
ශ්‍රී ලංකාවෙන් ක්‍රිකට් ලොවට දායාද කළ අතිවිශිෂ්ට නායකයකු වූ අප රටට 1996 ක්‍රිකට් ලෝක කුසලාන දිනා දීමේ පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ කොළඹ ආනන්ද විද්‍යාලය නියෝජනය කරමින් 1980 සහ 1982 දෙවසරේ දී ම දක්ෂතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය හිමිකර ගත් අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති 43වැනි ඔබ්සර්වර් - එස්එල්ටී මොබිටෙල් පාසල් ක්‍රිකට් සම්මාන ප්‍රදානෝත්සවයේ දී පිට පිට දෙවැනි වරටත් වසරේ දක්ෂතම පාසල් ක්‍රිකට් ක්‍රීඩක සම්මානය දිනා ගැනීමට ගාල්ල මහින්ද විද්‍යාලයේ නවෝද් දිනුශ්රී පරණවිතාන සමත් විය.
ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවට අංකුර ක්‍රීඩකයින් පමණක් නොව ක්‍රීඩිකාවන් ද තනනු ලබන්නේ පාසල් ක්‍රිකට් පිටියෙනි. පාසල් ක්‍රිකට් පිටියෙන් තම දස්කම් දැක්වීම ඇරැඹූ දක්ෂයින් රැසක් ජාතික මෙන්ම ජාත්‍යන්තර තලයට ළඟාවෙමින් මව්බිමට කීර්තියක් අත්කර දුන් හ.
මේ අනුව පසුගිය කාල වකවානුවේ ලෝක කුසලාන ද්විත්වයක් හිමි කර-ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හැකි වූයේ මෙරට ශක්තිමත් ක්‍රිකට් ව්‍යූහය පිහිටාධාර කර ගනිමිනි.
ලොව ක්‍රිකට් වංශ කථාවේ නොමැ-කෙන නාමයක් සනිටුහන් කළ විශි-ෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් ලොවට දායාද කිරීම නිසා ක්‍රිකට් ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව නොවුණ ද ක්‍රිකට් ක්‍රීඩාවට අද්විතීය ස්ථානයක් හිමිව ඇත්තේ එහෙයිනි.
මෙම ශක්තිමත් ක්‍රිකට් චාරිකාව සිදුකිරීමේ දී පාසල් ක්‍රිකට් පිටියෙන් අන්තර්ජාතික තලයට ක්‍රීඩකයින් රැගෙන ඒමට සන්ඩේ ඔබ්සර්වර් - එස්එල්ටී මොබිටෙල් පාසල් ක්‍රිකට් සම්මාන ප්රදානෝත්සවය එදා මෙදාතුර ඉටු කළ සේවාව අති මහත් ය. පාසල් ක්‍රිකට් පිටියේ විශිෂ්ටයින් අතුරින් අති විශිෂ්ටයින් ගෙවී ගිය වසර 42ක් පුරාවට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් පිලට එක්ව ජාත්‍යන්තරය ජයගනිමින් මව්බිමට කීර්තිය ගෙනදුන් ජීවමාන සාක්ෂි බොහොමයක් දැකිය හැක්කේ ඒ හේතුවෙන් ය.
වත්මන් පාසල් ක්‍රිකට් ක්ෂේත්රයේ විශිෂ්ටයින් අතර අතිවිශිෂ්ටයින් වෙනුවෙන් නිර්මාණය වුණු සන්ඩේ ඔබ්සර්වර් - එස්.එල්.ටී. මොබිටෙල් පාසල් ක්‍රිකට් සම්මාන උලෙළ 43 වැනි වරටත් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ ද දායකත්වය ඇතිව කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේ දී පසුගිය දා සෞඛ්‍ය මාර්ගෝපදේශයන් යටතේ පැවැත්වුණේ ඒ අනුව ය.
ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම සහ එස්එල්ටී මොබිටෙල් සමාගම එක්ව සංවිධානය කළ මෙම සම්මාන ප්රදානයේ දී වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව මෙන් ම ශ්‍රී ලංකාවේ ජනප්‍රියම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව ආදි සම්මාන රැසක් පිරිනැමීමට කටයුතු කෙරුණේ ය.
මීට අමතරව සමස්ත ලංකා බාලක හොඳම පාසල් ක්‍රිකට් කණ්ඩායම, බාලිකා හොඳම ක්‍රිකට් කණ්ඩායම, බාලක නැඟී එන පාසල් ක්‍රිකට් කණ්ඩායම, බාලිකා නැගී එන පාසල් කණ්ඩායම, පළාත් මට්ටමින් දක්ෂතම පාසල් කණ්ඩායම් ආදි සම්මාන රැසක් ලබාදෙමින් ක්‍රීඩක-ක්‍රීඩිකාවන් අගැයීමට ලක් කෙරිණි.
ජාත්‍යන්තරය ජය ගත් යොවුන් විශිෂ්ටයන් අතර හොඳම පන්දු රකි-න්නා, හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා සහ වසරේ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා සම්මාන සඳහා වූ සම්මාන ත්‍රිත්වය ගාල්ල මහින්ද විද්‍යාලයේ නවෝද් දිනුශ්රී පරණවිතාන විසින් හිමිකර ගත්තේ ය.
නවෝද් දිනුශ්රී පරණවිතාන (ගාල්ල මහින්ද විද්‍යාලය) 2020 සහ 2021 වසර දෙකේ දී ම වසරේ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස සම්මාන ලබමින් එලෙසින් සම්මාන ලැබූ ක්‍රීඩකයින් අතළොස්ස අතරට එක්විය. නවෝද් දිනුශ්රී පරණවිතානට පෙර මෙලෙසින් දෙවරක් මෙම සම්මාන හිමි කර ගැනීමට අර්ජුන රණතුංග (ආනන්ද 1980/1982), රොෂාන් මහානාම (නාලන්දා 1983/1984), තිලාන් සමරවීර (ආනන්ද 1994/1995), ළහිරු පීරිස් (ශාන්ත පීතර 2004/2005), භානුක රාජපක්ෂ (රාජකීය 2010/2011) සහ චරිත් අසලංක (රිච්මන්ඩ් 2015/2016) යන ක්‍රීඩකයින් සමත්වූ හ.
බාලිකා අංශයේ ජය වාද්දුවට
බාලිකා අංශයේ දක්ෂතම පිතිකාරි-ණීය අනු ශූරතාව, දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩිකාව සහ වසරේ දක්ෂතම පාසල් ක්‍රිකට් ක්‍රීඩිකාව යන සම්මාන ත්‍රිත්වය වාද්දුව මධ්‍ය මහා විද්‍යාලයේ නෙත්මි පූර්ණා සේනාරත්න ක්‍රීඩිකාව විසින් දිනා ගනු ලැබුවා ය.
පාඨක ඡන්දයෙන් කොළඹ රාජකීය විද්‍යාලයේ සදිෂ රාජපක්ෂ ජනප්‍රියම පාසල් ක්‍රීඩකයා ලෙසත් මිනුවන්ගොඩ මාරපොල විද්‍යාලයේ ඩබ්ලිව්. පී. නිමේෂා තරුණී විජේසුන්දර ජනප්‍රියම පාසල් ක්‍රීඩිකාව ලෙසත් සම්මාන ලැබූ හ.
සම්මානලාභියෝ
ජාතික සම්මාන
දක්ෂතම පිතිකරු - අහන් සංචිත වික්‍රමසිංහ (කොළඹ රාජකීය විද්‍යාලය)
දක්ෂතම පන්දු යවන්නා -අම්ෂි ද සිල්වා (ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය)
දක්ෂතම පන්දු රකින්නා- නවෝද් දිනුශ්රී පරණවිතාන (ගාල්ල මහින්ද විද්‍යාලය)
දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා- නවෝද් දිනුශ්රී පරණවිතාන (ගාල්ල මහින්ද විද්‍යාලය)
වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා- නවෝද් දිනුශ්රී පරණවිතාන (ගාල්ල මහින්ද විද්‍යාලය)
පළමු කාණ්ඩය
දක්ෂතම පිතිකරු
ශූරතාව - රවීන් අචින්ත ද සිල්වා (කොළඹ නාලන්දා විද්‍යාලය), අනු ශූරතාව - පවන් රත්නායක (කොළඹ මහානාම විද්‍යාලය)
දක්ෂතම පන්දු යවන්නා
ශූරතාව - එල්. සහන් සංකල්ප (අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය), අනු ශූරතාව - දුනිත් නෙත්මික වෙල්ලාලගේ (කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය)
දක්ෂතම පන්දු රකින්නා- ඊ.ඒ. ධනජ සඳළිඳු (කොළඹ මහානාම විද්‍යාලය)
දක්ෂතම කඩුලු රකින්නා - පී.ඒ. ඉසුරු පන්නල (මහනුවර ධර්මරාජ විද්‍යාලය)
දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා
ශූරතාව - රවීන් අචින්ත ද සිල්වා (කොළඹ නාලන්දා විද්‍යාලය), අනු ශූරතාව - පවන් රත්නායක (කොළඹ මහානාම විද්‍යාලය)
වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා- රවීන් අචින්ත ද සිල්වා (කොළඹ නාලන්දා විද්‍යාලය)
දෙවැනි කාණ්ඩය
දක්ෂතම පිතිකරු - ශූරතාව - තේවේන්ද්රම් ඩිනෝෂන් (යාපනය ශාන්ත ජෝන් විද්‍යාලය), අනු ශූරතාව - පුලස්ති අනුරාධ අතපත්තු (කෑගලු විද්‍යාලය)
දක්ෂතම පන්දු යවන්නා - ශූරතාව - විශ්ව ළහිරු කුමාර (පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය), අනු ශූරතාව - විදූෂ නෙත්මික පීරිස් (පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය)
දක්ෂතම පන්දු රකින්නා- පමෝද ගිත්මින් කොළඹගේ (පාදුක්ක සිරි පියරතන විද්‍යාලය)
දක්ෂතම කඩුලු රකින්නා -එස්.ආර්. භාෂිත පෙරේරා (කළුතර සිරිකුරුස විද්‍යාලය)
දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා -ශූරතාව - සනිඳු හංසජ බණ්ඩාර (වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල), අනු ශූරතාව - ටී. කවීෂ් සත්සර (අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විද්‍යාලය)
තෙවැනි කාණ්ඩය
දක්ෂතම පිතිකරු - ශූරතාව - ඩබ්ලිව්. පබුද්ධ ලක්මාල් (ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලය), අනු ශූරතාව - ටී.ජී. කවිඳු විමංසන සත්මිණ (බදුල්ල මධ්‍ය මහා විද්‍යාලය)
දක්ෂතම පන්දු යවන්නා -ශූරතාව - ප්‍රවීන් මනීෂ (හංවැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය),
අනු ශූරතාව - ගිම්හාන් භානුක අලහකෝන් (කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලය)
දක්ෂතම පන්දු රකින්නා- ජී.ඩී. දසුන් අචිර ෆොන්සේකා (මිනුවන්ගොඩ නාලන්දා ජාතික පාසල)
දක්ෂතම කඩුලු රකින්නා - වයි.ජී. චමත් සංකලන ජයරත්න (පොලොන්නරුව රාජකීය විද්‍යාලය)
දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා - ශූරතාව - හෂේන් ලලින්ද්‍ර ප්‍රනාන්දු (මීගමුව ලොයොලා විද්‍යාලය), අනු ශූරතාව - දිලීෂ සඳරුවන් ලියනගේ (පොලොන්නරුව රාජකීය විද්‍යාලය)
බාලිකා අංශය
දක්ෂතම පිතිකාරිණිය- ශූරතාව - ඩබ්ලිව්.පී. නිමේෂා තාරුණි විජේසුන්දර (මාරපොල මහා විද්‍යාලය), සම අනු ශූරතාව - නෙත්මි පූර්ණා සේනාරත්න (වාද්දුව මධ්‍ය මහා විද්‍යාලය), සම අනු ශූරතාව - කේ.ජී.කේ. විරාජිනි රණවීර (තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය මහා විද්‍යාලය)
දක්ෂතම පන්දු යවන්නිය - ශූරතාව - සමාධි නෙත්මිණි (නුගේගොඩ අනුලා විද්‍යාලය), අනු ශූරතාව - ඉනුෂි සෙනෝරිකා (වාද්දුව මධ්‍ය මහා විද්‍යාලය)
දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩිකාව - ශුරතාව - නෙත්මි පූර්ණා සේනාරත්න (වාද්දුව මධ්‍ය මහා විද්‍යාලය), අනු ශූරතාව - ඉමේෂා දුලානි (රත්ගම දේවපතිරාජ විද්‍යාලය)
වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩිකාව -නෙත්මි පූර්ණා සේනාරත්න (වාද්දුව මධ්‍ය මහා විද්‍යාලය)
වසරේ දක්ෂතම බාලිකා පාසල් ක්‍රිකට් කණ්ඩායම -රත්ගම දේවපතිරාජ විද්‍යාලය, වසරේ දක්ෂතම නැගීඑන බාලිකා පාසල් ක්‍රිකට් කණ්ඩායම - වාද්දුව මධ්‍ය මහා විද්‍යාලය
වසරේ දක්ෂතම නැගීඑන බාලිකා පාසල් ක්‍රිකට් කණ්ඩායම - වාද්දුව මධ්‍ය මහා විද්‍යාලය
සන්ඩේ ඔබ්සර්වර් - එස්.එල්.ටී. මොබිටෙල් වසරේ දක්ෂතම පාසල් ක්‍රිකට් කණ්ඩායම
ශූරතාව - කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය, අනු ශූරතාව - ගාල්ල මහින්ද විද්‍යාලය
පළාත් සම්මාන -
බස්නාහිර පළාත- ශූරතාව - කොළඹ රාජකීය විද්‍යාලය, අනු ශූරතාව - පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය
දකුණු පළාත- ශූරතාව - රත්ගම දේවපතිරාජ විද්‍යාලය, අනු ශූරතාව - ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය
උතුරු පළාත - ශූරතාව - යාපනය මධ්‍ය මහා විද්‍යාලය, අනු ශූරතාව - යාපනය ශාන්ත ජෝන් විද්‍යාලය
මධ්‍යම පළාත- ශූරතාව - මහනුවර ත්‍රිත්ව විද්‍යාලය, අනු ශූරතාව - කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය
වයඹ පළාත -ශූරතාව - වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විද්‍යාලය, අනු ශූරතාව - ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලය
සබරගමුව පළාත - කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලය
උතුරු මැද පළාත -අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය
ඌව පළාත- බදුල්ල මධ්‍ය මහා විද්‍යාලය
නැගෙනහිර පළාත -මඩකලපුව ශාන්ත මයිකල් විද්‍යාලය
වසරේ දක්ෂතම නැගීඑන පාසල් ක්‍රිකට් කණ්ඩායම- තිඹිරිගස්කටුව මාරිස්ටෙලා විද්‍යාලය
ජනප්‍රිය සම්මාන
බාලක - ශූරතාව - සදිෂ රාජපක්ෂ (කොළඹ රාජකීය විද්‍යාලය), අනු ශූරතාව - දුනිත් නෙත්මික වෙල්ලාලගේ (කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය)
බාලිකා- ශූරතාව - ඩබ්ලිව්.පී. නිමේෂා තාරුණි විජේසුන්දර (මාරපොල මහා විද්‍යාලය), අනු ශූරතාව - ඩී. චෞෂධී කෞශල්‍යා (පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය)
සම්මාන ප්රදානය සඳහා සහභාගී වූ ආරාධිතයෝ
ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී. විජේවීර, සීමාසහිත එක්සත් ප්‍රවෘත්තිපත්‍ර සමාගමේ සභාපති ජනාධිපති නීතීඥ ඩබ්ලිව්. දයාරත්න, අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන අංශයේ අධ්යක්ෂ දයා බණ්ඩාර, ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ සභාපති තිලක් වත්තුහේවා, ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහ ව්‍යාපාරයේ සමූහ ප්‍රධාන විධායක ලලිත් සෙනෙ-විරත්න, මොබිටෙල් ප්‍රධාන විධායක චන්දික විතාරණ, සීමාසහිත එක්සත් ප්‍රවෘත්තිපත්‍ර සමාගමේ කතෘ මණ්ඩල අධ්යක්ෂ ධර්ම ශ්‍රී කාරියවසම්, සීමාසහිත එක්සත් ප්‍රවෘත්තිපත්‍ර සමාගමේ නීති සහ පරිපාලන අධ්යක්ෂ රඛිත අබේගුණවර්ධන, සීමාසහිත එක්සත් ප්‍රවෘත්තිපත්‍ර සමාගමේ මූල්‍ය අධ්යක්ෂ ජනක රණතුංග, සීමාසහිත එක්සත් ප්‍රවෘත්තිපත්‍ර සමාගමේ මෙහෙයුම් අධ්යක්ෂ නීතීඥ කණිෂ්ක විතාරණ, ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ ලේකම් ජේ.ඒ.කේ.එස්. ඉන්ද්‍රජිත්, ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමයේ ලේකම් උපුල් වැවගේ, සන්ඩේ ඕබසර්වර් ප්‍රධාන කර්තෘ දිනේෂ් වීරවංශ, බැට්-ස්මන්.කොම් ප්‍රධාන විධායක කුමාර් ගම්හේවගේ, සීමාසහිත එක්සත් ප්‍රවෘත්තිපත්‍ර සමාගමේ සමාගම් ලේකම් එච්.ඩබ්ලිව්.එස්. ප්‍රසංගා, සිළුමිණ ප්‍රධාන කර්තෘ ධර්මන් වික්‍රමරත්න, දිනමිණ ප්‍රධාන කර්තෘ ගාමිණි ජයලත්, සීමාසහිත එක්සත් ප්‍රවෘත්තිපත්‍ර සමාගමේ ඡායාරූප කර්තෘ විමල් කරුණාතිලක, තිනකරන් ප්‍රධාන කර්තෘ ටී. සෙන්තිල්වෙල්වාර්, ඩේලිනිව්ස් ප්‍රධාන කර්තෘ ප්‍රමෝද් ද සිල්වා, සන්ඩේ ඔබ්-සර්වර් ප්රවෘත්ති කර්තෘ මංජුල ප්‍රනාන්දු, සීමාසහිත එක්සත් ප්රවෘත්ති-පත්‍ර සමාගමේ නියෝජ්‍ය සාමා-න්යාධිකාරීවරුන් වන විරාජිත් බෝයිස්, චන්දන බණ්ඩාර, ආර්.එස්.එන්. අධි-කාරි, නාරද සුමනරත්න, ව්‍යාපාර උපදේශක වරුණ මල්ලවආරච්චි, සන්ඩේ ඔබ්සර්වර් වෙළෙඳ දැන්වීම් කළමණාකරු සුදත් රණසිංහ, වෙළෙඳ දැන්වීම් කළමණාකරු (අතිරේක) රෝයි ජයසිංහ, සීමාසහිත එක්සත් ප්‍රවෘත්තිපත්‍ර සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ප්‍රසන්න ජයසුන්දර, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි කමල් විජේසූරිය, වැඩබලන සාමාන්‍යාධිකාරි සුමිත් කොතලාවල, සන්ඩේ ඔබ්සර්වර් ජ්‍යෙෂ්ඨ සම කතෘ ඩඩ්ලි ජෑන්ස්, සන්ඩේ ඔබ්සර්වර් ක්‍රීඩා කර්තෘ කැලිස්ටස් ඩේවි, ඩේලි නිව්ස් ක්‍රීඩා කර්තෘ රංජීව සෙනෙවිරත්න, සන්ඩේ ඔබ්සර්වර් නියෝජ්‍ය විශේෂාංග කර්තෘ අනුරාධ කෝදාගොඩ, තරුණි සංස්කාරක ඉඳුනිල් වීරරත්න, ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ප්‍රියන්ත ෆර්ඩිනැන්ඩස්, ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සාමාන්‍යාධිකාරී ප්‍රභාත් දහනායක, මොබිටෙල් සමාගමේ ප්‍රධාන අලෙවි නිලධාරී ශෂික සෙනරත්, ඩේලිනිව්ස් සම කර්තෘ ශිරාජිව් සිරිමාන්න, කළමනාකාර චාමර සිල්වා, මොබිටෙල් ප්‍රධාන විධායක නිලධාරී චන්දික විතාරණ, ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන විධායක නිලධාරී කිත්ති පෙරේරා, ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ භාණ්ඩාගාරික මංජුල වාස්. වයස අවු-රුදු 19න් පහළ තරගාවලි ලේකම් වයි. නිශාන්ත කුමාර යන මහත්ම මහත්මීන් සම්මාන ප්‍රදාන අවස්ථාව සඳහා සහභාගි වූ හ.