
‘ත්රීඩීව් බෝරා’ යන නම සිංහල ගීත ලෝලීන් අතර ජනප්‍රිය වී ඇත්තේ ඔහු ඉන්දියානු ජාතික ගායකයකු වුවද සිංහල බසින් ගායනා කරන මිහිරි ගීත නිසාවෙනි.
ඔහු විසින් ගායනා කළ ‘අම්මා’, ‘පාවී’ වැනි ගීතද සංගීත් නිපුන් චම්පා කල්හාරි සමඟ ගැයූ ‘නෙත් පියන් පියා ඉන්නම්’ ගීතයද පසු ගිය දිනවල අන්තර්ජාලයේ ඉතා ජනප්‍රිය ගීත බවට පත් විය.
මෑත යුගයේ ඉතාම ජනප්‍රිය ගීතයක් වූ ‘අනන්තයෙන් පියාඹා ඇවිදින්’ ගීතය ගායනා කරන ඉන්දීවරී හෙට්ටිආරච්චි සමඟ ත්රීඩීව් සිය නවතම සිංහල ගීතය ගායනා කර ඇත.
රතු රෝස යනුවෙන් නම් කර ඇති මෙම යුග ගීතය සංගීතවත් කර ඇත්තේද ත්රීඩීව් විසිනි.
රතු රෝස ගීතයේ පද රචනය ත්රීඩීව්ගේ ශ්‍රී ලාංකික මිතුරකු වන මනෝජ් විජේරත්න විසින් සිදු කර තිබේ. මේ වන විට රූප රචනයද අවසන් කර ඇති රතු රෝස ගීතය නුදුරේදීම නිකුත් කිරීමට සූදානමින් සිටී.
1985 ඉන්දියාවේ සිව්සාගර් හී උපන් ත්රීඩීව් බෝරා ඇසෑම් හා හින්දි භාෂාවෙන් ජනප්‍රිය ගීත රැසක් ගයා ඇති අතර, Stobdho, Mahadave, Jaapi වැනි ගීත ඇල්බම් කිහිපයක්ද නිකුත් කර ඇත. ගීත රචකයකු මෙන්ම සංගීත අධ්යක්ෂ වරයෙකුද වන ත්රීඩීව් චිත්‍රපට පසුබිම් ගායනයට ද දායක වී සිටී. www.trideev.com යන ඔහුගේ වෙබ් අඩවිය මඟින් ත්රීඩීව් ගේ ගීත රස විඳිය හැකිය.
කළුතරින් බිහිවූ කාන්තා සංගීත කණ්ඩායම
කාන්තාවන්ගේ සංගීත කණ්ඩායමක් කළුතර බෝම්බුවල ප්‍රදේශයෙන් බිහිවී තිබේ.කළුතර දිස්ත්‍රික්කය තුළ පදිංචි මේ කණ්ඩායමේ ගුරුවරියන් ඇතුළු සංගීත පාඨමාලා හදාරා ඇති අයද සිටිති.. විවාහක කාන්තාවන් බහුතරයක් නියෝජනය කරන මේ සංගීත කණ්ඩායමට දීපා ගොඩැල්ලවත්ත මහත්මිය නායකත්වය ලබාදෙන අතර මහේෂිකා රන්දුන්න, උපුල්මලී වෑත්තෑව, ශිරානි මංගලිකා, ඩබ්.ජී දිල්හානි, ප්‍රියාශා නිම්නාදි, කවිනි අමන්දා පෙරේරා, තාරුකා ශෙහානි මෙහි සෙසු සාමාජිකාවෝ වෙති. ගීත ගායනයෙන් මේ කණ්ඩායමට සහය වන එකම තරුණයා චමෝද් ධනංජයයි .
මුලින්ම 2007 වසරේ මෙම සංගීත කණ්ඩායම ආරම්භ කර ඇති අතර මහපොල ඇතුළු රටේ විවිධ ප්‍රදේශවල සංදර්ශන වලට සහභාගි වී තිබේ. එහෙත් පසුගිය කාලය තුළ පැවති යුද වාතාවරණය නිසා කටයුතු අඩාල වී තිබූ අතර දැන් රටතුළ සාමකාමි වාතාවරණයක් පවතින නිසා නැවත වරක් මේ සංගීත කණ්ඩායම ආරම්භ කරතිබේ.ඒ අනුව පසුගිය වසරේ දෙසැම්බර් 16දා කළුතර නගර ශාලාවේදි විෂන් ලේඩිස් නමින් ප්‍රසංගයක් පවත්වා තිබේ. මෙම සංගීත කණ්ඩායමේ දුරකතන අංක 0342235322 හා 0710899060 වෙයි.
සැම්සන් ප්‍රේමසිරි
කළුතර විශේෂ වාර්තාකරු