
පාකිස්තානයේ, කරච්චි නුවර කොටස් වෙළෙඳපොළ පිහිටි ගොඩනැඟිල්ලට තුවක්කුකරුවන් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
එහිදී තුවක්කුකරුවන් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වෙඩි හුවමාරුව තවමත් සිදුවන බව ආරක්ෂක අංශ පවසයි.
මෙම ප්‍රහාරයට සම්බන්ධ කුමන කණ්ඩායමක් ද යන්න සහ කී දෙනෙක් ඊට එක් වී සිටී ද මෙතෙක් හෙළි වී නැත.
නිවේදනයක් නිකුත් කරමින් පාකිස්තාන කොටස් වෙළෙඳපොළ බලධාරීන් පැවසුවේ ප්‍රහාරය පිළිබඳ තොරතුරු තවමත් හෙළිවෙමින් පවතින බවය.
එහි අධ්‍යක්ෂ අබීඩ් අලි හබීබ් පැවසුවේ රථ ගාලේ සිට පැමිණි වෙඩික්කරුවන් "සියලුදෙනා වෙත වෙඩි තැබුවා" යනුවෙනි.
ගොඩනැගිල්ල තුළ සිටි පුද්ගලයින් එහි පිටුපස දොරකින් ඉවතට ගනු ලැබිණි.