
ආහාරයට ගන්නා මස්වර්ග වලින් අද වන විට අපි වැඩිපුරම ගන්නේ කුකුළු මස්. ඒ කුකුළු මස් ඉතාම පහසුවෙන්, සාධාරණ ගණනකට මිලදී ගන්නට ඇති හැකියාවත් නිසා යැයි පැවසුවහොත් ඔබ එකඟ වේවි. සාමාන්‍යයෙන් අපේ ගෘහණියන් පුරුදු වී සිටින්නේ කුකුළුමස් මිරිසට හෝ කිරට පිළියෙල කරන්නයි. එහෙත් අද රසඳුන කෑම පිටුවෙන් කුකුළුමස් වෙනස්ම ආකාරයට පිළියෙල කරගන්නා ආකාරය ඔබට ගෙන එනවා.
කුකුළු මස් ලැවරිය
අවශ්‍ය ද්‍රව්‍ය:
හාල් පිටි හෝ පාන් පිටි- 500 g
කුකුළුමස් - 300 g
ලූනු - 25 g
ඉඟුරු සහ සුදු ලූනු - 10 g
කෑලි මිරිස් තේ හැඳි -1
පදමට ලුණු
තෙල් මේස හැඳි -4
කුකුළුමස් පිරවුම සාදාගන්නේ මෙහෙමයි
මුලින්ම කුකුළු මස් හොඳින් තම්බා ගන්න. නිවුණු පසු කටු ඉවත්කර පොඩි කෑලි වලට කපා පොඩිකර ගන්න. ලූනු ගෙඩි පොතු ඉවත්කර හීනියට කපා ගන්න. ඉඟුරු සහ සුදු ලූනු ගලේ අඹරා ගන්න. (බ්ලෙන්ඩර් කරගන්නත් පුළුවන්) දැන් තරමක භාජනයක් ගෙන ළිප තබා එයට තෙල් ටික දමා හොඳින් රත්වූ පසු එයට කුකුළුමස්, ලූනු, අඹරාගත් ඉඟුරු සුදු ලූනු, කෑලි මිරිස් දමා හොඳින් තෙම්පරාදු කරගන්න. දැන් මෙයට රසඅනුව ලුණු දමා ළිපෙන් බාගන්න.
දැන් තරමක භාජනයක් ගෙන එයට පිටි දමා උණු වතුරින් අනා ඉඳිආප්ප වංගෙඩියෙන් මිරිකා සාමාන්‍ය ක්‍රමයට ලැවරිය සාදාගන්න.
ගලේ අඹරාගත් කුකුළුමස් බැදුම
අවශ්‍ය ද්‍රව්‍ය:
කුකුළුමස් -1kg
සුදු ලූනු -30g
ඉඟුරු -30g
රතු ලූනු -30g
හීන් කොච්චි -20g
පදමට ලුණු
සේර කෑලි -2-3
ගම්මිරිස් කුඩු තේ හැඳි -1
කහ කුඩු තේ හැඳි - 1/2
බැද ගැනීමට තෙල්
සාදාගන්නේ මෙහෙමයි
කුකුළු මස් කටු ඉවත්කර තරමක ලොකු කෑලි වලට කපාගන්න. ඉඟුරු, සුදු ලූනු, රතු ලූනු, හීන් කොච්චි ගලේ අඹරා ගන්න. තරමක භාජනයක් ගෙන එයට කුකුළු මස් දමා අඹරාගත් මිශ්‍රනය සහ සේර, ගම්මිරිස් , කහ දමා හොඳින් අනා සීසන් වෙන්නට තබන්න.හොඳින් සීසන් වූ පසු කුකුළු මස් කෑලි මිරිස් ගලක තබා තලාගන්න.
අවසානයේ මෙම කුකුළු මස් පැයක පමණ කාලයක් තබා ගැඹුරු තෙලේ බැද ගන්න.