
පසන් චන්ද්‍රසේකර ව්‍යාපාරිකයෙක්, සමාජ සේවකයෙක් මෙන් ම චිත්‍රපට නිෂ්පාදකවරයෙක් සේම දක්ෂ යොවුන් ගායන ශිල්පියෙකි.
මහනුවර පුරවරයෙන් කලා ලොවට ප්‍රවිෂ්ට වූ පසන් මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. 99 වසරේදී අපොස උසස්පෙළ විභාගයට පෙනී සිටි හෙතෙම කලා ලොවට පිවිසියේ 2009 වසරේදීය. ඒ උදයකාන්ත වර්ණසූරියගේ චැලෙන්ජර් චිත්‍රපටයේ තේමා ගීතයට සම්බන්ධ වෙමිනි.
ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂ ඩිලාන් ලෑම්ප් මෙම ගීතයට සම්බන්ධ වන අතර පද්මකුමාර මෙත්සේන කැමරා ශිල්පියාගේ සහායෙන් උදයකාන්ත සමඟ සම්බන්ධ වන පසන් රවි හාන්ස් වැටකේපොත සමඟ සම්බන්ධ වී ‘සිංහාව ලෝකනය’ ක්‍රිකට් චිත්‍රපටයට නිෂ්පාදනයෙන් සහාය වෙයි. ඉන්පසු සුනෙත් මාලිංග ලොකු හේවාගේ ආරාධනයෙන් දෙවැනි චිත්‍රපටය වන සුරඟන ලොවින් ඇවිල්ලා ළමා චිත්‍රපටයේ නිෂ්පාදකවරයා බවට පත්වෙයි.
පසුව මහනුවරදී විශාරද නිර්මල හේරත් සංගීත ගුරුතුමාගෙන් සංගීතය හදාරා ඔහුගේ ගීතයක් නිෂ්පාදනය කළේය.
පසන්ගේ ප්‍රථම ගීතය පොකුරු පොකුරුමල් 2016 දී වාසිත සමරනායකගේ පද රචනයෙන් නිර්මලහේරත්ගේ සංගීත අධ්‍යක්ෂණයෙන් එළි දැක්කේය.
පසන් සිය දෙවැනි ගීතය වන ‘වලාකුළක් සේ ඇවිත්’ ගීතය යුග ගීතයක් ලෙස පූර්ණිමා ධනංජනී සමඟ ගායනා කරයි. එහි පද රචනය නිර්මල හේරත්ගෙනි. ඔහුගේ අදහස වන්නේ චිත්‍රපටයක් වෙහෙසවී වියදම් දරා නිෂ්පාදනය කළත් එය ඉක්මනින් තිරගත නොවීම ගැටලුවක් බවයි. රජය හා පෞද්ගලික අංශ එකතු වී නිෂ්පාදකයා රැකගත යුතු බව ඔහුගේ අදහසයි.
දැනට පසන් චන්ද්‍රසේකර එල්.එම්. චන්ද්‍රසේකර ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ලෙස කටයුතු කරයි. සමාජ සේවකයකු ලෙස විවිධ ක්ෂේත්‍ර ගණනාවකට ඔහු සිය දායකත්වය ලබා දී තිබේ.
ලංකාවේ ප්‍රථම අගමැති වූ ඩී.ඇස්. සේනානායකයන්ගේ චරිතාපදානය අළලා නිපැයූ චිත්‍රපටයට මෑතකදී නිෂ්පාදන අංශයෙන් දායක වූ පසන් Film Makers and Artist cercle කලා කවයක් ඈත්කොට වෘත්තීමය චිත්‍රපට ටෙලිනාට්‍ය, නිරූපණ ශිල්පීන් සංගීත ශිල්පීන්ට වැඩමුළු පැවැත්වීමට කටයුතු කරයි. ඔහු ලංකාවේ වෘත්තීය කලාකරුන්ට සිය කලාකවයට එන්නැයි ආරාධනා කර සිටී.
PND සමූහ ව්‍යාපාරය මඟින් විලාසිතාකරුවන්ට, චිත්‍රපට නිෂ්පාදනය, සංගීත නිෂ්පාදනය, විවාහ උත්සව සැලසුම්කරණය, නිරූපණ ආදී ක්ෂේත්‍ර අළලා කටයුතු කරන පසන් චන්ද්‍රසේකර ඇමරිකාවේ ලිබර්ටි අන්තර්ජාතික විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර පරිපාලනය පිළිබඳ උපාධිධරයෙකි.
තම බිරිඳ හා දරුවන් මෙන් ම තම සොයුරු යසස් චන්ද්‍රසේකරගෙන් ලැබෙන සහාය අගය කරන ඔහුගේ ලිපිනය නො: 683, පේරාදෙණිය පාර,
ගුවන්විදුලි සංස්ථාවට වසර 50යි
‘ගයන ගැයුම්‘ කණ්ඩායම් ගී ප්‍රසංගය අද
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට 50 වසරක් පිරීම නිමිත්තෙන් වෙළෙඳ සේවය ඉදිරිපත් කරන ‘ගයන ගැයුම්‘ කණ්ඩායම් ගී ප්‍රසංගය අද ( 05 වැනි ඉරිදා) සවස 6.30 ට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.
70 දශකයේදී නව සංස්කෘතියක් බිහිකරමින් ශ්‍රාවක සිත් අමන්දානන්දයට පත්කළ මූන්ස්ටෝන්, බසින් බීස්, ලොස් කැබලෙරෝස්, වින්ස්ලෝ සික්ස්, ධර්මරත්න සහෝදරයෝ, ගෝල්ඩන් චයිම්ස්, ශ්‍රී ලාංකියන්ස්, ලා සිලනියන්ස්, මෙන්ඩිස් පෝසම්, ත්‍රී සිස්ටර්ස්, ලොස් ප්ලෙමින්ගෝස්, හමින් බර්ඩ්ස්, ලා බබ්බාස්, අමිගෝස් රොමැන්ටිකාස්, සමනළයෝ, ග්‍රෙන් ලෙනාඩෝස්, මී මැස්සෝ සහ දි ලවර්ස් යන කණ්ඩායම් මෙහිදී ප්‍රසංගය වර්ණවත් කිරීමට නියමිතය.
රාජ්‍ය ජායාරූප -චිත්‍ර -මූර්ති උළෙල සඳහා නිර්මාණ බාර ගැනේ
අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එක්ව 2017 වර්ෂයේ දී දෙවන වරට සංවිධානය කරනු ලබන රාජ්‍ය ජායාරූප උළෙල සඳහා නිර්මාණ බාරගනු ලබයි. තරග අංශ පහක් යටතේ පැවැත්වෙන මෙම උළෙල සඳහා ශ්‍රී ලංකාවේ ඕනෑම පුරවැසියෙකුට සහභාගි විය හැකිය. අවශ්‍ය අයදුමපත් හා තරග විස්තර ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකින් හෝ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන් ලබාගත හැකිය. නැතහොත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව www.culturaldept.gov.lk වෙබ් අඩෙවියෙන් (download) කර ගත හැක. විධිමත් ලෙස සම්පූර්ණ කරන ලද අයදුම්පත් සමඟ අදාළ නිර්මාණ දිවයිනේ ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට හෝ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ රාජ්‍ය ජායාරූප ප්‍රවර්ධන අංශය වෙත ලියාපදිංචි තැපෑලෙන් හෝ ගෙනැවිත් බාරදිය හැකිවේ. එලෙසම සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකේය චිත්‍ර හා මූර්ති ශිල්පීන්ගේ නිර්මාණ ඇගයීමට ලක්කෙරෙන ප්‍රධාන රාජ්‍ය උත්සවය වන රාජ්‍ය චිත්‍ර මූර්ති උළෙල සඳහා ද 02නිර්මාණ භාර ගැනේ. තම නිර්මාණවල ජායාරූප සහිත සංයුක්ත තැටි විධිමත් ලෙස සම්පූර්ණ කරන ලද අයදුම්පත් අධ්‍යක්ෂක, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව,8 වන මහළ,සෙත්සිරිපාය , බත්තරමුල්ල. ලියාපදිංචි තැපෑලෙන් හෝ ගෙනැවිත් බාරදිය හැකිවේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු 2017 -02-03 ගැසට් පත්‍රයෙන් හෝ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව www.culturaldept.gov.lk වෙබ් අඩෙවියෙන් ලබාගත හැක.
රාජ්‍ය ළමා චිත්‍ර උළෙලේ සියලුම නිර්මාණ ජාතික සම්බන්ධීකාරක, රාජ්‍ය දෘශ්‍ය කලා උපදේශක මණ්ඩලය, ජාතික කලාභවන, ආනන්ද කුමාර ස්වාමි මාවත, කොළඹ07 යන ලිපිනයට තැපෑලෙන් හෝ ගෙනැවිත් බාරදිය හැකිවේ. වැඩිදුර විමසීම් 0112882551/0112872031 ලබා ගතහැක.
'පෑස්සුණු සිත' සංගීත ප්‍රසංගය 11 වැනි දා පානදුර දී
නව පරපුරේ ගායිකා දේශානි විතානගේ සහ සුරන් මධුෂංක ගායනා කළ 'පෑස්සුණු සිත සඳ දියෙන් ගැල්වී' නවතම ගීතය එළිදැක්වීම නිමිත්තෙන් පවත්වන 'පෑස්සුණු සිත' සංගීත ප්‍රසංගය ලබන 11 වැනි සෙනසුරාදා ප.ව. 6.00 ට පානදුර නගර සභා ශාලාවේදී පැවැත්වේ.
මෙම ගීතයේ පද රචනය ප්‍රියදර්ශන අමරසිංහ ගෙන් වන අතර සංගීතතය දසුන් බුද්ධික ගෙනි.ශශිකා නිසංසලා, අසංක ප්‍රියමන්ත පීරිස්, ෂෙල්ටන් මුතුනමගේ ,පියුමිකා ආරියරත්න, චින්තන රාජපක්ෂ ,දේශානි විතානගේසහ සුරන් මධුශංක සමග මෙම ප්‍රසංගය රසගන්වති.
අමල් නිරෝෂිත අල්මේදා කථනයෙන් දායක වන මෙහි සංගීතය කලුතර සිහාරා ගෙනි.හංවැල්ල රියෝ ගර්ල්ස් නැටුම් ඉදිරිපත් කරයි.
සංඛලී ගේ උත්තර භාරතීය ගී ප්‍රසංගය පුංචි තියටරයේදී
නව පරපුරේ ගායිකා සංඛලී ක්‍රිශාන්තිගේ උත්තර භාරතීය ගී ප්‍රසංගය නාමෙල් මාලනී පුංචි තියටර් හිදී පැවැත්වේ. ටෝනි හසන් සහ ඉලියාස් බෙග් යන ප්‍රවීණ ගායකයින් යුග ගායන්යෙන් එක්වන මෙම ප්‍රසංගයේ පැරැණි හා නූතන උත්තර භාරතීය ගීත 18 ක් ගායනා කෙරෙන අතර සංගීතය තිළිණ තුෂාර වෙල්ලාලගේ ප්‍රමුඛ ගුවන් විදුලි වාදක මණ්ඩලය විසිනි.
සංඛලී කොළඹ විශ්ව විද්‍යාලයේ ජීව විද්‍යාව පිළිබඳ උපාධිධාරිනියක මෙන්ම ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නීතිය හැදෑරූ නීතිඥවරියක වන අතර ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පළමුවැනි ශ්‍රේනියේ නිලධාරිනියකි.
'හිට් ඔන් ලයින් ස්ටාර්'
ඩුවෙල්කෝ මියුසික් ආයතනය ශ්‍රී ලංකාවේ පළමුවතාවට 'හිට් ඔන් ලයින් ස්ටාර්' නමින් ගායන තරු බිහි කරන රියැලිටි වැඩසටහනක් එළිදක්වා ඇත.
ලොව ඕනෑම තැනක වෙසෙනෆේස්බුක් ගිණුමක් හිමි අයෙකුට මේ සඳහා ඉදිරිපත් විය හැකි අතර කළ යුත්තේ කිසියම් ගීතයක කොටසක් ගායනා කර ජංගම දුරකතනයකින් එය වීඩියෝගත කර HIT ON LINE STAR FACE BOOK පිටුවට හෝ HIT NEWSවෙබ් අඩෙවියට අප්ලෝඩ් කිරීමය.
'තාමත් මුණ ගැසුණේ නෑ, (සුරේන්ද්‍ර පෙරේරා) හිමාලෙට වඩා උසයි(ජූඩ් රොහෑන්ස) අවසාන ප්‍රේමයයි(දිමංක වෙල්ලාලගේ), වැනි ජනප්‍රිය ගී ඩුවෙල්කෝ මියුසික් ආයතනයේනිෂ්පාදන අතරකැපී පෙනේ.
වේදිකා නාට්‍ය මල් වඩම් අනවශ්‍යයි දෙතැනක දී
ප්‍රියන්ත රංජන් නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කරන ලද මල් වඩම් අනවශ්‍යයි නාට්‍යය ලබන 18දින ප.ව 3.00ට සහ ප.ව 6.45ට කුරුණෑගල නගර ශාලාවේදීත්, 19දින ප.ව 3.00ට සහ 6.45ට ගාල්ල හෝල් ඩි ගෝල් ශාලාවේදිත් වේදිකා ගත කෙරේ.
රත්නාවලී ගම්පොළදී
රත්නාවලී නාට්‍යය ලබන 16දින පෙ.ව 9.30ට සහ ප.ව 11ට ගම්පොළ වික්‍රමබාහු විද්‍යාලයීය රඟහලේදි රඟ දැක්වීමට කටයුතුයොදා ඇත. මෙය ලලිතා සරච්චන්ද්‍රයන්ගේ අධ්‍යක්ෂණයකි.
විකෘති හසලකදී
සෝමලතා සුබසිංහගේ විකෘති නාට්‍ය ලබන 15දින පෙ.ව 10.30ට සහ ප.ව 2.30ට හසලක සිනමා ශාලාවේදි වේදිකා ගත වේ.
කෝලම් මහවදී
පහතරට සම්ප්‍රදායික කෝලම් නාටකය ලබන 14දින ප.ව 2.30ට සහ ප.ව 6.30ට මහව සයිමන් නවගත්තේගම රඟහලේදි රඟදැක්වේ.
කලියුග කෝලං හැටන්හි
මහින්ද පතිරගේ නාට්‍ය නිර්මාණ කලියුග කෝලං නාට්‍ය ලබන 12දින ප.ව 3.30ට සහ 6.45ට හැටන් වයි එම් බී ඒ සංස්කෘතික මධ්‍යස්ථානයේදි රඟදැක්වේ..
සිංහබාහු රටවටා
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ විශිෂ්ටතම නාට්‍ය නිර්මාණය වන සිංහබාහු ලබන 8දින පෙ.ව 8.30ට සහ පෙ.ව11ට පානදුර නගර ශාලාවේදිත්, 9දින පෙ.ව 8.30ට සහ පෙ.ව11.00ට බොරැල්ල වයි.එම්. බී රඟහලේදීත් 10 දින පෙ.ව8.30ට සහ පෙ.ව11.00ට කළුතර නගරශාලාවේදීත් 15දින පෙ.ව 8.30ට සහ පෙ.ව 11.00ට දෙහිවල නගර ශාලාවේදීත් 17දින පෙ.ව 8.30ට සහ 11.00ට මතුගම ශ්‍රවනාගාරයේදීත් රඟදැක්වේ.
මනමාලයා පොලොන්නරුවේ
කීර්ති කේ රත්නායකගේ රචනාවකට, අජිත් රූපසේන නිර්මාණය කළ නාට්‍ය නිර්මාණය මනමාලයා ලබන 10දින සවස 2.30ට සහ 6.30ට පොලොන්නරුව පුලතිසි බුද්ධි මණ්ඩප රංග ශාලාවේදි වේදිකාගත කෙරේ.