ඩී.එස්.අයි. අත හිත මැද පාසල් වොලිබෝල් තරගාවලිය 26 දා සිට | සිළුමිණ

ඩී.එස්.අයි. අත හිත මැද පාසල් වොලිබෝල් තරගාවලිය 26 දා සිට

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති කාංචන ජයරත්න මහතා වෙත ඩී.එස්. අයි. සමුහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂක තුසිත ආර්. රාජපක්ෂ මහතා විසින් අනුග්‍රාහකත්වය පිරිනැමු මෙහොත. ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ.එස්. නාලක භාණ්ඩාගාරික තුෂාර එස් පෙරේරා, ඩී.එස්.අයි. සමුහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂක අසංක රාජපක්ෂ හා සාමාන්‍යධිකාරි ප්‍රදීප් සමරතුංග මහත්වරු දෙපසින් වෙති.

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය අධ්‍යාපන අමාත්‍යාංශයත් සමග එක්ව සංවිධානය කරන පාසල් වොලිබෝල් තරගාවලිය මාර්තු 26 වැනි දා සිට මැයි 8 වැනි දා දක්වා පැවැත්වේ. 20 වැනි වරටත් ඩී.එස්.අයි. සමුහ ව්‍යාපාරය අනුග්‍රාහකත්වය ලබාදෙන අතර තරගාවලිය නම් කර ඇතිතේ ඩී.එස්.අයි. සූපර්ස්පෝට් පාසල් වොලිබෝල් තරගාවලිය ලෙසය.

තරගාවලියට ඇතුළත් විමේ තරග ඇයැදුම් පත් පෙබරවාරි 15 වැනි දා සිට දිවයින පුරා පිහිටි ඩී.එස්.අයි. ප්‍රදර්ශනාගාරයන්ගෙන් ලබාගැනීමට හැකිය. තරගාවලිය බාලක බාලිකා වශයෙන් වයස අවුරුදු 11, 13,15,17 හා 19 න් පහළ වයස් කාණ්ඩ අනුව දිස්ත්‍රීක්ක මට්ටමින්, ජාතික මට්ටමෙන් පැවැත්වෙනු ඇත.

අවසන් තරග ජුනී 15 වැනි දා සිට 21 වැනි දා දක්වා ගාල්ල දඩල්ල වොලිබෝල් මධ්‍යස්ථානයේ දී පැවැත්විමට කටයුතු යොදා ඇති බව වොලිබෝල් සම්මේලනයේ සභාපති, ශ්‍රී ලංකා ඹලිම්පික් කමිටුවේ සමාජික කාංචන ජයරත්න මහතා පැවැසීය.

ග්‍රාමීය හා නාගරක පාසල් කේන්ද්‍ර කරගනිමින් වොලිබෝල් ක්‍රීඩාවේ යෙදී සිටින දක්ෂ දරු දැරියන් දිරිගැන්වමින් ජාතික තලයට ඹසවා තබන්නට ඩී.එස්.අයි. ප්‍රධානත්වයෙන් වර්ෂ 1999දී ආරම්භ කළ ඩී.එස්. අයි. සුපර් ස්පෝට් පාසල් වොලිබෝල් තරගාවලිය ශ්‍රී ලංකාවේ වොලිබෝල් ක්‍රීඩා ක්ෂේත්‍රෙය් කැපිපෙනෙන දියුණුවකට මග හෙළි කළ තරගාවලියක් බවද සභාපති වරයා වැඩිදුරටත් පැවසීය. මෙම තරගාවලිය වසර 20 ක් පුරා සංවිධානය කිරිම තුළින් වොලිබෝල් ක්‍රීඩා තරු 1000 කට අධික පිරිසක් ජාතියට දායද කර තිබේ.

මේ වසරේ දී මෙම තරගාවලියට එක්වන කණ්ඩායම් සංඛ්‍යාව 5000 ක ට අධික ය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ.එස්. නාලක භාණ්ඩාගාරික තුෂාර එස් පෙරේරා, ඩී.එස්.අයි. සමුහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂක තුසිත ආර්. රාජපක්ෂ, අධ්‍යක්ෂක අසංක රාජපක්ෂ හා සාමාන්‍යධිකාරි ප්‍රදීප් සමරතුංග යන මහත්වරුද එක්ව සිටිය හ.

 

Comments