සහල්, එළවළු, පළතුරු ප්‍රවාහනයට දුම්රිය | සිළුමිණ

සහල්, එළවළු, පළතුරු ප්‍රවාහනයට දුම්රිය

සහල්, එළවළු, පළතුරු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනයට දුම්රිය යොදා ගැනීමට රජය අපේක්‍ෂා කරන්නේ නම් ඊට පූර්ණ සහයෝගය ලබා දෙන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර, අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

ජනතාවට අත්‍යවශ්‍ය සේවා සැපයීම් බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යාම එහි අරමුණ වේ.

දුර බැහැර ප්‍රදේශවල වගා කර ඇති එළවළු සහ පළතුරු සෙසු ප්‍රදේශ වෙත ප්‍රවාහනයේ දී මතුව ඇති ගැටළු සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යංශයේ පැවැති සාකච්ඡාවකදී මේ පිළිබඳ අවධානය යොමුව තිබේ.

මේ වන විට ඉන්ධන ප්‍රවාහනය දුම්රිය මගින් සිදු කෙරෙන අතර තිසිදු ගැටළුවකින් තොරව රට පුරා ඉන්ධන බෙදා හැරීමට හැකිව තිබේ.

Comments