
පාකිස්තාන හා කොදෙව් ක්‍රීඩකයන්ගේ වැඩි ආකර්ශනයක්. ඉන්දියාවෙන් අඩු සහභාගීත්වයක්.
නවතම ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය වන එල්.පී.එල්. තරගාවලියේ දෙවැනි අදියර වෙනුවෙන් මෙවර වැඩි විදෙස් ක්‍රීඩකයන් ප්‍රමාණයකගේ අවධානය යොමුව තිබුණේ ය. ඉන් වැඩි පිරිසක් බටහිර ඉන්දීය කොදෙව් හා පාකිස්තාන ක්‍රීඩකයන්වීම විශේෂත්වයකි.
අසල්වැසි ක්‍රිකට් බලවතා වන ඉන්දියාව තම ප්‍රධාන ක්‍රීඩකයන් කිසිවෙක් මේ වෙනුවෙන් ඉදිරිපත් කර නැති අතර ක්‍රීඩකයන් තිදෙනෙකුට පමණක් එල්.පී.එල්. ලියාපදිංචියට අවසර දී තිබුණේ ය.
මෙවැනි තත්ත්වයන් මගින් ප්‍රකට වන්නේ ඉන්දියාව ශ්‍රී ලංකාව තුළ ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරගාවලියක් සංවිධානය වීම තමන් සංවිධානය කරන සුප්‍රකට අයි.පී.එල්. තරගාවලිය සඳහා යම් පමණක අභියෝගයක් වනු ඇතැයි යන විශ්වාසය පෙරදැරිව කටයුතු කිරීමක් වැනියැයි ක්‍රීඩා විචාරකයෝ පෙන්වා දෙති. එහි දී තමන්ගේ තරගාවලිය වෙනුවෙන් ආයෝජනය කරන සමාගම් සිය අනුග්‍රාහකත්වයෙන් යම් ප්‍රතිශතයක් ශ්‍රී ලංකාව සංවිධානය කරන එල්.පී.එල්. තරගාවලිය වෙනුවෙන් වැය කරන්නට තීරණය කළහොත් දීර්ඝ කාලීන වශයෙන් තමන්ට පාඩු සිදුවිය හැකියැයි ඉන්දීය ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා වන්නට පිළිවන.
කෙසේ නමුත් මෙවර එල්.පී.එල් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචි වීමට මෙවර විදෙස් ක්‍රීඩකයන්ට අවස්ථාව ලබාදී තිබුණේ සැප්තැම්බර් 24 වැනි දා සිට ය. ඔක්තෝබර් හත්වැනිදා දක්වා කාලය තුළ ඒ වෙනුවෙන් අවකාශය ලබාදී තිබිණි.
එම අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් විදෙස් ක්‍රීඩකයන් 699 දෙනෙක් තරගාවලිය වෙනුවෙන් ලියාපදිංචිය පළකර තිබුණේ ය. ඒ අතරින් ක්‍රීඩකයන් 225 ක් අවසන් තේරීම් වෙනුවෙන් යොමුකරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළේ ය. එම ක්‍රීඩක කණ්ඩායම ඔක්තෝබර් අවසන් සතිය වනවිට ප්‍රසිද්ධ කිරීමට ද කටයුතු කර තිබුණේ ය.
එල්.පී.එල්. තරගාවලි නීති රීතින්ට අනුව එක් කණ්ඩායමකට උපරිම වශයෙන් සේවය සලසා ගත හැක්කේ විදේශීය ක්‍රීඩකයන් හය දෙනෙකුගේ පමණි. කණ්ඩායම් සංචිතයක් තුළ උපරිම ක්‍රීඩකයන් විස්සක් පමණක් පවත්වාගෙන යායුතු බව තරගාවලි සංවිධාකයන් නිර්නායක ඉදිරිපත් කර තිබුණේ ය.
මෙවර තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා කිරීමේ අපේක්ෂාව සහිතව ලියාපදිංචි වූ ක්‍රීඩකයන් පහත දැක්වේ.
බටහිර ඉන්දීය කොදෙව්
ක්‍රිස් ගේල්, ඩ්වේන් ස්මිත්, දිනේෂ් රැම්ඩීන්, රොස්ටන් චේස්, ජොන්සන් චාර්ල්ස්, කෙමර් රෝච්, සායි හෝප්, කිරන් පවෙල්, රකීම් ක්‍රොන්වෙල්, ෆිඩෙල් එඩ්වර්ඩ්ස්, ෂෙල්ඩන් කොට්රෙල්, ෆේබියන් ඇලන්, චැඩ්වික් වෝල්ටන්, ඇන්ඩ්‍රි රසල්, ලෙන්ඩ්ල් සිමන්ස්, ජෙරොම් ටේලර්, කලොස් බ්‍රාත්වේට්, ෂිම්රන් හෙට්මයර් සහ අල්ෂාරි ජෝසප්
පාකිස්තානය
අන්වර් අලි, මොහොමඩ් හෆීෂ්, ෆකාර් ෂමාන්, මොහොමඩ් ඉර්ෆාන්, ෂොහිල් තන්වීර්, ඉම්රාන් උල් හක්, උමාර් අක්මාල්, කම්රන් අක්මාල්, සර්ෆරාස් අහමඩ්, ජුනයිඩ් ඛාන්, උස්මාන් ෂින්වාරි, හැරිස් ෂොහේල්, සහීඩ් අෆ්රිඩි, ෂොයිබ් මලික්, මොහොමඩ් අමීර්, හසන් අලී සහ වහාබ් රියාෂ්
දකුණු අප්‍රිකාව
රිචඩ් ලෙවි, බජොන් ෆෝටුයින්, වේන් පාර්නෙල්, ඩුආන් ඔලිවර්, ඉම්රාන් තහීර්, ෆැෆ් ඩු ප්ලෙසිස්, රැසී වැන් ඩර් ඩුසෙන් සහ මෝර්න් මෝකල්
ඉන්දියාව
යුසුෆ් පතන්, ඉර්ෆාන් පතන් හා විනේ කුමාර්
ඔස්ට්‍රේලියාව
ජේම්ස් ෆෝල්කනර් සහ ක්‍රිස් ලියැන්
එංගලන්තය
ලෝරි එවන්ස්, ලුක් රයිට්, ලියම් පලන්කට්, ඩෑන් ලෝරන්ස්, සමිට් පටෙල්, ස්ටීවන් ෆින්, ඩේවිඩ් මලාන්, අඩිල් රෂීඩ්, සෑම් බිලින්ග්ස්, ඔලී රොබින්සන් සහ රවී බොපාරා
නවසීලන්තය
මිචෙල් මැක්ලෙන්හාන් සහ නීල් බෲම්
බංග්ලාදේශය
මෙහෙදි හසන්, ෂොහා ගාෂි, ශෆියුල් ඉස්ලාම්, අෆීප් හුසෙන්, ටස්කින් අහමඩ්, ඉම්රු කේයස්, බාදට් හුසේන් සහ මොහොමඩ් මහමදුල්ලා
සිම්බාබ්වේ
ෂිකන්දර් රාෂා, ක්‍රෙග් ඉර්වින් හා ෂේන් විලියම්ස්