
අලුත් ගෙදර වෙසක්
තිසුරි පසුගිය දවස්වල ටෙලි නාට්‍ය කිහිපයක් ඔස්සේම ප්‍රේක්ෂකයා හමුවට පැමිණියත් දැන් සති කිහිපයකින්ම ඇගේ රංගනයන් දැක ගන්නට නොලැබුණු තරම්. තිසුරි ගැන හොයලා බලන කොට වැඩි සද්දයක් බද්දයක් නැතිව ඇය වෙසක් සමරන්නට සූදානම් වෙන බව අපිට දැන ගන්න ලැබුණා.‘මෙදා සැරේ වෙසක් මංගල්‍යය අපේ ගෙදර අයට හරිම වැදගත්. මොකද අපි ගිය වසරේ අපේම කියලා නව නිවහනකට ගොඩ වැදුණා. නමුත් අපිට ඒ වසරේ ගෙදර සරසලා එළිය කරලා පහන් පත්තු කරලා වෙසක් සමරන්න බැරි වුණා. මොකද ගංවතුර ගලලා විනාශයක් සිදුවුණා. ඒනිසා මේ වසරේ මුළු ගේම ලස්සනට සරසලා වෙසක් කූඩු එල්ලලා ඉතාම සතුටින් වෙසක් සමරන්නයි බලාපොරොත්තුව.
වෙසක් මාසයේ ප්‍රතිපත්ති පූජාවක
වෙසක් පෝ දිනය කියන්නේ බොදුනුවන්ට සූවිශේෂීම දිනයක්. මේ දිනයේ දී බොහෝ දෙනෙක් ආමිස පූජාවන්ට මෙන්ම ප්‍රතිපත්ති පූජාවන්ටද මූලිකත්වය දෙනවා. කලා ලොවේ සිටින ප්‍රවීණ රංගන ශිල්පිනියකුත් ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැනක් දීලා. ඇය තමයි සුලෝචනා වීරසිංහ. පසුගිය දවස්වල සුලෝචනා ‘ගින්දරෙන් උපන් සීතල‘චිත්‍රපටයේ රූගත කිරිම්වලට දායක වුණා. මේ සියල්ල අතරේ බෞද්ධයාගේ සුවිශේ‍්ෂම සැමැරුම් දිනය වෙසක් පෝය දිනය වෙනුවෙනුත් සුලෝචනා ලක ලැහැස්ති වෙනවා. මෙදා සැරේ ඇය ප්‍රතිපත්ති පුජාවන්ට මුල් තැනක් දීලා. ඒ ගැන ඇය පැවැසුවේ මේ විදිහට.‘ “ඇත්තටම වෙසක් පෝය දවස අපේ ජීවිතයට වැදගත්. ඒ වගේම බුදුන් වහන්සේගේ ධර්මය මොන තරම් නම් අපේ දිවියට වැදගත්ද ? මම තීරණය කළා වෙසක් මාසය පුරාවට නිර්මාංශව ගත කරන්න. ඒ ප්‍රතිපත්තිය වෙසක් මාසයේ මම රකිනවා. අපේ සිත හික්මවාගෙන ප්‍රතිපත්ති රැකීමට හුරු වීම ඉතා වැදගත්‘
තීක්ෂණ බොදු බැති ගී සමඟ
තීක්ෂණ අනුරාධ මේ දවස්වල තරමක් කාර්යබහුලයි. පසුගිය අවුරුදු දවස්වල ප්‍රසංග වේදිකාවේ නැතිවම බැරි ගායකයෙක් වූ තීක්ෂණ මේ වෙසක් සමයේත් බොදු බැති ගී සඳහා නැතිවම බැරි ගායකයෙක් බවට පත්වෙලා. ‘ පසුගිය දවස්වල අලුත් අවුරුද්ද වෙනුවෙන් ප්‍රසංගවලට දායක වුණා. මේ දවස්වල වෙසක් බැති ගී ප්‍රසංගවලට ආරාධනා ලැබෙනවා.
ඒ වගේ භක්ති ගීත කණ්ඩායම් වෙනුවෙනුත් මගේ දායකත්වය දෙනවා. මේ සියල්ල අතරේ නිවෙසේ වෙසක් උත්සවය වෙනුවෙන් පහන් කූඩු හදන්නත් අමතක කරන්නේ නැහැ.‘
කොළඹ අම්මා
සේමිණී ඉද්දමල්ගොඩ මේ දවස්වල අලුත්ම චිත්‍රපටයකට දායක වෙනවා. ඒ ජයප්‍රකාශ් ශිවගුරුනාදන් අධ්‍යක්ෂණය කරන ‘පහ සමත්‘චිත්‍රපටයටයි. මෙහි සේමිණි නිරූපණය කරන්නේ අපූරු චරිතයක්. ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන දරුවෙකුගේ මවකගේ චරිතයක්. මේ චරිතය ගැන සේමිණි අපිට කිව්වේ මේ විදිහට.
‘ ශිෂ්‍යත්ව විභාගයට අද වෙනකොට නගරයේ වගේම ගමෙත් තියෙන්නේ තරඟයක්. දරුවන්ටත් වඩා අම්මලා අතර මෙය වැඩියි. මම නිරූපණය කරන්නේ කොළඹ ජීවත්වෙන ශිෂ්‍යත්ව විභගයට පෙනී සිටින දරුවෙකුගේ මවගේ චරිතයක්. මේ චරිතය ඔස්සේ කොළඹ ජීවත්වන මවක් තමන්ගේ දරුවාගේ ශිෂ්‍යත්වය වෙනුවෙන් සිදු කරන කැපවීම පෙන්වනවා. ඒ වගේම මේ චරිතය ඔස්සේ වැදගත් පාඩමක් සමාජ ගත වෙනවා. මගේ ප්‍රේකෂකයන්ටත් අලුත් අත්දැකීමක් වේවි.
පරිසර දිනයට ටෙලි නාට්‍යයක්
අශේන් මංජුල මේ දවස්වල විශේෂ වැඩකටයුතු කිහිපයකටම අතගහලා කියලා අපිට දැන ගන්නට ලැබුණා. ඒ ගැන ඔහුගෙන්ම විමසා බලන්නට අපි කටයුතු කළා. ‘මේ දවස්වල වැඩි වශයෙන්ම ඒකාංගික ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය සහ රංගනය වගේම මගේ රංගන පාසලේ වැඩකටයුතු සමඟ මම තරමක් කාර්ය බහුලයි. විශේෂ දිනයන් තේමාකර ගනිමින් මම නිර්මාණය කරන ටෙලි නාට්‍ය මාලාවේ, ලෝක පරිසරදිනය වෙනුවෙන් මම නිර්මාණය කළ ‘සමනල දඩයම‘ ටෙලි නාට්‍යය ජාතික රූපවාහිනියෙන් විකාශය වෙන්න නියමිතයි. මේ නාට්‍යය රචනා කළේ ප්‍රවීණ නිර්මාණවේදී කපිල කුමාර කාලිංගයි. නිෂ්පාදනය කළේ නදිත පෙරේරායි. සංගීතය නවරත්න ගමගේ විසිනුත් කැමරාකරණය සංජීව කුමාර විසිනුත් සිදු කළා. මේ නාට්‍ය යේ ගීත ගායනය සිදු කළේ මගේ දියණිය හංසනී.