
ස්වාධීන රූපවාහිනිය ඔස්සේ ගෙනෙන නවතම ඒකාංගික වෙසක් ටෙලි නාට්‍යය 'විදර්ශනා' වෙසක් පොහෝ දින විකාශය වීමට නියමිතය. තාරුණ්‍යයේ සිතුවිලි සමඟ බුදු දහමේ ඉගැන්වීම් කොතෙක් දුරට සත්‍ය දැයි පසක් කරමින් මෙවර විදර්ශනා ටෙලි වෘත්තාන්තය දිග හැරෙන බව එහි අධ්‍යක්ෂක මෙන්ම පිටපත් රචකයාද වන ප්‍රවිණ රංගන ශිල්පී කුමුදු නිශාන්ත පවසයි.
තාරුණ්‍යයේ සිතුවිලි පිළිබඳවත් බුදුන් දෙසූ අටලෝ දහම පිළිබඳවත් මේ නාට්‍ය ඔස්සේ කතාබහට ලක්වෙනවා. සාමාන්‍යයෙන් වර්තමානයේ තාරුණ්‍යය සිතන්නේ ජීවිතයේ සැප කියන දේ සදා කාලික බවයි. එය සදාකල්ම පවතින බව ඔවුන් සිතනවා. නමුත් යථාර්ථය එය නොවෙයි. මේ මොහොතේ පවතින සැප තව මොහොතකින් දුකක් විය හැකියි. මිනිසාගේ ක්‍රියාකාරීත්වය තමයි එයට හේතු වන්නේ. මේ කතාවේ නිමන්තත් වත්සලාත් තරුණ පෙම්වතුන් යුවළක්. වත්සලා දහම් පාසල් ගුරුවරියක්. නිමන්ත යතුරු පැදියක් මිල දී ගන්නවා. මේ යතුරු පැදියට නිමන්ත තම පෙම්වතියට තරම්ම ආදරෙයි.
නමුත් පෙම්වතිය යතුරු පැදියට කැමැත්තක් දක්වන්නේ නැහැ. නිමන්ත යතුරු පැදියට ආදරය කරන්නේ උමතුවකින් වගේ. මේ කතාව අවසානයේ යතුරු පැදියට ආදරය කිරීම නිසා නිමන්තට සිදු වන දේත් අවසන බුදු දහමේ පැවසෙන අටලෝ දහම ඔහුට ලබා දෙන ආදර්ශය කුමක් ද යන්නත් වත්සලා - නිමන්ත - යතුරු පැදිය කියන මේ කාරණා තුන මුල් කරගෙන ඒ ඒ ජීවිතවලටත් භෞතික වස්තූන්වලටත් සිදුවන දේ මේ කතාව නැරඹීමෙන් අනතුරුව ප්‍රේක්ෂකයාට දැකබලා ගන්නට පුළුවන්. මේ නාට්‍යයේ නිමන්ත ලෙස තාරක සමරනායක වත්සලා ලෙස දිනක්ෂි ප්‍රියසාද් හාමුදුරුවන් ලෙස කුමුදු නිශාන්තත් චරිත රඟදක්වනවා.මෙය නිෂ්පාදනයෙන් දුලාරි ප්‍රනාන්දුත් කැමරාකරණයෙන් හිමේෂ් පරණවිතානත් දායක වෙනවා.