කොරෝනාවෛරස් : චීනයෙන් පිටත වේගයෙන් පැතිරෙයි | සිළුමිණ

කොරෝනාවෛරස් : චීනයෙන් පිටත වේගයෙන් පැතිරෙයි

යුරෝපා රටවල් කිහිපයක් ම සිය ප්‍රථම කොරෝනාවෛරස් ආසාදිතයා පිළිබඳව නිවේදනය කර ඇති අතර එම රෝගීන් සියළු දෙනාම පාහේ ඉතාලිය තුළ රෝගය පැතිරයාමට සම්බන්ධයක් ඇති බව පෙනෙන්නට තිබේ.

ඔස්ට්‍රියා, ක්‍රොයේෂියා සහ ස්විට්සර්ලන්තය කියා සිටියේ රෝගී වූ එම පුද්ගලයන් මීට පෙර ඉතාලියේ සංචාරය කළ අය බවය.

අප්‍රිකානු මහාද්වීපයේ රටක් වන ඇල්ජීරියාවෙන් ද කොරෝනාවෛරස් ආසාදිතයෙකු හමු වී ඇති අතර ඔහු ද ඉතාලියේ සිට පැමිණි අයෙකු වේ.

ඉතාලියේ සිට පැමිණි බ්‍රසීල ජාතිකයෙකුට ද වෛරසය ආසාදනය වී ඇති අතර එය ලතින් ඇමරිකානු රටකින් කොරෝනාවෛරස් ආසාදිතයෙකු වාර්තා වූ ප්‍රථම අවස්ථාවයි.

කොරෝනාවෛරසය ආසාදනය වූ රෝගීන් වැඩිම පිරිසක් වාර්තා වන යුරෝපීය රට ඉතාලිය යි. එරටින් වාර්තා වූ රෝගීන් ගණන 300 ඉක්මවා ඇති අතර 11 දෙනෙක් මරණයට පත් වූහ.

නමුත් දේශසීමා වසා දැමීමට අසල්වැසි රටවල් තීරණය කර නොමැත.

(බී.බී.සිය ඇසුරෙනි)

 

Comments