ශ්‍රී ලන්කන් CEO සහ ඔහුගේ බිරිඳ CID භාරයට | සිළුමිණ

ශ්‍රී ලන්කන් CEO සහ ඔහුගේ බිරිඳ CID භාරයට

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ ප්‍රියංකා නියෝමාලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න සඳහන් කළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ වනවිට ඔවුන් දෙදෙනාගෙන් ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින බවයි.

ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

අනතුරුව ඔවුන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා කොටුව මහේස්ත්‍රාත් රංග දිසනායක පසුගිය සඳුදා වරෙන්තුවක් නිකුත් කළේ ය.

ඒ, ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් වර්ගයේ යානා 10 ක් මිලදී ගැනීමේ ගනුදෙනුවේදී අමෙරිකානු ඩොලර් මිලියන 2 ක් අල්ලසක් ලබාගෙන එය ඔස්ට්‍රේලියාවේ බැංකු ගිණුමකට විශුද්ධිකරණය කළ බව කියන චෝදනාවලට අදාළවයි.

 

Comments