
‘ගැහැණියකට සිදුකළ නොහැක්කේ කුමක් ද? පිළිතුර වනුයේ සියලු දේ සිදුකළ හැකිය යන්නය. පිරිමියාට කළ නොහැකි දේ ද කාන්තාවට සිදුකිරීමට හැකිනම් පිරිමියාට පමණක් කළ හැකියැයි සිතන බොහෝදේ ද ඇයට සිදුකිරීමට පිළිවන. මීට දසක ගණනාවකට එපිට කාන්තාවකට සිදුකළ නොහැකි යැයි කැට තබා කියා තිබූ වගකිමක් තමන් වෙත දිනාගැනීමට ඈ හමුදා පාලකයකු හමුවීමට තරම් ධෛර්යය සම්පන්න වූවා ය. හමුදා පාලකයා ඇය අතර ඇතිවූ හමුවෙන් පෑ කීපයකට පසු ඇගේ ඉල්ලීම වහා ඉටු කරන්නැයි නියෝග නිකුත් කරනු ලැබිණි. එහෙත් එයට සොබා දහමෙන් අවකාශ ලැබුණේ කෙටි කාලයකට පමණි. මේ ඇගේ ජයග්‍රහණයේ කතාවේ සංක්ෂිප්ත සටහනකි.‘
කලකට ඉහත දී පාපන්දු ක්‍රීඩාව සලකනු ලැබුවේ පිරිමි පාර්ශ්වය සඳහා වෙන් වූ ක්‍රීඩාවක් ලෙස ය. 1920 ගණන්වල ක්‍රීඩිකාවන් ද පාපන්දු ක්‍රීඩාවේ නියැළී ඇතත් එය කාන්තාවන්ට නොගැලපෙන ක්‍රීඩාවක් ලෙස කියා, ක්‍රීඩිකා-වන්ට පා පන්දු ක්‍රීඩා කිරීම තහනම් කරනු ලැබූ අවස්ථා ද එමට ය.
මේ නිසා අන්තර්ජාතික කාන්තා පාපන්දු සම්-මේලනයක් පිහිටුවා ගන්නා තුරු කාන්තාවන්ට ඉවසා සිටින්නට සිදු විණි.
කෙසේ නමුත් ජාත්‍යන්තර කාන්තා පාපන්දු තරගාවලිය 1971 වසරේ මෙක්සිකෝවේ දී පවත්වන තුරු ම ඒ සඳහා ඔවුනට මහත් වූ පරිශ්‍රමයක් දරන්නට සිදුව තිබිණි.
ක්‍රීඩිකාවන්ට පාපන්දු තරගවලට සහභාගී වීමේ අවස්ථා ලබා දෙනවාට වඩා අසීරු වූයේ කාන්තාවනට තරග විනිශ්චයේ අවස්ථාව ලබා ගැනීම ය.
ඒ වෙනුවෙන් ලෙයා කැම්පොස් දැඩි සට-නක නිරත වූ තැනැත්තියකි. පාපන්දු ක්‍රීඩා ලෝලී-න්ගෙන් අඩුවක් නැති බ්‍රසීලයේ 1944 වසරේ උපන් කැම්පොස්ට පාපන්දු උන්මාදය වැලඳී තිබුණේ සය හැවිරිදි වියේ දී යි. ඊට හේතු වී තිබුණේ 1950 වසරේ පවත්වන ලද ලෝක කුසලාන පාපන්දු තරගාවලියට බ්‍රසීලය සත්කාරය ලබා දීමය. එම තරගාවලියේ දී බ්‍රසීලය පරාජයට පත්වුව ද කැම්පොස්ගේ පාපන්දු උමතුව වැඩි වූවා මිස අඩු වූයේ නැත.
තරුණ වියට එළැඹෙන විට අඩි 5 අඟල් 11 ක් උසැති මනා රූ සපුවකින් යුතු වූ කැම්පොස් එකල බ්‍රසීලය පුරා පවත්වන ලද රූප සුන්දරී තරග රැසකට ම ඉදිරිපත්ව ඉන් වැඩි ප්‍රමාණයක ජය ද හිමි කර ගත්තා ය.
පසුකලෙක ඈ වෘත්තීය ක්‍රීඩා මාධ්‍යෙව්දිනියක වූවා ය. මේ අතර ඈ මැතිවරණ කාලවලදී දේශ-පාලනඥයන්ගේ ප්රචාරක කටයුතුවලට ද සම්-බන්ධ විණි
පාපන්දු ක්‍රීඩාවේ තරග විනිසුරුවන් ලෙස කාන්තාවන්ට අවස්ථාව ලබා දීම බ්‍රසීල පාපන්දු බලධාරීහු තහනම් කළ හ. පාපන්දු තරග විනිශ්චයට සුදුසු ශාරීරික යෝග්‍යතාවක් නොමැතිකම හා ඔපස් චක්‍රය ඒ සඳහා බලපාන කරුණු වශයෙන් දැක්විණි.
නමුත් කැම්පොස් තම-න්ගේ වෘත්තිය උපකාර කර ගනිමින් වෛද්‍යවරුන්, ක්‍රීඩකයන්, පුහුණුකරුවන් සමඟ සම්මුඛ සාකච්ඡා පවත්වමින් බලධාරීන්ගේ මතය බොරු කිරීමට බලවත් සටහන නියැළුණා ය.
එහෙත් පසු කලෙක ජගත් පාපන්දු සම්මේල-නයේ සභාපති ලෙස පත්වූ එවකට බ්‍රසීල ක්‍රීඩා සම්මේලනයේ සභාපති ලෙස කටයුතු කළ ජාවෝ හැවලේන්ගේ පසුවූයේ තරුණියන්ට පාපන්දු විනිසුරුවන් ලෙස කටයුතු කිරීමට අවස්ථාව නොදීමේ තදබල තීරණයක ය. ඒ සඳහා ඔහුට 1941 වසරේ ප්‍රකාශිත ආඥා පනතේ 54 වැනි වගන්ති-යද උපකාර කර ගෙන තිබුණේ ය.
මේ අතර බ්‍රසීලයේ ජනාධිපති ධුරයට එරට හමුදාපති එමිලියෝ ගරාස්ටාටු පත්විය. තරමක් දරදඬු හිතුවක්කාර ඒකාධිපතියකු වූ නිසා එමි-ලියෝ මුණ ගැසීමට ඉහළ නිලධාරින් පවා දැක්-වූයේ මැළිකමකි.
නමුත් අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට මීට වඩා සුදුසු කාලයක් තවත් නැතැයි කල්පනා කළ කැම්පොස් ජනාධිපතිවරයා මුණගැසුණාය.
ඒ හමුවීමෙන් පසුව ගෙවී ගියේ දින කිහිපයකි. ජාවො හැව්ලන්ගේට් ජනාධිපතිවරයා ගෙන් ලිපියක් ලැබිණි. ඇත්තෙන්ම එය ලිපියට වඩා නියෝගක් විය.
එහි වූයේ ලෙයා කැම්පොස්ට පාපන්දු විනි-සුරුවරියක ලෙස කටයුතු කිරීමට අවසර ලබාදිය යුතුය යන්න ය.
ඒ වන විටත් පාපන්දු විනිසුරු විභාගය ද ඉහළින් ම සමත්ව සිටි බැවින් එම වසරේ රටවල් හයක සහභාගීත්වයෙන් සංවිධානය කර තිබූ ලෝක පාපන්දු තරගාවලියේ විනිසුරුවරියක ලෙස කටයුතු කිරීමේ අවස්ථාව කැම්පොස්ට හිමි විණි.
අනතුරුව ඇයට ලතින් අමෙරිකානු රටවල මෙන්ම පෘතුගාලය, ප්‍රංශය, නෙදර්ලන්තය වැනි යුරෝපීය රටවල පවත්වන ලද පාපන්දු තරගමාලා කිහිපයකටම සහභාගී වීමේ අවස්ථාව හිමි වුණේය.
නමුත් එය එතරම් දිගු එකක් නොවිණි. ඒ තරගයක් විනිශ්චය කිරීම සඳහා 1974 පෙබරවාරි 28 වැනි දින සාඕ පාවුලෝ බලා බස් රථයකින් ගමන් කරමින් සිටියදී බරපතළ අනතුරකට මුහුණ පෑමත් සමඟය.
ඒ බර භාණ්ඩ තොගයක් පටවාගත් ලොරියක් මුහුණට මුහුණලා ගැටීමෙනි. ඉන් කැම්පොස්ගේ දෙපාවලට දැඩිව හානිවි ය.
කොලොම්බියානු ජාතික මාධ්‍යවේදියකු හා විවාහ වී සිටි ඈ ද ජීවත් වන්නේ අමෙරිකාවේය.
නමුත් ඇය යළි 1999 වසරේ බ්‍රසීලයට පැමිණ එම වසරේ එරට පැවති ලෝක කුසලාන කාන්තා පාපන්දු තරගාවලියට සුදුසු කණ්ඩායම තෝරා ගැනීමේ තේරීම් කමිටුවට ද එක්ව සිටියා ය.
පාපන්දු විනිසුරුවරියක වීමේ අරගලයක නිරත එය ජය ගැනීමේ සතුට රැයේ දුටු සිහනයක තරම් කෙටි කාලයකින් අවසන් වීම ද පුදුමාකාර ය.