සුවැති රටක නෙතට උලෙළක් වූ ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා උලෙළෙන් | සිළුමිණ

සුවැති රටක නෙතට උලෙළක් වූ ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා උලෙළෙන්

 

රටක ජනතාව නිරෝගී නම් ඒ රට හරිම වාසනාවන්ත ය. එහෙත් නිදහස් සෞඛ්‍ය ක්‍රමයක් අනුගමනය කරන ශ්‍රී ලංකාවේ බහුතරයක් වූ ජනතාව නිරෝගී දැයි ප්‍රශ්න කිරීමට සිදුවන්නේ රෝහල් තුළ, ඖෂධ අලෙවි ශාලාවන් හි පොදි කන පිරිස් සම්බන්ධයෙන් සලකද්දී ය.

එහෙත් ඊට ගොදුරු නොවී රටක සුව සම්පත රැක දෙන්නට උත්සුක වන විශිෂ්ට මිනිසුන් අතර ක්‍රීඩකයනට ඇත්තේ ඉහළ ම පිළිගැනීමකි. රට තුළ වැඩි අවධානයක් යොමු නොවන (අනුග්‍රාහකයන්ගේ, ක්‍රීඩා අමාත්‍යාංශයේ හෝ මලල ක්‍රීඩා සංගමයේ මෙන්ම ජනමාධ්‍යයේ ද) අතිශය ගෞරවාදරයට පාත්‍රවිය යුතු තරගාවලියක් ලෙස ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා උලෙළ දැක්විය හැකි ය.

එම ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා තරගාවලියේ තවත් අදියරක් පසුගිය සෙනසුරාදා (11) හා ඉරිදා (12) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි. නෙතට උළෙලක් ලෙසින් දැකිය හැකි මෙම මලල ක්‍රීඩා තරගාවලිය වෙනුවෙන් දිවයිනේ නන් දෙසින් විවිධ වයස් කාණඩයන්ට අයත් (අවුරුදු 35 ට වැඩි) ක්‍රීඩක, ක්‍රීඩිකාවෝ එක් ව සිටිය හ.

එම තරගාවලිය ආවරණය කිරීම වෙනුවෙන් ප්‍රතිපත්තිමය තීරණයකට එළැඹි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ හා එකම ක්‍රීඩා පුවත්පත වන ක්‍රීඩා මෙවර එම තරගාවලියේ ඡායාරූප අවස්ථා කීපයක් මෙලෙස ගෙනහැර දක්වනුයේ ලබන සතියේ සමස්ත තරග ප්‍රතිඵල පළ කිරීමේ අපේක්ෂාවෙනි. මෙවර එම සමස්ත ප්‍රතිඵලය පල කළ නොහැක්කේ නොවැළැක්විය හේතුවක් මත පුවත්-පතේ ඉඩකඩ සීමාවීම හේතුවෙනි.

මෙවර තරගාවලියේ දී පිරිමි ඉසව්-වන්ගෙන් නව තරග වාර්තා 31 ක් පිහිටුවනු ලැබූ අතර තරගාවලි වාර්තා සමවීම් හතරක් දැක ගන්නට ලැබිණි. ඒ අතර මෙම තරගාවලිය වෙනුවෙන් සැලකිය යුතු ක්‍රීඩක සහභාගිත්වයක් දක්නට ලැබීම ද සතුට ට කරුණක් විය. තාරුණ්‍යයට ක්‍රීඩාවට ආකර්ශණය වීමේ වැදගත්කම කියා දෙන මහඟු තරගාවලියක් වූ ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා උලෙළේ බිහිවූ නව තරග වාර්තා පහත දැක්වේ. මුල් ස්ථාන තුන දිනාගත් ක්‍රීඩක, ක්‍රීඩිකාවන්ගේ විස්තර ඇතුළත් සමස්ත තරග ප්‍රතිඵල ලබන සතියේ බලාපොරොත්තු වන්න.

පිරිමි නව තරග වාර්තා

අවු. 35 ට වැඩි

මී. 100 - කේ.ඩබ්ලිව්. එස්. රන්දීව (ත.11.4), උස පැනීම - ඩබ්ලිව්. ඒ.එන්.එස්. විජේසිංහ (මී.1.75), රිටි පැනීම- ඒ.සී. ප්‍රනාන්දු (මී. 4.40), මී.110 කඩුලු - කේ.ඩබ්ලිව්. එස්. රන්දීව (ත.14.3), දුර පැනීම - ඒ.එම්.එන්. ගුනසිංහ (මී.6.66)

අවුරු 40

මී. 110 කඩුලු - ජේ.ඒ.එන්. ජයසුන්දර (ත.16.6), මී. 400 කඩුලු - ජේ.ඒ.එන්.ජයසුන්දර (වි.1.02.6), මී. 000 ඇවිදීම - එම්.ඩබ්ලිව්. ධනසිරි (වි.26.23.3), උස පැනීම - ජේ.ඒ.එන්.ජයසුන්දර (මී.1.68),

අවු.50

මී.100 - ජේ.එම්.රෂාක් (ත.12.3), මිටිය විසිකිරීම - ටී.එම් අබේරත්න (මී.32.18)

අවු. 60

මී.100- එච්.වී. දහනායක, (ත.13), මී. 100 කඩුලු - බී.සී. ලිවේරා (ත.17.3), මී.2000 බාධක දිවීම - එස්.එස්. සේනසිංහ (වි.8.40.9), මී.5000 ඇවිදීම - එස්.එස්.සේනසිංහ ( වි.28.35.0), උස පැනීම - බී.සී. ලිවේරා (මී. 1.44), රිටි පැනීම - ජේ.පී.වික්‍රමසිංහ (මී.2.50), දුර පැනීම - බී.සී.ලිවේරා (මී. 4.82), තුන් පිම්ම -. බී.සී. ලිවේරා (මී.10.63), යගුලිය - එෆ්.ජෙරාඩ් ප්‍රනාන්දු (මී. 11.07)

අවු.65

උස පැනීම-බී.ආර්. රත්නායක (මී.1.25), කවපෙත්ත- පී.එස්.ගාමිණී ද සොයිසා (මී. 35.57), හෙල්ල- ඩබ්ලිව්.ආර්. වික්‍රමසිංහ (මි. 34.29)

අවු. 70

මී.899- කේ.ඊ.එන්. සිල්වා ( වි. 3.02.5), මී.1500 - කේ.ඊ.එන්.සිල්වා( වි.6.50.7), දුර පැනීම- එස්.එ්.පී.පී. මොහිදීන් (මී.3.68),යගුලිය -වයි.එම්.ජයතිලක (මී. 9.40), කවපෙත්ත- වයි.එම්.ජයතිලක (මී. 24.68), මිටිය විසිකිරීම - වයි.එම්.ජයතිලක (මී. 20.35)

අවු. 80

මී. 100 - ආර්.ඒ.චන්ද්‍රදාස (ත.17.70)

තරගාවලි වාර්තා සමකිරීම්

අවු.55ට වැඩි

මී. 100 - කේ.ආර්. ද සිල්වා ( ත.12.50), යගුලය - ඩබ්ලිව්. ඒ.ජේ. ජයලාල් (මී.10.77)

අවු.65 ට වැඩි

මී. 11 - බී.ආර්.රුකුනායක (14.20)

අවු.70

උස පැනීම -ටී.එල්.පී. පෙරේරා (මී.1.10)

කාන්තා නව තරග වාර්තා හා සමස්ත තරග ප්‍රතිඵල ලබන සතියේ.

ඡායාරූපය - ජගත් ඉරෝෂණ

 

Comments