
කොරෝනා වෛරසයෙන් අමෙරිකාවේ ජිවිතක්ෂයට පත්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව 25,000 ඉක්මවා ඇතැයි විදෙස් වාර්තා පවසයි.
ගතවූ පැය 24 තුලදී ඇමෙරිකාවෙන් වාර්තා වන මුළු මරණ සංඛ්‍යාව 2,129ක් වන අතර දිනක් තුලදී රටකින් වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව වන්නේ මෙයයි.
මීට පෙර අප්‍රේල් 10 වෙනිදා දින ඇමෙරිකාවෙන් පුද්ගල මරණ 2,074ක් වාර්තා විය.
මේ වන විට අමෙරිකාවෙන් වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 25,757 ක් වන අතර රෝගීන් සංඛ්‍යාව 605,000ක් බව ද සදහන්.