
මේෂ ලග්නය
ආර්ථික - අධ්‍යාත්මික වාසි
මේෂ ලග්නයට අනුව මෙම සතිය ඔබ ජීවිතයට සතුට අභිවෘද්ධිය ගෙන එනු ඇත. චන්ද්‍රයා 04, 05, 06, 07 යන ස්ථානවල ගමන් කරමින් ආර්ථික, අධ්‍යාත්මික වාසි ගෙන දෙමින් ඔබ සමාජයේ ඉහළින් තබනු ඇත. වාහන ලාභ නිවාස ලාභ පෙන්වන අතර තමාට නව ආර්ථික ප්‍රවර්ධන කටයුතු එළඹෙනු ඇත. දණහිස ආශ්‍රිත යම් යම් ගැටලු මතු වුවද ප්‍රවේශම් වුවහොත් ඒවා අවම කර ගත හැක.
වෘෂභ ලග්නය
ආත්ම අභිමානය වැඩි දියුණුවේ
වෘෂභ ලග්නයට අනුව තම දේපළ පිළිබඳව තිබූ ගැටලු අවසන් කෙරෙනු ඇත. චන්ද්‍රයා 03 - 04 - 05 - 06 යන ස්ථානවල ගමන් කරමින් හදිසි ධන සම්පත් ද තම ආත්ම අභිමානය වැඩි දියුණු කෙරෙන ක්‍රමෝපායන සැලසෙනු ඇත. දරු සම්පත් අපේක්ෂා කරන අයට වාසනාවත්ත දරු සම්පත් ද - ආර්ථික ප්‍රතිලාභයකට හේතුවන සිදුවීම් ද බහුල වෙයි.
මිථුන ලග්නය
ලොතරැයි ජයග්‍රහණ
මිථුන ලග්නයට අනුව චන්ද්‍රයා 02 - 03 - 04 - 05 යන ස්ථානවල ගමන් කරන නිසා සතිය ආරම්භයේම හදිසි ධනයකට හේතුයි. ලොතරැයි ජයග්‍රහණය ද ඇත. තමා කෙනෙකුට දී තිබූ මුදලක් තමාට කලකට පසු නැවත ලැබෙන නිසා ඒ තුළින් තම නව ආයෝජනවලට හේතු විය හැක. තම සහකරු හෝ සහකාරිය අතර හොඳ හිත විශ්වාසය සුරැකෙන අතර බොහෝ විට සිතට සැනසුම උදාකරන සතියක් ද වෙයි.
කටක ලග්නය
බොහෝ බලාපොරොත්තු ඉටුවේ
කටක ලග්නයට අනුව ඉතා සැනසුම් සහගත අයුරින් ආරම්භ වන මෙම සතිය ඔබගේ බොහෝ බලාපොරොත්තු ඉටුවනු ඇත. චන්ද්‍රයා 01 - 02 - 03 - 04 යන ස්ථානවල ගමන් කරමින් උදාකරන මේ අභිවෘද්ධියට අනුව තම යුග දිවියේ බොහෝ පැවති ගැටලුද නිම වෙයි. තම නිවාස කටයුතු අතරමග නවතා තිබුණ ද ඒවා යළි ආරම්භ කිරීමට පසුබිම වැටෙනු ඇත.
සිංහ ලග්නය
දුර බැහැර ගමන්
සිංහ ලග්නයට අනුව මෙම සතිය ආරම්භය ගැටලු සහගත ආරම්භයකි. තම වාසස්ථානයෙන් බැහැර දුරබැහැරකට යාමට සිදුවනු ඇත. වියදම් පැත්තෙන් හදිසි ධන හානි ගෙන දුන්න ද සතිය මැද සිට ඒ සියලු බාධක මග හැරෙනු ඇත. තමාට කලකට ඉහත තමා ළඟින්ම සිට සහාය වූ කෙනෙකු යළි ඔබට සමීප වීම නිසා බොහෝ ආර්ථික වාසි යළි ඇරඹෙණ ලකුණු පෙනෙන්නට තිබේ.
කටක ලග්නය
ආත්ම අධිෂ්ඨානය ඉහළ යයි
කන්‍යා ලග්නයට අනුව මෙම සතිය ඔබට ආර්ථික වශයෙන් සුබ වෙයි. තමා කළ ආයෝජන කටයුත්තක ප්‍රතිලාභ ලැබෙන්නට පටන් ගනී. යටි බඩේ අමාරු මතු කෙරෙනු ඇත. ආහාර පානයෙන් ප්‍රවේශම් වන්න. කුස උෂ්ණගති නිසා තමාගේ එදිනෙදා කටයුතු අඩාලවීමට ඉඩ ඇත. කෙසේ නමුදු තමා ළඟ සිටි බොහෝ අය තමාගෙන් ඈත්වන ලකුණු පෙන්නුවද ආත්ම අධිෂ්ඨානය ඉහළ යන සතියකි.
තුලා ලග්නය
මැණික් ලාභ
තුලා ලග්නයට අනුව ඔබට ඔබ කරන රැකියාවේ උසස් වීමක් හා රැකියාවේ යහපත් ස්ථාන මාරුවක් පෙන්වනු ඇත. තමා යෝජනා කර තිබූ ආර්ථික සැලැස්මක් සාර්ථකවීම නිසා ප්‍රධානින්ගේ ප්‍රසාදය ලැබෙනු ඇත. තමාට තම වෘත්තීය මට්ටමේ ලැබිය යුතු ප්‍රසාද ගණනාවක් හිමිවේ. මහපොළොවෙන් ලැබෙන උරුමයකට හේතුයි. විශේෂයෙන් මැණික් පතල් ආශ්‍රිත උරුමකම් ද හිමිවනු ඇත.
වෘශ්චික ලග්නය
නඩු හබවලින් නිදහස
වෘශ්චික ලග්නයට අනුව චන්ද්‍රයා 09, 10, 11, 12 යන ස්ථානවල ගමන් කිරීම තුළ පෙර පිං මහිමය උදාකෙරෙනු ඇත. තමාට තම ජීවිතයේ බොහෝ සතුටු විය හැකි ලැබීමකට හේතුයි. තමාගේ ඥාති පාර්ශ්වයෙන් ලැබිය යුතු වරප්‍රසාද හිමි වන අතර කලක් තිස්සේ තමාට වදයක්ව තිබූ නඩුවක යහපත් තීන්දු තීරණ ලැබෙන සතියකි. තමාගේ ජනප්‍රියතාව ඉහළ යනු ඇත.
ධනු ලග්නය
ධන හානි
ධනු ලග්නයට අනුව මෙම සතිය ආරම්භය හදිසි ධන හානියක් මතු කෙරෙන නිසා ප්‍රවේශමෙන් එයට මුහුණ දිය යුතු වෙයි. තමාගේ නොසැලකිල්ල මත සිදුවන පාඩු මතු කෙරෙනු ඇත. තමාගේ වෘත්තිය ව්‍යාපාරය නිසි සැලසුමකට අනුව කරගෙන යායුතු වන අතර කම්මැළිකම ශරීර අපහසුතා යයි සිතා වැඩ කල් දැමීම කොහෙත්ම නොකළ යුතු දෙයකි. තමාට තම අධ්‍යාත්මික ශක්තිය උදෙසා කැපවීමට සිදුවේ.
මකර ලග්නය
අවිවාහක අයට මංගල සීනු
මකර ලග්නයට අනුව මෙම සතිය ඔබට ඔබ ජීවිතයේ සතුටුදායක තත්ත්වයකි. තම යුග දිවියේ පැවැති බාධක අවසන් වනු පෙනේ. අවිවාහක අයට මංගල සීනු හැඬවෙනු ඇත. තමා සැලසුම් කර තිබූ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සුදුසුම කාලය මෙය වනු ඇත. තම ඥාති හිතෛෂී අයගෙන් නොමසුරු සහාය අත්වනු පෙනේ. තුනටියේ ආබාධයක් උත්සන්න වීම නිසා ඉදිරි කටයුතු කීපයක් මගහැරෙනු ඇත.
කුම්භ ලග්නය
ව්‍යාපාරයකින් පාඩු
කුම්භ ලග්නයට අනුව සතිය මුල හා සතිය අගභාගය ප්‍රශ්න වලට මුහුණ දීමට සිදුවෙයි. ශාරීරික උවදුරු ද පැවතීමට ඉඩ ඇත. තමා මීට පෙර කරගෙන ආ ව්‍යාපාරයක පාඩු එළඹීමට මෙම සතිය මුල් වනු ඇත. චන්ද්‍රයා 06, 07, 08, 09 යන ස්ථානවල ගමන් කිරීමෙන් මේ ප්‍රති විපාක ගෙන දෙන අතර තමාගේ ආත්ම ශක්තිය හීනවන කටයුතු එළඹීමට ද ඉඩ ඇත.
මීන ලග්නය
ආර්ථික ප්‍රතිලාභ
මීන ලග්නයට අනුව ඔබට සුබයි. දරු සම්පත් අපේක්ෂා කළ අයට වාසනාවන්ත දරු සම්පත් ද උදාකෙරේ. තමාට තම මවු පාර්ශ්වයේ අයකු වෙතින් උසස් ආර්ථික ප්‍රතිලාභයක් හිමි වනු ඇත. ජලාශ්‍රිත කටයුතු කෙරෙන් ඈත් වීම සුබයි. නුහුරු නුපුරුදු ජලාශ - වැව් - අමුණු ආශ්‍රිත ස්නානය කිරීම් වලින් වැළකෙන්න. චන්ද්‍රයා මෙම සතියේ ඔබ කේන්ද්‍රයට අනුව ගමන් කරන්නේ 05, 06, 07, 08 යන ස්ථානවලයි.