
සුනිල් සරත් පෙරේරා ‘සමාශංසා‘ හරසර උලෙළ අප්‍රේල් 6 වැනිදා සවස 3ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වෙයි. මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන්ගේ මූලාසනයෙන් යුතුව පැවැත්වෙන මේ හරසර උලෙළේ ප්‍රධාන දේශනය විශේෂඥ වෛද්‍ය රුවන් ඒකනායක මහතා පවත්වයි. මෙම ලිපිය ඒ නිමිත්තෙනි.
සුනිල් සරත් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ක්ෂේත්‍රයට කර ඇති සේවාව අමරණීය ය. ඔහුගේ කලා නෛපුණ්‍යය හා උසස් රුචිකත්වය හඳුනා ගත් බලධාරීන් විසින් ඔහු ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට පත් කරනු ලැබීම එම ආයතනය ආලෝකවත් කළ වධියක ඇරඹුම වූයේ ය. ඔහු රටේ සිටින ප්‍රවීණ කලාකරුවන් මෙන් ම විද්වතුන් අමතා තම වැඩ සටහන් සාර්ථක කර ගැනීමට ඔවුන්ගේ සහාය ලබාගත්තේ කලාවේ අභ්‍යුදය මිස පෞද්ගලික න්‍යාය පත්‍රයක් ඔහුට නොතිබුණු බැවිනි. ඔහුගේ මඟ පෙන්වීම අනුව නිෂ්පාදිත “මනෝහාරී ” නම් සංගීත ප්‍රසංග විවිධ චිත්තාකර්ෂණිය පසුබිම්වල සිට විකාශය වූයේ සංගීත රසය හා සමඟ පරිස්ථානයෙහි මනරම් බව ද එකට මුසු කරමිනි.
සුනිල් සරත් පෙරේරා අප අතර සිටින විවිධාංගික නෛපුණ්‍යයෙන් හෙබි කලාකරුවකු බව ඔහුගේ කාර්ය සාධනයන්ගෙන් පැහැදිලි වේ. ඒ අතර ම ඔහු මනා රුචිකත්වයෙන් යුතු ව විද්යුත් මාධ්‍ය හැසිරවු විශීෂ්ට පරිපාලකයකු බව ඇතැම් විට බොහෝ දෙනා නොදන්නවා විය හැකිය. ඔහු තවත් විටෙක ජනමාධ්‍යයෙහි අභ්‍යුදය උදෙසා ඊට මඟ පෙන්වා පොතපත ලියූවකු බව ද දන්නේ ටික දෙනෙකි. ඔහු ඉතා ආදරයෙන් පරිසර සංරක්ෂණය සඳහා කැප වී ක්‍රියා කළ රාජ්‍ය නිලධාරියකු බව ද අප්‍රකට ය. තමා අත ගැසු කුම ක්ෂේත්‍රයක වුව ද කල් පවතින දෙයක් ඉතිරි කර යෑමට හේ සමත් විය. මෙම සටහන මා සුනිල් සරත් පිළිබඳ ව දන්වා හා අගයන දේ සමහරක් පිළිබඳව ය.
සුනිල් සරත් ගී පද බැඳුම් අගය කරමින් මීට වසර තිහකට පෙර, එනම් 1985 වසරේ දී ඔහුගේ පද්ම තටාකය ගී පද බැඳුම් එකතුව සඳහා ප්‍රස්තාවනා ලිපියක් සම්පාදනය කළෙමි. මට මතක හැටියට එතෙක් ඒ විෂයය පිළිබඳ ව ඉතිහාසගත විය යුතු කරුණු පළමු වරට එකතැන් කළ පුරෝගාමී රචනාවක් හැටියට ඒ ලිපිය ඇගැයුමට ලක් විය. ඒ ඔහුගේ කලා දිවියේ මුල් අවදියේ දී ය. පසුව ඉහත සඳහන් කළ විවිධ ඉසවු ඔස්සේ ඔහුගේ නෛපුණ්‍යය පරිපාකයට පත් වීය.
සුනිල් සරතුන් හා සමඟ අප සම්බන්ධ වු අගනා රූපවාහිනී වැඩ සටහන් දෙකක් මෙහි දී සිහිපත් කළ යුතු ව ඇත. එකක් නම් 1994 වසරේ අලුත් අවුරුදු උත්සව පාදක කොට ගෙන ඔහු නිෂ්පාදනය කළ අවුරුදු සිරිත වැඩ සටහන ය. එය සඳහා උඩරට පාරම්පරික පසුබිමක් යොදා ගැනීමට සැලසුම් කළ ඔහු සගම ගමත් ඒ අවට පිහිටා ඇති ගොඩමුණේ අම්බලම වැනි ස්ථානත් යොදාගත්තේ ය. මෙහි දී සම්පත් දායකයන් ලෙස මහාචාර්ය ජේ.බී.දිසානායක, මහාචාර්ය පී.බී. මීගස්කුඹුර හා මමත් සහභාගී වීමු. මේ වැඩසටහන ඉතිහාස ගතවන්නේ ලක්දිව රූපවාහිනී වැඩසටහන් අතර ප්‍රථම එළිමහන් රූගත කිරීම් දවසක් පුරා යොදා ගත් වැඩ සටහන ලෙසට ය. ජන ක්‍රීඩා, ඔංචිලි වාරම්, රබන් වාදන ආදිය ද විටින් විට අප පිරිසේ සාකච්ඡා හා තොරතුරු දැන්වීම් ද මෙයට ඇතුළත් විය. එම ග්‍රාමීය පරිසරයේ තිබුණු චිත්තාකර්ෂණීය ස්ථාන, එනම් ගොඩමුණේ ඵෙතිහාසික අම්බලම, සගම විහාරය හා දේවාලය ආදිය පසුබිම් කර ගනිමින්, රූගත කළ එම වැඩ සටහන අද වන විට සම්භාව්‍ය තත්ත්වයක ලා සැලකෙන වැඩ සටහනක් බවට පත් ව තිබෙන බව විටින් විට එය අවුරුදු දිනවල දී යළි ප්‍රචාරය කරනු ලැබීමෙන් පෙනේ.
සුනිල් සරත් විද්යුත් මාධ්‍ය තමා සමීප ව දැන සිටි දේශීය සංස්කෘතිය පිළිබිඹු කොට දැක්වීමට ඉතා කෘතහස්ත ලෙස යොදාගත් ආකාරය ප්‍රකට කළ තවත් වැඩසටහනක් වූයේ එම වර්ෂයේ දී ම අප කළ දඹාන වැදිගම පදනම් කරගත් වැඩසටහන ය. මීට සම්පත් දායකයන් ලෙස මහාචාර්ය නන්දදාස කෝදාගොඩ, පණ්ඩිත් අමරදේව ආදීහු ද සහභාගි වූහ. අපි වැදිනායක තිසාහාමිගේ නිෙවසේ ආලින්දයේ සිට පළමු කොටස රූගත කරමින් ඔහු සමඟ දීර්ඝ සංවාදයක යෙදුණෙමු. මෙහි දී වැදි ජන සංස්කෘතියට ඇතුළත් කිරි කොරහ නැටුම ආදියද විටින් විට එක් කැරිණි. රූපවාහිනී මැදිරිවල සිර නොවී එළිමහන් වැඩ සටහන් කිරීමේ පුරෝගාමී මෙහෙවරක් මේ වැඩ සටහන්වලින් සිදුවීය.
මේ ගමනේ දී අපට අමතක නොවන සිදුවීම් වූයේ දෙහිඅත්තකණ්ඩිය සංචාරක නිවාසයක ගත කළ රාත්‍රියත් පණ්ඩිත් අමරදේවයන් ගීත ස්වරයෙන් එහි රැස් ව සිටියවුන් පිනවූ ආකාරයත් ය.
පරිසර හිතකාමී සුනිල් සරත් පරිසර අමාත්‍යාශයේ ලේකම්වරයකු ලෙස සේවය කළ අතරතුර ඔහු “සොබා” සඟරාව ආරම්භ කරමින් පරිසරය සංරක්ෂණය හා අගය කිරීම පිළිබඳ පණිවිඩය රටට ගෙන ගියේය. එක් සොබා කලාපයක් සඳහා මා ලියු අප සම්භාව්‍ය සාහිත්‍යයේ ස්වාභාවික පරිසරය ඇගයෙන අයුරු දැක්වෙන ලිපිය මෙහි දී සිහියට නැඟේ. මුවදෙව්දා කවෙහි අගට එන මෛත්‍රී වර්ණනාව එනම් වනයෙහි තවුස් දම් රකින මහ බෝසතුන්ගේ මෙත් කරුණා ගුණය පරිසරය පුරා පැතිරි ගොස් ස්වභාවයෙන් සතුරන් වූ සතුන් පවා එකිනෙකාට මෛත්‍රී කිරීමට පෙලඹී යෑම සොබා දහමත් මිනිස් ගතිගුණත් එකට බද්ධ වී ගිය නිදසුනක් ලෙස වර්ණනා වූ අයුරු මෙහි දී විස්තර විය. සොබා සඟරාව ලක්දිව ස්වභාව සෞන්දර්යයත් පරිසර සංරක්ෂණයක් ඇගැයීමේ වැදගත්කම පොදු ජනතාව අතරට ගෙන ගිය ජනප්‍රිය ප්‍රකාශනයක් විය.
සුනිල් සරත් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ක්ෂේත්‍රයට කර ඇති සේවාව අමරණීය ය. ඔහුගේ කලා නෛපුණ්‍යය හා උසස් රුචිකත්වය හඳුනා ගත් බලධාරීන් විසින් ඔහු ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට පත් කරනු ලැබීම එම ආයතනය ආලෝකවත් කළ අවධියක ඇරඹුම වූයේ ය. ඔහු රටේ සිටින ප්‍රවීණ කලාකරුවන් මෙන් ම විද්වතුන් අමතා තම වැඩ සටහන් සාර්ථක කර ගැනීමට ඔවුන්ගේ සහාය ලබාගත්තේ කලාවේ අභ්‍යුදය මිස පෞද්ගලික න්‍යාය පත්‍රයක් ඔහුට නොතිබුණු බැවිනි. ඔහුගේ මඟ පෙන්වීම අනුව නිෂ්පාදිත “මනෝහාරී ” නම් සංගීත ප්‍රසංග විවිධ චිත්තාකර්ෂණිය පසුබිම්වල සිට විකාශය වූයේ සංගීත රසය හා සමඟ පරිස්ථානයෙහි මනරම් බව ද එකට මුසු කරමිනි. අප ඉහත සඳහන් කළ උඩරට ගමකට ගොස් අලුත් අවුරුදු උත්සවය විකාශනය කිරීම වැනි සිද්ධීන්ගෙන් පෙනෙන්නේ සුනිල් තුළ තිබුණු උචිතානුචිත කාරණ පිළිබඳ මනා වැටහීම ය.
සුනිල් සරත් අපේ රූපවාහිනී ඉතිහාසයේ අනුස්මරණීය කාර්යයක් ඉටු කරමින් 1994 වෙසක් උත්සවය දඹදිව ඉසිපතන ශුද්ධ භූමිය පදනම් කරගෙන සජීව විකාශනයක් ලෙස අපට දකින්නට සැලැස්වූයේය. එහි දී බුදුරදුන් පළමු ධර්ම දේශනය වූ දම්සක් පැවතුම් සුත්‍රය දේශනා කළ භූමියේ සිට බුද්ධත්වය ලැබූ බුද්ධගයා ආදි වු බුද්ධ චරිතය හා සම්බන්ධ අන් ස්ථානයන් ද ඉතා මනහර ලෙස සම්බන්ධ කර ගනිමින් කළ මේ සජීව වැඩ සටහන ප්‍රාතිහාර්යයක් වැන්නැයි සිතේ.
සුනිල් සරත් අපේ ජනමාධ්‍යයන් විශේෂයෙන් විද්යුත් මාධ්‍යතයන් හා සමඟ පැවැත්වු මේ ඇසුර ඔහු තුළ ඒ මධ්‍ය යන් සඳහා මහත් ඇල්මක් ඇති කළ බව ප්‍රකට වන්නේ ඒ පිළිබඳ ව ගැඹුරට අධ්‍යයනය කිරීමට ඔහු පෙලඹී ගිය හෙයිනි.
ඔහු ලියා පළ කළ ‘විද්යුත් මාධ්‍යයෝපදේශ විග්‍රහය’ අද දින විශ්ව විද්‍යාල මට්ටමින් හැදෑරෙන ජනමාධ්‍යයෙ විෂයය සඳහා අගනා පාඨ ග්‍රන්ථයක් වී තිබේ. මෙහි දී ඔහු විශේෂයෙන් සඳහන් කොට ඇති කරුණු අතර මධ්‍යභාෂාව හා මාධ්‍ය ආචාරධර්ම වැදගත් ය. මේ කරුණු අපේ ජනමාධ්‍යයන් නිසි මඟට යොමු කිරීමට හේතු කාරක වේවා යි පැති යුත්තේ හතු පිපෙන්නාක් මෙන් ජනමාධ්‍ය ආයතන අද දින බිහි වෙමින් පවතින හෙයිනි.
මීළඟට මගේ අවධානය යොමු වන්නේ සුනිල් සරත් අපට උරුම කර ඇති විශිෂ්ට ගී පද රචනා සමුදාය වෙතට ය. නූතන ශ්‍රී ලංකාවේ සිංහල කලා ක්ෂේත්‍රය තුළ ගීත කලාවට විශේෂ තැනක් හිමි වන බව අපි දනිමු. බොහෝ විට ශ්‍රාවකයන් ගීතයක රස විඳින්නේ එහි ඇති ගායන කෞශල්‍ය ය ගැන සිතමින් වන නිසා දෝ ගීතයක ඇති පදමාලාව ගැනත් එයට යොදා ඇති සංගීතය ගැනත් සිතන්නෝ ද ඇත් නම් ඒ ස්වල්ප දෙනකු බව පෙනේ. ගීතයක පද මාලාවෙහි අගය ගැන කියන විට කිසියම් ගීයක එහි පදමාලාවේ කාව්‍යසමය ගුණය නොවී නම්ලෝකයාගේ සම්මානයට පාත්‍ර වීම පිළිබඳ ප්‍රශ්නයක් ඇති බව වැටහෙනු ඇත. සුනිල් සරත්ගේ ගීතවල අන්තර්ගත කාව්‍ය සංකල්පනා ගැන පවසන විට නිතැතින් ම සිහියට නැඟෙන්නේ ඔහු රූපක භාවිතයෙන් භාවමය හැඟීම් ධ්වනිත කිරීමට සමත් ව ඇති ආකාරය යි.
හැන්දෑ කළුවර ගලා හැලෙන විට
සෙනෙහස දැල්වුණු නිවස සොයා එමි
අන්ධකාරය මැද්දේ ආලෝකය සපයන්නේ සෙනෙහස නමැති පහන ය. එම රූපකයෙහි මනුෂ්‍යත්වයේ ක්ෂුද්‍ර බව හා විශ්වයේ විශාලත්වය ද ගැබ් ව ඇති අතර එම ක්ෂුද්‍ර මිනිස් ගුණය වුව ද මහා අන්ධකාරය මධ්‍ය හිඳිමින් සිට ශක්ති ප්‍රමාණයෙන් ආලෝකය සපයන හැටි ද අපට මැවි පෙනේ.
ඈත එපිට ගම්මානෙන් නැඟ එන
බට ලී හඬ අතරේ
ඉතා ම දුක්බර කවියක් මතු වෙයි
ඇය නිඳි නොමැති රැයේ
මේ ගී පද තුළ අපට මුණ ගැසෙන්නේ රසිකයා පළමු ව කිසිසේත් අපේක්ෂා නොකළ මානුෂිය හැඟීමකි. බට ලී නාදයක් සන්ධ්‍යා සමයේ ගම් පියසකින් මතු වන විට එය අසන්නා තුළ විවිධාකාර හැඟීම් මතු විය හැකි ය. එය මේ අවස්ථාවේ දී නංවන්නේ ඉතාම දුක්බර කවියකි. ඒ කවිය කවුරුන් හා සම්බන්ධ ද? ඒ කවියාගේ පෙම්වතිය ය. සැබැවින් ම නිඳි වර්ජිත ව ඉන්නේ කවියා විය යුතු ය. එහෙත් ඔහුගේ සිතේ ඇත්තේ තමා තුළ ඇති වියෝගය නොවේ. තම පෙම්වතියගේ සිතේ ඇති දුක ය. පෙම්වතුන් අතර ඇති අන්යෝන්‍යය සංවේ දී භාවය මෙහි පිළිබිඹු ව ඇත. මීළඟට සුනිල් සරත් ගේ සුප්‍රකට “අනෝතත්තවිල ” ගීතය සලකා බලමු.
අනෝතත්ත විල නෙළුම නෙළාලා
පීරා වරලස මල් ගවසාලා
නාග ලොවින් බැස නාලිය ගමනින්
වරඟන පිරිවරිනා එරන්දතිය එනවා
මෙම ගීතය අප ජනශ්‍රතියෙහි එන විධුර කථාව පණ්ඩිත පූර්ණක නම් යක්ෂ සේනාධිපතියා ආදීන් පිළිබඳ සැමරුම අප සිතට නඟන අද්භුත පරිසරයක් මවාලන නිර්මාණයකි. කවියා ඒ අද්භුත පරිසරය චමත්කාරජනක ලෙස අප සිත් තුළ මැවීමට “අනෝතත්ත විල ” යන ඇරඹුමෙන් පටන් ගනී.
අප බෞද්ධ සාහිත්යලයෙන් එන එම අද්භූත විල පිළිබඳ ස්මරණය හා සමඟ එරන්දතී නම් නාග කන්‍යාවගේ රූප සෝභාවත් ඈ විශාල නාග කන්්‍යාවන් සමූහයක් පිරිවරා එන ලාස්යය ගමන් විලාසයත් අපට මුණ ගස්වා ඇත. කවියා මවන රූප මාලාව රසික සිත මත පතිත වන්නේ ඒ එක එකක් මඟින් ඔප් නැංවෙන උචිත චිත්ත රූපයන් මවාලමිනි. මෙහි දී විශේෂ සංගීත රචනය මඟින් වික්ටර් දළුගම සැපයු දායකත්වයත් සුගායනයෙන් පණ්ඩිත් අමරදේවයන් කළ ප්‍රාතිහාර්යයත් පද මාලාවේ චමත්කාරය ඉහළ තලයකට නංවයි. අප ඉහත සදහන් කළ ගීතයන්හි දී සනත් නන්දසිරිගේ සංගීත රචනය හා සුගයනීය දායකත්වය එම ගීත සදානුස්මරණීය කලා කෘති බවට පත් කිරීමට හේතු භූත වූ බව කිව මනාය. සුනිල් සරත්ගේ කාව්‍ය චින්තනය අපේ භාෂා සම්ප්‍රදාය හා සමඟ අත්‍යන්තයෙන් බැඳී සිටින ආකාරය පිළිබිඹු කරන තවත් නිදසුනක් ඔහුගේ “මේ මහකන්ද ” ගීතයෙන් උපුටා දැක්විය හැකි ය.
පාළුව ලුහුබඳින කිරලා හඬා වැටෙයි
නොකියු රහස හද උතුරා වාන් දමයි.
මෙහි රහස වාන් දැමීම පිළිබද සංකල්පය අප භාෂාව හා සංස්කෘතිය වටහා ගත්තකුගේ හදවතට සමීප වන කාෙව්‍යාක්තියකි. සිතෙහි හිර කරගෙන සිටි රහසක් ඇතුළත ගොඩ නැඟෙන ආවේගයන් ප්‍රබලතාව නිසා නිතැතින් ම උතුරා යන්නේ ඉකිගසමින් කරන හැඬීමකින් ද ? ශෝකයේ සංකේතයක් බඳු කිරලාගේ හැඬීම් ඒ සිද්ධිය වෙත තල්ලු කළ ප්‍රබල තෙරපුම වී ද? සුනිල් සරත් අපට දායාද කොට දී ඇති දේ අතර මා තවත් අගය කරන්නක් නම් ඔහු මෑතක දී පළ කළ සමරු සටහන් පොත වන “මායා මාවත” කෘතියේ ඇතුළත් සමාජ ඉතිහාසය ය. තම ළමා දිවියේ ඇසු දුටු දේ මෙහි වාර්තා ගත කොට තිබීම අපේ සමාජ ඉතිහාසයේ අමතක වී යන තොරතුරු ගණනාවක් ලේඛනාරූඪ කිරීමකි. ‘එක් සමයෙක්හි කොළොම්පුර පෙදෙසෙහි මැකී ගිය යටගියාව’‘සනී සනී අර බලපන් මම්ම නටනවා’ වැනි ලිපිවල ගැබ් ව ඇත්තේ විසිවන සියවසේ මුල් හරියේ සිට එම සියවස මැද පමණ තෙක් පාමංකඩ පෙදෙසේ පැවැති සමාජ තත්ත්වය ය. එහි විසූවන්ගේ අහිංසක දිවි පෙවෙත ය. එකළ පාමංකඩ කිරුළපනේ වැනි ප්‍රෙද්ශ යම් පරිසරයක ස්වභාවය ගත් ආකාරය කතුවරයාගේ විස්තරවලින් පෙනේ. විශේෂයෙන් එදා සාමාන්‍ය කම්කරු හා පහළ මධ්‍යම පාන්තික පිරිස් අතර පැවැති චූල සංස්කෘතිය මෙහි දී අපට හඳුනාගත හැකි ය.
මා ලිපිය මුල දී කියූ ආකාරයට මේ ලිපියෙන් සටහන් කළේ සුනිල් සරත්ගේ ප්‍රදානයන්හි එක් කොටසක්, එනම් මට පෙනුණු කො පමණි. ඔහුගේ විවිධාංගි නෛපුණ්‍යය තවත් බොහෝ ඉසවු වෙත විහි දී ගිය අයුරු සිංහල විද්වත්හු හා කලා රසිකයෝ මනා ව දනිති.
රුසියාවේ ආදර්ශය
ගරු ජනපතිතුමාණෝ රුසියාවෙහි නිල සැරියෙක යෙදුණහ. වසර තෙසළිිහකට පසු ලංකාවේ නායකයකු පළමු වරට රුසියාවේ කළ සැරිය මේ යැයි මාධ්‍යකාරයෝ ඔද වඩවති. රුසියාවේ ශ්‍රේෂ්ඨ විප්ලවය සිදු වැ සියවසක් පිරෙන මෙ කල්හි ම මෙ සැරිය ද සිදුවීම දෛවානුකූල නොවන්නේ ද නොවේ.
රුසියා - ලංකා සබඳතා ඇති වූයේ 1956න් පසුවයි. එරට පළමු ලංකා තානාපති පදවි ලත් මහාචාර්ය මලලසේකරයෝ හොඳට මහප්‍රාණ, රේඵ ඇති වැ සිංහලෙන්ම ලියූ අත්තපත්‍රයකුදු කියවා තනතුරෙහි වැඩ ඇරඹියහ. එ තන් සිට රුසියාව අෙප් හිත මිතුරෙක් විය.
සෝවියට් සමූහාණ්ඩුව මෙන් ම අද දු රුසියාව ලෝකයෙහි විශාලතම රාජ්‍යය යි. අර සුප්‍රකට 'පෙරස්ත්‍රොයිකාව' නිසා බිඳ වැටෙන්නට පෙර සෝවියට් සමූහාණ්ඩුව තව ද රාජ්‍ය ගණනාවකින් සැදුම් ලද්දේ විය. එ කල එ රට කොතරම් බලවත් වී ද?
දෙවන ලෝ මහ යුදයෙන් පසු වැ ලොව සුපිරි බල කඳවුරු දෙකෙන් එකක් වැ නැගුණු සැටි න්‍යෂ්ටික බලයෙන් අතිශය සමෘද්ධ වැ යැංකි දුෂ්ටයන් ගේ පරම සතුරා වැ භීතිෙයන් වෙවුලැවූ සැටි! ලොව විසල්තම යුද හමුදාෙව් හිමිකරුවැ වැජබුණු සැටි! තාක්ෂණිකත්වයෙනුදු අග තැන් පැමිණ අජටාකාශයෙහි දු බලය පැතිරැවූ සැටි! ලොව මිනිස් මෙහෙයෙන් තැනුණු ප්‍රථම චන්ද්‍රිකාව අජටාකාශයට යැවූ සැටි! මෙ බඳු වෙසෙසි කරුණු කියතොත් කවර කල්හි අවසන් වේ ද?
රුසියාව මෙබඳු පරමාතිපරම බලයත් කෙසේ නම් ලැබී? 'ෙකාමියුනිස්ට්' වාදය නිසා යැයිඇතැම්හු කියත් අන්ත දූෂිත 'සාර්' පාලනයට එරෙහි වැ පෙළ ගැසුණු ගොවි කම්කරුවනට, තමනට එරෙහිව එන කවර සම්බාධකයක් හෝ සුනුු විසුනු කරලීමට නැගුණු මහජන බලයට එයින් මඟ දැක්වුණු සැටි සැබැවි.
ජර්මනියේ ඇති වූ මාර්ක්ස් වාදය රුසියාවේ දී ඵලප්‍රාප්ත වූ බව ද සැබවි. එහෙත් ඒ ගෙඩි පිටින් ම ගත්තක් නොව, රුසියාවට ගැළැපෙන ලෙස සකස් කර ගත්තක් බව ද සැබැවි මැ යි.
අප ගේ සහෝදරවරු කුමක් කළෝ ද ? ගෙඩි පිටින් ම 'කොමියුනිස්ට්වාදය' ආනයනය කළහ. මේ බෞද්ධ රාජ්‍යයේ ද ලේ හැලෙන විප්ලවයක් ඇති වන තෙක් බලා සිටිය හ.
එහෙත් රුසියාවෙන් ගත යුතු ආදර්ශය නම් නො ගත්හ. ටැන්සානියාවේ ජුලියස් තියරේරේ වැන්නන් සිය පොළොවට ගැළැපෙන සමාජවාදයක් සොයා ගනිද්දී අපේ සහෝදරවරු විද්‍යාත්මක සමාජවාදය එහි පිහිටුවන්නට සුබ සිහින දකිමින් සිටිය හ. යන්තම් හෝ ජාතික සමාජවාදයක් ඇති කර වන්නට තැත් ගත්තකු වුව ද ඒ ගුණය වර්ධනය කර ගන්නට නොලැබීම ජාතියේ ම අභාග්‍යයක් විය. අහෝ! යැංකින්ගේ පින, අහෝ! ජාතියේ පව.
වේ වා! සෝවියට් සමූහාණ්ඩුවට දු දිගු කලක් පැවතිය හැකි වූයේ නොවේ. ඊනියා 'පෙරස්ත්‍රොයිකාවෙන්' එය කැඩී බිඳී විසිරී ගියේය. බොහෝ රාජ්‍යයන් වෙන් වෙන් වැ ගත්හ. රුසියාව ද ආර්ථිකයෙන් මෙන් ම දේශපාලනයෙන් ද පිරිහී වැටී යන්නට විය.
එහෙත් රුසියා වැසියෝ අපට වඩා භාග්‍යවන්තයෝ ය. එක්තරා වීර පුරුෂයෙක් පැමිණ නැසී වැනසී යන රුසියා දේශපාලනය ස්ථාවර කළේය. සංස්කෘතිය බල ගැන්වීය. ඔහු මේ පෙළහර කළේ සමාජවාදයේ පිහිටෙන් ද? නැත. ජාතිකත්වයේ පිහිටෙනි. රුසියා ජාතිකත්වය පණ නැංවීමෙනි. හේ පෙරමුණට නො ආයේ නම් අද අපේ ජනපතිතුමාට යන්නට රුසියාවක් නැති. රුසියාවේ නටබුන් මත හිඳ ජය පැන් බී නඟන යැංකිංගේ ජය ගී නද අපට ද අසන්නට හැකි වනු ඇති.
රටක් දියුණු කළ හැක්කේ ජාතිකවාදයෙන් විනා අන් වාදයකින් නොවන වග අපගේ නායකයන් රුසියා ආදර්ශයෙන් හෝ වටහා ගතහොත් ජනපතිතුමන්ගේ රුසියා සැරියෙන් වැඩක් ලැබුවා වෙයි.
- හිත මිතුරා
යුරේනස් මාමා
හම්බර් ඩබල් පෝක් බයිසිකලයේ හැඬලය මත වම් පැත්තේ මුදල් නෝට්ටුවක ප්‍රමාණයේ කුඩා රතු කොඩියක් සවිකර තිබේ. එහි පසුබිමේ කළු පැහැයෙන් යුත් දෑකැත්ත සහ මිටිය ලාංජනයකි. යුරේනස් මාමා මේ කොඩිය ගලවා ඒ වෙනුවට තවත් එවැනිම අලුත් කොඩියක් තම බයිසිකලයට සවිකර ගන්නේ සෑම වසරකම මැයි පළමුවැනිදා ය. මැයි පෙළපාළියට පමණක් නොව ඔහු කොතැනට ගියත් යන්නේ තම බයිසිකලය ද රැගෙනය. යුරේනස් මාමා සතුව තිබූ එකම ස්ථාවර සහ ජංගම වස්තුව වූයේ ද මේ හම්බර් බයිසිකලය ම පමණි. ඔහු දිනපතාම නෑමට ඇබ්බැහි වී සිටි නිසා ඔහුගේ හම්බර් බයිසිකලය ද දිනපතාම පාහේ නෑවේය.
ව්‍යක්තව ඉංග්‍රීසි බස හැසිරවූ යුරේනස් මාමා ඉංග්‍රීසි පන්නෙට කේන්දර සාදා ඉංග්‍රීසියෙන්ම පලාපල කීවේය. කේන්දර බලන්නට තමා වෙත එන කොයි කාගෙන් වුවත් ඔහු රුපියල් 5 ක් ගාස්තුව ලෙස අය කළේය. සාමාන්‍යයෙන් වැඩි කතාබහක් නැතිමුත් කේන්දරයක පලාපල විස්තර කරත්දී ඔහු බෙහෙවින්ම දොඩමලු වූ අතර ඉතිහාසය දේශපාලනය යුද්ධ සහ විප්ලව යනාදිය පිළිබඳ රසබර කතන්දර කීවේ එයද පලාපල විස්තරයේ කොටසක් බවට පත්කරමිනි.
'ඔන්න බලන්න මෙයා නං හොඳ බයිස්කෝප්කාරයෙක් වෙනවා. මොකද මේ කේන්දරේ තුන්වැන්නේ සිකුරුත් එක්ක ඉන්නේ නෙප්චූන්. අලංකාරෙට රවට්ටන්න උපන්ගෙයි සූරයෙක්. ඔය නළුවො නිළියො චිත්‍රපට අධ්‍යක්ෂකලා කරන්නෙම අපිව රවට්ටන එකනේ.. ' වැරදිලාවත් යුරේනස් හිටියා නං එකොළහේ ලෝකෙම රවට්ටන දක්ෂ සිනමාකාරයෙක් වෙනවා.
ඔහු මෙසේ විස්තර කරමින් සිටින විට කේන්දරය බැලීමට පැමිණි පුද්ගලයාගේ මුහුණ ඇඹුල් වී යයි. ඒ සමඟ ම යුරේනස් මාමා තම පලාපල විස්තරය ඉතිහාස කතාවකින් වර්ණවත් කරයි.
'මතකද දෙවැනි ලෝක යුද්ධ කාලේ සෝවියට් රතු හමුදාව හිට්ලර්ගේ නාසි හමුදාවට ගහපු ගැහිල්ල. එදා එහෙම නොගහන්න අද හේනං මුළු ලෝකෙම හිට්ලර්ගේ අතේ. බලේට වඩා මොළේ තමා එදා ජයගත්තේ. ඔන්න හිට්ලර්ගේ 06 වැනි සේනාංකයයි රෝමන් හමුදාවයි තව තව කෑලි බෑලී එකතු කරලා හදාගත්ත මහ බල සම්පන්න හමුදාවක් සෝවියට් දේශය ආක්‍රමණය කෙරුවා. මේ සතුරු හමුදාවට විරුද්ධව සෝවියට් හමුදාව පැත්තෙන් එකම එක තුවක්කුවක්වත් පත්තු වුනේ නෑ. ඒ නිසා හිට්ලර්ගේ හමුදාව බොහොම ලේසියෙන් පහසුවෙන් සෝවියට් දේශයේ රට මැදටම ආවා. උන්ට නිදහසේ එන්න ඉඩදීලා සෝවියට් රතු හමුදාව දිගින් දිගටම පසුබසින විදිහක් තමා පේන්න තිබුණේ. 1942 නොවැම්බර් 17 වගේ වෙත්දී හිට්ලර්ගේ හමුදාව ස්ටාලින්ග්‍රාඩ් නුවරටම ඇවිත් හිටියා. අන්න ඒ වෙත්දී ශීත ඍතුව පටන් අරන්. තමන් බරපතළ අමාරුවක වැටිච්ච බව හිට්ලර්ගේ හමුදාවට වැටහෙන්න ගත්තේ ටික ටික ඇඟට ශීතල දැනෙනකොටයි. මොකද හිට්ලර්ගේ හමුදාව ජර්මනියෙන් පිටත් වුණේ ග්‍රීෂ්ම කාලේ නිසා දරුණු ශීත කාලගුණයකට ඔරොත්තු දෙන්න සූදානමක් උන්ට තිබුන්නෑ.. සෝවියට්කාරයෝ මොකද කෙරුවේ දේශ සීමාවට ගිහින් ජර්මන් හමුදාවට මුහුණ දෙනවා වෙනුවට උන්ට හැතැප්ම සිය ගානක් මාස කිහිපයක් තිස්සේ රට ඇතුළටම එන්න ඉඩදීලා බලං හිටියා. අන්තිමේ දරුණු ශීතල මැද හතුරු රටක් ඇතුළේ අන්ත අසරණ වුණ හිට්ලර්ගේ හමුදාව නොසෑහෙන්න පැරදිලා විනාශ වුණා. අන්න එදා ඉඳන් තමා හිට්ලර් පරදින්න පටන් ගත්තේ... දන්නවද සෝවියට් රතු හමුදාව ඔය සටන ප්ලෑන් කරලා නම් කරලා තිබුණේ රහස් නමකින්. අන්න ඒ රහස් නම තමා 'ඔපරේෂන් යුරේනස්' ... මේ යුරේනස් කියන්නේ ග්‍රහයකුගේ නමක්. යුරේනස් කියන්නේ නිකං ම නිකං ග්‍රහයෙක් නෙවෙයි යුද්දෙටම උපන් ග්‍රහයෙක්. කරන දේ මහ පරිමාෙණන්ම කරන ග්‍රහයෙක්. ඔන්න බලන්න මේ කේන්දරේ යුරේනස් ඉන්නේ 7 වැන්නේ ... කසාදයක් බැන්දොත් වැඩිකල් අල්ලලා හිටින්නෑ මොකද හතේ කලබලේ වැඩියි. ... හතේ තියෙන්න ඕනේ ඇලිල්ල මිසක් ඇවිලිල්ල නෙවෙයි.'
ඔහුගේ දේශපාලන පක්ෂයේ සගයන්ට ඔහු 'යුරේනස් සහෝදරයා' ය. අනෙකුත් සියලු දෙනාට වයස් භේදයකින් තොරව ඔහු 'යුරේනස් අයියා' ය. කුඩා අපට ඔහු 'යුරේනස් මාමා' ය. ඔහුට සිටි එකම පෞද්ගලික හතුරා වූයේ අපේ අම්මාගේ සහෝදරයකු වූ සිරිසෝම මස්සිනාය. යුරේනස් මාමා කෙනෙකුගේ විවාහය ගැන හරබර පලාපල විස්තරයක් සිදුකොට හමාර කළ සමහර අවස්ථාවක කල් යල් බලා එන සිරිසෝම මස්සිනා හරස් ප්‍රශ්නයක් අහන්නේ ඔලොක්කුවටය.
'යුරේනස් අයියා දැං ඔය යුරේනස් කියන ග්‍රහයා තමුන්ගේ කේන්දරේ මොන කොටුවෙද ඉන්නේ?'
ඔහු මෙසේ අසන්නේ යුරේනස් මාමා මැදිවිය ඉක්මවූ තනිකඩයකු වී සිටීම සරදමට ගනිමිනි. එවිට මුවගට සිහින් සිනාවක් මවන යුරේනස් මාමා; 'මගේ ග්‍රහයා ඉන්න තැන අහන්න කලිං තමුන්ගේ ග්‍රහයා ඉන්න තැන කියමු බලන්න' යැයි කියයි.
'ආ මගේ කේන්දරේ නං ඔය ඉංගිරිසි නම් තියෙන සංකර ග්‍රහයො නෑනේ' යි සිරිසෝම මස්සිනා උත්තර දෙන්නේ යුරේනස් මාමාගේ ඉංග්‍රීසි පන්නයේ කේන්දර බැලීම උපහාසයට ලක් කරමිනි.
'යුරේනස් කියන්නේ හොඳ පිරිමි ග්‍රහයෙක්. දැං තමුංගේ කේන්දරේ යුරේනස් ග්‍රහයා නැත්තං ඉතිං .. නිවාඩු පාඩු වෙලාවක පොඩ්ඩක් අතපත ගාලා බලනවකො හොෙඳ් ..' යි ඔහු ඇඟට පතට නොදැනී කියයි.
ඒ ප්‍රහාරයෙන් මෙල්ල නොවන සිරිසෝම මස්සිනා තවත් උපහාසාත්මක ප්‍රශ්නයක් අසයි.
'දැං බලාගෙන යත්දී ඔය කාල් මාක්ස්ලා ලෙනින්ලා ට්‍රොට්ස්කිලාගෙන් වැඩක් නෑනේ ඕයි! මොකෝ ඔය රුසියාවේ විප්ලවේ කොරලා තියෙන්නෙත් ඔය බම්බුවේ ග්‍රහයොනේ .. අනේ තමුසෙත් පුදුම විප්ලවවාදියෙක් නේ ..'
මේ සමඟ ම යුරේනස් මාමාගේ ඉවසීමේ සීමාව පුපුරා යන්නේ අයිස් කැටයක් උණු තෙල් තාච්චියට දැමුවාක් මෙනි.
'අනේ මේ යනවා ඕයි යන්න තමුසෙයි මායි දන්න විප්ලවේ'
සිරිසෝම මස්සිනා පිටව යනතුරු කේන්තියෙන් වෙවුලන යුරේනස් මාමා ඉන් පසුව තමා හමුවට එන ඕනෑම කෙනෙකු සමඟ ඉතිහාසයේ චක්‍ර ගැන කතා කරන්නට ගන්නේ සිරිසෝම නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙන්නක් මෙනි.
'අම්මපා මේ රටේ තරම් මෝඩ පණ්ඩිතයො තුන් ලෝකෙම නැතිව ඇති .. අමු ගොං ප්‍රශ්න අහනවා මිසක් මෙවුන් ඉතිහාසයක් භූගෝලයක් ඉගෙන ගන්නේ නෑනේ .. මේ සේරම චක්‍ර හැටියට නෙ වැඩ කරන්නේ. විප්ලව කියන්නෙත් කාලෙන් කාලෙට මතුවෙන චක්‍රයක්. හැම දේකටම වෙලාවක් කලාවක් තියෙනවා. අතීතයේ වෙච්ච දේවල් නියම කාලය ආවහම මතුවෙලා එනවා. මේක හරියට සර්පිලයක් වගේ. එකම වටේ කැරකුණත් ටිකෙන් ටික යන්නේ ඉහළටමයි. ඒ කාලේ ආවහම යුද්ධය හරි විප්ලවේ හරි විතරක් නෙවෙයි නායකයොත් නිකංම මතුවෙනවා.. එදා හතුරා මෙදා මිතුරා වෙනවා. එහෙම නැතිව කාගෙවත් මෝඩ පණ්ඩිතකම්වලට මේ ලෝකේ වෙනස් කරන්න බෑ. '
1976 ජූලී මාසයේ එක් ඉරිදාවක අපි යුරේනස් මාමා සමඟ වැල්ලවත්ත මුහුදේ නෑමට ගියෙමු. රත්පිත් රෝගයෙන් පීඩා විඳීම නිසා ඔහුගේ දෙපා දණහිසෙන් පහළ කොටස දරුණු සැරව ගැලීමකට ලක්ව තිබිණ. මුහුදු වෙරළේ වළක් හාරා ඒ තුළ දෙපා රුවාගෙන සිටීමෙන් සුවයක් ලැබේ යැයි ඔහු විශ්වාස කළේය. එහෙත් එදායින් පසුව ඔහු නැවත කිසි දිනෙක දෙපයින් ඇවිද්දේ හෝ තම හම්බර් බයිසිකලය හෝ පැද්දේ හෝ නැත. බයිසිකලයේ සියලු උපාංග ගලවා කොටස් වෙන්කළ ඔහු ඒවාට ග්‍රීස් තැවරුවේය. අනතුරුව ඒ සියල්ල වෙන් වෙන්ව පොලීතීන්වලින් එතුවේය. ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර විභාගයෙන් පසුව තමාගේ හම්බර් බයිසිකලය තෑගී කරන්නේ යැයි ඔහු අපේ ලොකු අයියාට කිවේය. මාස කිහිපයක් ඇඳ මත එක්තැන් වූ නමුත් යුරේනස් මාමා කේන්දර බැලීම නම් අත්හැරියේ නැත. තමා උගත් දේ කියාදීමට ඔහු ගෝලයකු සෙවුවේය. මේ අතර කාටත් හිතාගත නොහැකි අරුමයක් සිදුවිණ. දෙදෙනා දුටුතැන එකිනෙකාට එරෙහිව ඇණුම් පද කියාගත් සිරිසෝම මස්සිනා යුරේනස් මාමාගේ හොඳම ගෝලයා බවට පත්වුණේ විදුලි වේගයෙනි. මේ දෙදෙනා අතිමිතුරුව සිටිනු දකින අපේ ඇතැම් ඥාතීන් මෙසේ කියයි.
'බුදු අම්මේ යුරේනස් අයියා එක්ක සිරිසෝම මල්ලී දැන් පුදුම යාළු කමක් නේ .. හරියට ඇමරිකාවයි රුසියාවයි යාළු වුණා වගේ නේ ..'
මේ කාලය වනවිට රුසියාව සහ අමෙරිකා එක්සත් ජනපදය දරුණු ශීතල යුද්ධයක පැටලී එකිනෙකාට එරෙහිව යටි උගුල් අදිමින් එකිනෙකා විනාශ කිරීමට මාන බලමින් සිටි අතර ඒ රටවල් දෙක අතර අතර මිත්‍රත්වයක් නම් ලෝක විනාශයෙන් මෙපිට සිදු නොවන බැව් පෙනිණ. තමාගේ සහ සිරිසෝමගේ හදිසි මිතුරු සංධානය ඇමරිකාවට සහ රුසියාවට සමාන කළ නෑදෑයන් අමතා වරෙක යුරේනස් මාමා මෙසේ කීවේය:
'හොඳයි එහෙනං මං ඒකත් කියන්නංකෝ... දෙවැනි ලෝක යුද්ධ කාලේ ඇමරිකාවයි රුසියාවයි එකට එකතු වුණා නේද' එක පෙරමුණක ඉඳන් හිට්ලර්ට විරුද්ධ සටන් කළා නේද.. ඔන්න ඒ වෙත්දී යුරේනස් හිටියේ මේෂ රාශියේ... ආපහු යුරේනස් මේෂ රාශියට එන්නේ 2017 අවුරුද්දේ අප්‍රේල් මාසේ අටවැනිදා.. මේ සේරම ග්‍රහයන්ගේ චක්‍ර.. එදා හතුරා මෙදා මිතුරා'
මේ කතාව කියා මාස කිහිපයකට පසුව යුරේනස් මාමා මිය පරලොව ගියේය. ඔහු මිය යෑමට පෙර අපේ ලොකු අයියාට ඔහු සතුව තිබූ එකම වස්තුව වූ හම්බර් ඩබල් පෝක් බයිසිකලයේ පූර්ණ අයිතිය හිමිවිණ. එහෙත් අපේ ලොකු අයියා මියගිය යුරේනස් මාමාගේ ගුණ වයමින් ඔහුගේ බයිසිකලයේ කොටස් අතපත ගාමින් කාලය නාස්ති කළා මිස කිසිම දවසක බයිසිකලයේ කෑලි එකලස් කළේ නැත.
කේ.සී.ජේ. රත්නායක