
බෙල්වුඩ් ආදි විද්‍යාථින්ගේ සංගමයට ආධාර පිණිස පවත්වනු ලබන ‘යොවුන් ගී මතක මංසල‘ සජීවී සංගීත ප්‍රසංගය එළැඹෙන දෙසැම්බර් 24 වන දින සවස 6.30ට මහරගම යොවුන් රඟහලේදී පැවැත් වීමට කටයුතු යොදා ඇත. මෙම ප්‍රසංගයේ විශේෂ ආරාධිතයා ලෙස බෙල්වුඞ් ආරම්භක සංගීත උපදේශක විශාරද ෂර්ලි වෛජයන්ත සහභාගි වන අතර, ගායනයෙන් චන්ද්‍රසේන හෙට්ටිආරච්චි, චන්දන ලියනාරච්චි, සෝමසිරි මැදගෙදර, විෙඡ් බණ්ඩාර වැලිතුඩුව, මාධව ඉදිකැටිය, චන්ද්‍රලේඛා පෙරේරා, ශාන්ත ජයලත් තිසේරා, ඇතුළු ජාතික තරුණසේවා සභාවේ බෙල්වුඞ් යොවුන් ගී කණ්ඩායමෙන් ගායන ෙක්ෂත්‍රයට පිවිසි ගායක ගායිකාවන් රැසක් සහභාගි වේ. ප්‍රසංගයේ සංගීත අධ්‍යක්ෂණය නුවන් සමරසිංහ ප්‍රමුඛ යූත් එක්ස් ට්‍රිරීම් සංගීත කණ්ඩායමෙනි. කථනය ප්‍රවීණ නිවේදක සේනක උභයසිංහ විසින් මෙහෙය වන අතර, නර්තන වින්‍යාසය ජාතික තරුණසේවා නර්තන කණ්ඩායමෙනි.