆෝන් පෙට්ටියක්’ තුළ ය. මෙම ටෙලිෆෝන් පෙට්ටිය එංගලන්තයේ පවතින ප්රමාණයේ එකකි. ඉතා කුඩා ඉඩක, හෙවිවේට් බොක්සිං ක්රීඩකයන් දෙදෙනෙක් වසා දමා ඇති ටෙලිෆෝන් කුටියක් තුළ එකිනෙකාට පහර දීම අපූරු අත්දැකීමකි.
වේගවත් ඉහළ කට් පහරවල් මගින් මුවට එල්ල කරන මුෂ්ටි ප්රහාර, මැණික් කටු, අත් බාහු උපයෝගී කර ගනිමින් පහරදීම මෙහි දී සිදුකෙරේ. අත් ආවරණ පමණක් පැලඳ හිස් ආවරණ ආදිය යොදා නොගනිමින් සිදුකරන මෙම සටන නැරඹීමේ හැකියාව ඇත්තේ ටෙලිෆෝන් පෙට්ටිය තුළ ඇති වීදුරු මුහුණත් තුළිනි. මෙහි ජයග්රාහකයා තීරණය කරනුයේ එක් තරගකරුවකු විසින් තමා යටත් වන බව සංඥා කිරීමෙන් අනතුරුව ය. එසේ නොවන්නේ නම් තරගය දිගින් දිගටම පවත්වා ගෙන යෑම සිදුවෙයි.
ඉතා කුඩා අවකාශයක් තුළ සිදුවීම හේතුවෙන් ශ්වසන අපහසුතා පවා ඇති වීමේ අවදානමක් පැවැතීම හේතුවෙන් මෙම ටෙලිෆෝන් පෙට්ටි තුළ බොක්සිං තරග වඩාත් වේගවත් හා උදවේගකර තත්ත්වයට පත්කර ඇත.
මෙම තරග රටාව නැරඹීමේ උන්මාදයක් දැන් ලෝකය තුළ ඇති වෙමින් පවතින අතර එය සංවිධානය කර ඇත්තේ රුසියානු ක්රීඩා ප්රවර්ධකයන් කණ්ඩායමක් විසිනි.