මායා, රස­ඳුන ස්මාර්ට් ෆෝන් තිළිණ ලද්දෝ | සිළුමිණ

මායා, රස­ඳුන ස්මාර්ට් ෆෝන් තිළිණ ලද්දෝ

ලේක්හවුස් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සමන් වගආරච්චි මහතා ජයග්‍රාහකයකු තෝරා ගත් මොහොත. සිළුමිණ කර්තෘ එඩ්මන්ඩ් රණසිංහ, රසඳුන කර්තෘ ඉඳුනිල් වීරරත්න මහත්වරු සහ රසඳුන නියෝජ්‍ය කර්තෘ නයනා වෑත්තෑව මහත්මිය ඡායාරූපයේ වෙති. ඡායාරූපය - සුදම් ගුණසිංහ

ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළ චිත්‍රපටයක් ලෙස මායා චිත්‍රපටය හැඳින්විය හැකිය.

මායා චිත්‍රපටයේ නිෂ්පාදක ආර්. සදේශ් කුමාර් සහ ශ්‍රීමතී සදේශ් කුමාර් දෙපළ සමඟ අධ්‍යක්ෂ ඩොනල්ඩ් ජයන්ත ‘රසඳුන’ පාඨක ඔබට ස්මාර්ට් ජංගම දුරකථන තිළිණ ලබා දෙන්නට තීරණය කර තිබුණා. ඒ අනුව ‘මායා’ නැරඹූ රසඳුන පාඨකයින්ට ඒ පිළිබඳව විවේචනාත්මක අදහස් දැක්වීමට ඉඩ ප්‍රස්ථාව අප සලසා දුන්නා.

ලංකාව පුරා විසිරී සිටින ‍ලක්ෂ සංඛ්‍යාත රසඳුන පාඨකයින් අතරින් දහස් ගණනක් අදහස් දක්වා තිබූ අතර පසුගියදා ලේක්හවුස් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සමන් වගආරච්චි සහ සිළුමිණ කර්තෘ එඩ්මන්ඩ් රණසිංහ මහත්වරුන් අතින් ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් පස් දෙනෙක් තෝරා ගැනීම සිදුකෙරුණා. මායා රසඳුන ස්මාර්ට් ෆෝන් ජයග්‍රාහයින්ගේ නම් පහත දැක්වෙයි. ඔවුනට අදාළ ත්‍යාග පිරිනැමීම ළඟදීම දිනයක සිදුකෙරන අතර ඒ පිළිබඳව අදාළ විස්තර ඇතුළත් ලිපියක් තැපැල් මඟින් ලැබීමට කටයුතු යොදා තිබෙනවා.

මේ සඳහා තම නිර්මාණශීලී අදහස් ලියා එවූ රසඳුන පාඨක සියලුම දෙනාට ස්තුතිය පුද කරනවා.

1. යූ.පී. රෝහිණී රම්‍යලතා පතිරණ

රම්මුතුගල කඩවත

2. ඩබ්ලිව්. කේ. සංගීතා උස්වත්ත

මොරටුව

3. ඒ.ජී. නුවන් සංජීව ගමගේ

පල්ලම හලාවත

4. අප්සරා ගුණරත්න

පොලොම්මාරුව තංගල්ල

5. අනෝජා එදිරිසිංහ

බොරලැස්ගමුව 

Comments