
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම නියෝජනය කරන තුන් ඉරියව් ක්රීඩක දසුන් ශානක ඉකුත් 5වැනිදා විවාහ දිවියට පිවිසුණා. ඒ, වසර තුනකට ආසන්න කාලයක් තිස්සේ ඔහුගේ ආදරය දිනූ පෙම්වතිය චෙවන්ති සමඟින්. මීගමුව ඇවන්රා ගාර්ඩන් හෝටලයේදී ඔවුන් දෙපළගේ මංගල උත්සවය පැවැතියේ ක්රිකට් තරු, කලා තරු, දේශපාලන තරු රැසක් පිරිවරාගෙන. හෙළ කුල සිරිතට අනුව පෝරුවේ චාරිත්රවලින් සමන්විත වූ විවාහ උත්සවය සුන්දර කරගැනීමට බොහෝ දෙනකුගේ සහයෝගය ලැබුණු බව දසුන් අප සමඟ පැවසුවා.
මංගල උත්සවය සුන්දරව ජායාරූපගත කොට ඇත්තේ ප්රමෝද් නිල්රු. දසුන්ගේ ඇඳුම් සැකසීම TUX•CEYLON සහ ඔහුගේ කොණ්ඩ සැකසුම Salon LIYO සිදුකර තිබෙනවා. පෝරුවේ චාරිත්ර විශ්වි වෙඩින් ආයතනය විසින් සිදුකර ඇති අතර අලංකරණ සහ සැරසිලි Grandflora weddings & Events Pvt Ltd ආයතනයෙන්. දසුන්ගේ මනාලිය චෙවන්ති ඉතා සුන්දරව දිස්වූ අතර ඇයගේ මංගල ඇඳුම ඇය විසින්ම නිර්මාණය කරන ලද්දක් වීම විශේෂයි.
චෙවන්ති වෘත්තියෙන් දක්ෂ මෝස්තර නිර්මාණ ශිල්පිනියක වීම ඊට හේතුවයි. ඇය මනාලියක ලෙස හැඩගන්වා ඇත්තේ සැලෝන් සුදාරි. මංගල උත්සවයේ සැලසුම සිරිත ආයතනය විසින්. මංගල උත්සවය මියුරු සංගීතයෙන් රස ගැන්වූයේ professor සංගීත කණ්ඩායමයි.
“අපේ විවාහ උත්සවය පවත්වන්න තිබුණේ පසුගිය මැයි මාසයේ 13 වැනිදා. කොවිඩ් නිසා තමයි කල් දැම්මෙ. ඒ වුණත් අපි දෙන්නගේ ජීවිතේ ලස්සනම දවස අපි හිතුවටත් වඩා ගොඩක් ලස්සනට ගතවුණා. සහාය වුණ හැමෝටම ස්තුතියි කියන්න මෙය අවස්ථාවක් කරගන්නවා” දසුන් හැමෝටම ස්තුති කළේ එහෙමයි.