CovID-19 ආසාදිතයින් 175කට සුවයි | සිළුමිණ

CovID-19 ආසාදිතයින් 175කට සුවයි

අද (28) උදෑසන 10 වන විට කොරෝනා ආසාදිතයින් 175 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 2296ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ (27) දිනයේ වාර්තා වූ නව රෝගීන් 23 දෙනාත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2805ක් දක්වා ඉහළ ගියේය.

එම ආසාදිතයින් 23 දෙනාගෙන් 17 දෙනෙකු සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

කටාර්හි සිට පැමිණි පුද්ගලයින් පස් දෙනෙකු සහ සෞදි අරාබියේ සිට පැමිණි පුද්ගලයෙකු ද, කොවිඩ්-19 රෝගීන් ලෙස ඊයේ දිනයේ හඳුනාගෙන ඇත.

ඒ අනුව මේ වන විට රෝගීන් 498 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

මේ අතර කොව්ඩ්-19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් සංචරණ කටයුතු සීමා කළ රාජාංගනය ප්‍රදේශයේ ගම්මාන කිහිපයක සංචරණ සීමා ඉවත් කර තිබේ.

ඊයේ පස්වරුවේ සිට ක්‍රියාත්මක වන පරිදි එම ගම්මානවල සංචරණ සීමා ඉවත් කිරීමට පියවර ගත් බව රාජාංගනය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සන්ධ්‍යා අබේරත්න පැවසීය.

ඒ අනුව සිරිමාපුර, යාය එක ගම්මානයේ කොටසක සහ යාය දෙක ගම්මානයේ කොටසක සංචරණ සීමා ඉවත් කර ඇති බව වාර්තා වේ.

Comments