
පසුගිය සිකුරාදා සවස 6.00 සිට ඊයේ රාත්‍රී දක්වා කාලය තුළ පුද්ගලයින් 3700 අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ පොලිස් ඇඳිරි නීතිය කඩ කිරීම සම්බන්ධයෙන්.
අදාළ පිරිස අතර යතුරු පැදි සහ ත්‍රිරෝද රථ ඇතුළු රථ වාහන 715 ක් ද පොලීසිය භාරයට ගෙන තිබේ.
මේ අතර දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පුර්ණයෙන්ම තහනම් වන අතර ඒ පිළිබඳ දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඊයේ රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි යොදා ඇති මාර්ග බාධක සංඛ්‍යාව ඉහළ නැංවීමට ද පියවර ගෙන ඇත.
නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පැවසුවේ, වැඩබලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්නගේ උපදෙස් මත එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි.