
බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ගමන් කරමින් සිටි මෝටර් රථය අනතුරකට ලක්ව තිබේ.
පාර්ලිමේන්තු සැසි වාරය අවසන් කර යළි සිය නිවස බලා යමින් සිටි අගැමැති බොරිස් ජොන්සන් රැගත් මෝටර් රථය ඉදිරිපසට එකවර වීරෝධතාකරුවන් පිරිසක් දිව ඒමත් සමග රියදුරු රථය නවත්වා ඇතැයි සඳහන්.
එම අවස්ථාවේදී අගමැතිවරයාගේ වාහනය පසුපසින් පැමිණි ආරක්ෂක භටයින් රැගත් මෝටර් රථය අගමැතිවරයාගේ මෝටර් රථයේ ගැටී ඇත.
අනතුර සම්බන්ධයෙන් අදහස් දක්වමින් අගමැතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ සිදුවූ අනතුරෙන් අගමැති බොරිස් ජොන්සන්ට හෝ වෙනත් කිසිවෙකුට අනතුරක් සිදුව නොමැති බවයි.